ගෙවුනු දවස අගෝස්තු 15 – එක්දින සංචිතය නිකුත් වේ

465

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

   ක්‍රිකට්   

ඉන්දියාවට අභියෝගයක් වන්නට හැකි වෙයි ද?

Sri Lanka name strong squad for ODIs against India translation

මෙම මස 20 වන දා රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත, සංචාරක ඉන්දියානු කණ්ඩායම සමඟ තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ජාතික තේරීම් කමිටුව විසින් නම්කොට ඇත.

මීට පෙර ඉන්දියානු කණ්ඩායම සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට  තරග 3-0ක් ලෙස පූර්ණ තරගාවලි පරාජයකට මුහුණ දීමට සිදු වූ අතර ඊට පෙර පැවති සිම්බාබ්වේ කණ්ඩායම සමඟ එක්දින තරගාවලිය ද ශ්‍රී ලංකා කණ්ඩායම තරග 3-2ක් ලෙස පරාජයට පත්විය.

ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලැබූ වමත් දඟපන්දු යවන ක්‍රීඩක මලින්ද පුෂ්පකුමාර සහ වමත් වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු මෙහි දී ප්‍රථම වරට එක්දින සංචිතයක් සඳහා ඇතුළත් කර ඇති අතර සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති  තරගාවලියේ  සංචිතයට ඇතුළත් කරනු නොලැබූ මැදපෙළ පිතිකරු චාමර කපුගෙදර, තුන් ඉරියව් ක්‍රීඩක මිලින්ද සිරිවර්ධන සහ තිසර පෙරේරා ද මෙම සංචිතයට කැඳවා ඇත.

සම්පූර්ණ සංචිතය: ඉන්දියාවට එරෙහිව ප්‍රබල එක්දින සංචිතයක්!

 වොලිබෝල් 

ශ්‍රී ලංකාවට 13 තැන

Chathurika Ranasingha and wasana Madumalee celebrate winning a point - 19th Asian Senior Women's Volleyball Championship

19 වන වරටත් පැවැත්වෙන ආසියානු කාන්තා ජ්‍යෙෂ්ඨ වොලිබෝල් ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම වට 3-0ක් ලෙස මාලදිවයින් කණ්ඩායම පරාජයට පත්කරමින් එම තරගාවලියේ 13 වන ස්ථානය හිමි කර ගැනීමට ඊයේ (15) සමත් විය. මෙම තරගාවලියේ පිලිපීනයේ පැවැත්වේ.

ලෝක වොලිබෝල් ශ්‍රේණිගත කිරීමේ දී ශ්‍රී ලංකා කාන්තා වොලිබෝල් කණ්ඩායම 115 වන ස්ථානයේ පසුවන අතර, 9 සිට 13 දක්වා වූ ස්ථාන තෝරා ගැනීමට පැවැත්වූ තරගයේ දී ලෝක ශ්‍රේණිගත කිරීමේ 66 වන ස්ථානයේ පසුවන හොංකොං කණ්ඩායම තියුණු තරගයකින් පසුව වට 3-2ක් ලෙස පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

සම්පූර්ණ වාර්තාව: මාලදිවයින පරාජය කළ ශ්‍රී ලංකාවට 13 වන තැන

දිනයක අවසානය