කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
කුසලාන ශූරතාවය අපරාජිත රාජකීයයට

එමෙන් ඊයේ දිනයේ L. E. Blaze කුසලානය වෙනුවෙන් පැවති තරගයේ දී කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් විසින් වෙස්ලි ක්‍රීඩකයින්ට අමිහිරි පරාජයක් උරුම කරමින් 31-13ක් ලෙස තරගය පිට පිට දෙවැනි වරටත් L. E. Blaze කුසලානය සිය පාසලට රැගෙන යෑමට සමත් විය.
තවද විද්‍යාර්ථ ක්‍රීඩකයින් සහ ලුම්බිණි ක්‍රීඩකයින් ඊයේ නිත්තවෙල දී තරග කළ අතර ලුම්බිණි ක්‍රීඩකයින්ට දරුණු සත්කාරයක් ලබා දෙමින් විද්‍යාර්ථ ක්‍රීඩකයෝ 57-20ක් ලෙස තරග නිමා කළහ.
ඊයේ දිනයේ පැවති අවසන් තරගය වූ ත්‍රිත්ව – සහිරා ගැටුමෙන් 34-15ක් ලෙස ජයක් ලබා ගත් ත්‍රිත්වයින් තරගාවලියේ 6 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.
>> සියලු තරග වාර්තා සඳහා පිවිසෙන්න මෙතැනින් <<
කුසල් මෙන්ඩිස් ශතකය ආසන්නයේ

ඒ අනුව තරගය ශ්‍රී ලංකාව වෙත නතු කර ගැනීමට නම් අවසාන දිනයේ දී ඔවුන් තවත් ලකුණු 277ක් ලබා ගත යුතුයි. ඒ වෙනුවෙන් ඔවුන් සතුව ඇත්තේ තවත් කඩුලු 7ක් පමණි.
තරගයේ සිව්වැනි දිනය අයහපත් කාලගුණය මත නතර කරන විට නොදැවී පිටියේ රැඳී සිටින ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 94ක් ලබා සිටියේ ය.
සම්පූර්ණ වාර්තාව: පොඩි කුසල් ශ්‍රී ලංකාවට බලාපොරොත්තු ගෙනේ
කනිෂ්ඨ ක්‍රීඩිකාවෝ ජපානයේ දී තවත් පදක්කම් දෙකක් දිනයි

බාලිකා මීටර 800 ඉසව්ව 2:04.53ක කාලයකින් නිමා කරමින් සිය හොඳම පෞද්ගලික දක්ෂතාවය ද, ශ්‍රී ලංකා කනිෂ්ඨ ජාතික වාර්තාවක් ද පිහිටුවමින් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ඇය සමත් විය.
මීටර් 3000 බාලිකා බාධක දිවීමේ ඉසව්ව නියෝජන කළ 17 හැවිරිදි පාරමී වසන්ති ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් රන් පදක්කමක් දිනා ගැනීමට ඊයේ සමත් විය. ඇයගේ හොඳම පෞද්ගලික කාලය ලෙස 10:21.54කින් ඉසව්ව අවසන් කළ ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් සයවැනි පදක්කම දිනා දීමට සමත් විය.
සම්පූර්ණ වාර්තාව: 17 හැවිරිදි පාරමි ආසියාව පරාජය කරමින් රන් පදක්කමක් දිනයි






















