සුමේදගේත් බලාපොරොත්තුව බිදි යයි

549
Sumedha

හෙල්ල විසි කිරීම ඉසව්ව නියෝජනය කරමින් රියෝ ඔලිම්පික් බලා පිටත් වූ දක්ෂ ක්‍රීඩකයෙකු වන සුමේද රණසිංහ අද දිනයේ සිය සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයන් සදහා සහභාගී වුනු අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් බලාපොරොත්තුවක් තිබුනු ඔහුද මූලික වටයේ තරග වලින්ම ඉවත් වන්නට සිදුවිය.

පසුගිය ලිපි: තරගාවලිය අහිමි වුවත් නිලුකට වටිනා ජයක්

තරගය මෙරට වේලාවෙන් උදෑසන 05.00 පමණ ආරම්භ වුනු අතර සුමේද තරග වැදුනේ A කාණ්ඩයේ ක්‍රීඩකයෙකු ලෙසිනි. එහිදි ලැබුනු වාර 3න් 2ක් පමණක් සාර්ථක කරගනිමින් ඔහුට වාර්තා කිරීමට හැකි වූයේ මීටර 69.62 සහ මීටර 71.93 ක් පමණි. ඒ සමග ඔහු තරගය නිම කලේ ක්‍රීඩකයින් ලැයිස්තුවේ 36වැනියා ලෙස සහ A කාණ්ඩයේ 18වැනියාද වෙමිනි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් පරිසාදන මට්ටමක් අභිබවා යමින් සහභාගී වුනු ප්‍ර‍ථම හෙල්ල විසිකිරීම ක්‍රීඩකයා වන සුමේද ඔලිම්පික් පරිසාදන මට්ටම ඉක්මවා ගියේ දකුණු ආසියානු පුහුණුවීම් තරගවලදි  මීටර් 83.04ක් වාර්තා කරමිනි. තවද ශ්‍රී ලංකා ජාතික වාර්තාවට හිමිකම් කියන්නේද ඔහුයි.

මෙම ඉසව්වේ ප්‍ර‍ථම ස්ථානය කෙෂෝර්න් වොල්කොට් මීටර් 88.68ක් වාර්තා කර අතර ජර්මන් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන ජොහැන්ස් වෙට්ටර් සහ ජූලියන් වෙබර් පිලිවෙලින් මීටර් 85.96ක් සහ මීටර් 84.46ක් වාර්තා කරමින් දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගන්නා ලදි. මෙම ඉසව්වේ අවසන් වටයේ තරග එලඹෙන 21වැනිදා පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායමේ නායකයා සහ ශ්‍රී ලංකා පදක්කම් අපේක්ෂාවේ අවසන් ක්‍රීඩකයා වන්නේ මැරතන් ඉසව්ව නියෝජනය කරමින් සහභාගි වු ඉන්ද්‍ර‍ජිත් කුරේය. ඔහු සහභාගී වන තරගය එලඹෙන 21වැනිදා පැවැත්වෙනු ඇත.

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට