සාන්ත තෝමස් රෙජීමයේ නායකත්වය රෙවංකට!

109

පසුගිය පාසල් රග්බි ලීගයේ ප්‍රබල කණ්ඩායම්වලට විශාල අභියෝගයක් වුණු ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් කණ්ඩායමේ, එළඹෙන පාසල් රග්බි තරග වාරයේ නායකත්වය රෙවංක අබේවර්ධනට ලබා දී ඇත.

ඉසිපතන රග්බි නායකත්වය පළපුරුදු සුපුරුදු අතකට

එළඹෙන 2020 නව රග්බි තරග වාරය සඳහා ඉසිපතන විද්‍යාලයේ පළමු ….

කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු ද වන රෙවංක කණ්ඩායමේ තුන්වැනි වසරේ වර්ණලාභියෙකි. “No.8” ස්ථානයේ ක්‍රීඩා කරමින් පසුගිය වර්ෂයේ දී කණ්ඩායම වෙනුවෙන් විශාල සේවයක් ඉටු කළ රෙවංක කණ්ඩායමේ සුවිශේෂී ස්ථානයක් රැක ගැනීමට සමත් විය.

2000 වර්ෂයේ දී ගවීන් ජයසේකරගේ නායකත්වය යටතේ පාසල් රග්බි ලීග් ශූරතාව ජය ගැනීමෙන් පසු සාන්ත තෝමස් විදුහලට පාසල් ලීගයේ එතරම් ඉහළ දස්කම් පාන්නට නොහැකි වුනත් පසුගිය වසරේ දී තරග 9න් 5ක්ම ජය ගනිමින් ඉතා හොඳින් දස්කම් දක්වන්නට ඔවුන්ට හැකි විය.

“ශූරයින්ගේ මාරයා” හසුරවන්නට නව මුහුණක්!

පසුගිය පාසල් රග්බි ලීගයේ ප්‍රබල කණ්ඩායම්වලට විශාල අභියෝගයක් …..

එළඹෙන තරග වාරයේ දීත් කණ්ඩායමේ භාරකාරීත්වය, අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු වන ශම්ලි නවාස් හට හිමිවී ඇති අතර සහය පුහුණුකරුවන් ලෙස පසුගිය තරග වාරයේදීත් සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් සේවය සැපයූ අසංක රුද්‍රිගෝ සහ ඩිලාන් ද සොයිසා හට හිමිවී ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<