ගෙවුනු දවස අගෝස්තු 18 – පාපන්දු පිටිය උණුසුම් වේ

289
the recap August - 18(1)

අවිවේකි ජීවන දිවියක් ගත කරන ඔබට, එදිනෙදා මඟ හැරෙන ක්‍රීඩා පුවත් කෙටියෙන්, නිවැරදිව, සිංහලෙන් එකම ලිපියකින් ඉදිරිපත් කිරීමේ අරමුණින් ThePapare.com විසින් ඔබට “ගෙවුනු දවස” නමින් විශේෂාංග ලිපි මාලාවක් දිනපතා ඉදිරිපත් කරන්නෙමු. එහිදි සෑම සඳුදා දිනකම ඔබට පසු දින ඉරිදා සිදු වු පුවත් වලට අමතරව එම සතියේ පල වු විශේෂ පුවත් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු.

පාපන්දු

සුපිරි 8 දෙනා සටනට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාපන්දු තරගාවලිය වන ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලිය අගෝස්තු 27 දින සිට සුපිරි 8 දෙනාගේ වටයට පිවිසෙන අතර, මෙරට පාපන්දු ක්‍රීඩාවේ අභිමානවත් කිරුළ අත්පත් කරගැනීම සඳහා A හා B ලෙස කාණ්ඩ දෙකක් යටතේ දක්ෂතම කණ්ඩායම් 4ක් බැගින් කණ්ඩායම් 8ක් එකිනෙකා සමඟ තරග වැදීමට නියමිතයි. සුපිරි 8 දෙනාගේ වටය අාරම්භ කරමින් ප්‍රථම තරගය, රිනවුන් සහ බ්ලූ ස්ටාර් කණ්ඩායම් අතර කොළඹ තුරඟ තරග පිටියේ දී විදුලි ආලෝකය මධ්‍යයේ ප. ව. 6.00 ට ආරම්භ කිරීමට නියමිතයි.

සම්පූර්ණ ලිපිය: සුපිරි 8 දෙනා කුසලානයට සූදානම්


රියෝ ඔලිම්පික්  

හෙල්ල විසිකිරීමේ බලාපොරොත්තුවත් අවසානයි

හෙල්ල විසි කිරීම ඉසව්ව නියෝජනය කරමින් රියෝ ඔලිම්පික් බලා පිටත් වූ දක්ෂ ක්‍රීඩකයෙකු වන සුමේද රණසිංහ අද දිනයේ සිය සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයන් සදහා සහභාගී වුනු අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් බලාපොරොත්තුවක් තිබුනු ඔහුද මූලික වටයේ තරග වලින්ම ඉවත් වන්නට සිදුවිය.

තරගය මෙරට වේලාවෙන් උදෑසන 05.00 පමණ ආරම්භ වුනු අතර සුමේද තරග වැදුනේ A කාණ්ඩයේ ක්‍රීඩකයෙකු ලෙසිනි. එහිදි ලැබුනු වාර 3න් 2ක් පමණක් සාර්ථක කරගනිමින් ඔහුට වාර්තා කිරීමට හැකි වූයේ මීටර 69.62 සහ මීටර 71.93 ක් පමණි. ඒ සමග ඔහු තරගය නිම කලේ ක්‍රීඩකයින් ලැයිස්තුවේ 36වැනියා ලෙස සහ A කාණ්ඩයේ 18වැනියාද වෙමිනි.

සම්පූර්ණ ලිපිය: සුමේදගේත් බලාපොරොත්තුව බිදි යයි

දවසේ නිමාව