ශ්‍රී‌ ‌ලංකාවට‌ ‌එරෙහි‌ ‌වන‌ ‌බංගලි‌ ‌සංචිතය‌ ‌නම්‌ ‌කෙරේ‌ ‌

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය

160

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු එක්දින තරග දෙක සඳහා සහභාගී වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා. එම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්. 

පෞද්ගලික හේතුවක් මත නවසිලන්ත සංචාරය ක්‍රීඩා නොකළ තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasan නැවතත් කණ්ඩායමට කැඳවා තිබෙනවා. ඔහු අංක තුන ස්ථානයේ ක්‍රීඩා කරන අතර බ්‍රහස්පතින්දා පැවැත්වුණු පුහුණු තරගයේ දී ඔහු පන්දු 20කින් ලකුණු 28ක් රැස් කළා.

වමත් වේගපන්දු යවන ක්‍රීඩක Shoriful Islam සංචිතයේ සිටින එකම ජාත්‍යන්තර අත්දැකීමක් ලබා නැති ක්‍රීඩකයායි. වේගපන්දු යවන්නන් බල ඇණියේ සිටින අනෙක් ක්‍රීඩකයින් වන්නේ Taskin Ahamed, Mustafizur Rahman හා Mohommad Saifuddin.

Mehidy Hasan Miraz හා Mahedi Hasan කණ්ඩායමේ සිටින ප්‍රධානතම දඟපන්දු යවන්නන්. Afif Hossain හා Mosaddek Hossain පන්දු යැවීමට හැකි පිතිකරුවන් ලෙස කණ්ඩායමට නම් කර තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

Naim Sheikh, Taijul Islam, Shohidul Islam, Aminul Islam අතිරේක ක්‍රීඩකයින් ලෙස නම් කර තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලියේ අසාර්ථක වූ ආරම්භක පිතිකරු Najmul Hossain Shanto කණ්ඩායමෙන් ඉවත් කර තිබෙනවා. නවසීලන්ත සංචාරයේ දී පිතිකරණ ලැයිස්තුවේ ඉතා පහළින් ක්‍රීඩා කළ Soumya Sarkar කණ්ඩායමේ ස්ථානය ආරක්ෂා කරගෙන සිටිනවා.

ආබාධයන්ට ලක්ව සිටින Hasan Mahmud හා Rubel Hossain කණ්ඩායමට නම් කොට නැහැ.

පළමු එක්දින තරග දෙක සඳහා බංගලාදේශ සංචිතය – Tamim Iqbal (නායක), Liton Kumar Das, Shakib Al Hasan, Mushfiqur Rahim, Mohommad Mithun, Mahmadullah Riyad, Afif Hossain, Mehedy Hasan Miraz, Mohommad Saifuddin, Taskin ahamed, Mustafizur Rahman, Soumya Sarkar, Mosaddek Hossain, Mehedi Hasan, Shoriful Islam

අතිරේක ක්‍රීඩකයින් – Naim Sheikh, Taijul Islam, Shohidul Islam, Aminul Islam

bdcrictime ඇසුරෙන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<