කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
දිනය නිමාවෙද්දී කඩුලු 14 දැවී යයි

දඟපන්දු යවන්නන්ට පරාදීසයක් බඳු මිර්පුර් ක්‍රීඩාංගණයේ ඊයේ (08) දෙපිලේ කඩුලු 14ක් දැවී ගිය අතර ඉන් කඩුලු 9කම හිමිකාරීත්වය දඟපන්දු යවන්නන් වෙත හිමි විය.
ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 222 (65.3) කුසල් මෙන්ඩිස් 68, ධනංජය ද සිල්වා 19, රොෂේන් සිල්වා 56, දිල්රුවන් පෙරේරා 31, අකිල ධනංජය 20, අබ්දුර් රසාක් 4/63, තයිජුල් ඉස්ලාම් 4/83, මුස්ටෆිසුර් රහමන් 2/17
බංග්ලාදේශය; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 56 (22.0) ඉම්රුල් කයිස් 19, ලිටන් ඩාස් නොදැවී 24, සුරංග ලක්මාල් 2/15
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා පන්දු යවන්නෝ එකට එක කරති
කෞෂාල් සිල්වා නොදැවුණු ඉනිමෙන් ජය එස්. එස්. සී. ට

පළඟ කුසලාන තරගාවලියේ දී ඊයේ පැවැත්වූ තරගවලින් වැඩි වාසිය ලබා ගැනීමට මුවර්ස්, බදුරලිය හා සී. සී. සී කණ්ඩායම් සමත් විය.
බී. ආර්. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 200 (63.4) හර්ෂ විතාන 77, රුමේෂ් බුද්ධික 25, ටී. එම්. සම්පත් 42, සචිත්‍ර සේනානායක 2/49, ආකාශ් සේනාරත්න 5/52
එස්. එස්. සී; පළමු ඉනිම සියලුම දෙනා දැවී 199 (62.4) මිනෝද් භානුක 35, කෞෂාල් සිල්වා 42, මිලින්ද සිරිවර්ධන 23, චරිත් අසලංක 29, චාමර කපුගෙදර 33, ටී. එන්. සම්පත් 2/54, චාමිකර එදිරිසිංහ 2/40, හෂේන් රාමනායක 6/18
බී. ආර්. සී; දෙවැනි ඉනිම සියල්ලන්ම දැවී 183 (76.2): හශේන් රාමනායක 36, අකාශ් සේනාරත්න 4/36, කසුන් මදුසංක 3/51, සචිත්‍ර සේනානායක 3/39.
එස්. එස්. සී; දෙවන ඉනිම -187/2 (39.5): කෞශාල් සිල්වා 85*, මිලින්ද සිරිවර්ධන 66
සම්පූර්ණ වාර්තාව: කෞෂාල් – මිලින්ද එස්. එස්. සී. ජයග්‍රහණය කරා රැගෙන යයි
ආනන්ද ධර්මරාජ තරගෙට වැස්ස හරස් වෙයි

ඊයේ ආරම්භ වූ තරගවල දී මහානාම විද්‍යාලයේ සොනාල් දිනූෂ හා තර්ස්ටන් විද්‍යාලයේ නිපුන් ලක්ෂාන් ශතක ලබා ගත්හ.
ධර්මරාජ විද්‍යාලය – 137/10 (45.2): දුලාජ් බණ්ඩාර 73, ඉසුරු දයානන්ද 24, අසේල සිගේරා 3/32.
ආනන්ද විද්‍යාලය – 128/2 (21): කනිශ්ක රන්තිලකගේ 72*, දුශාන් හෙට්ටිගේ 25.
සම්පූර්ණ වාර්තාව: මහානාම හා තර්ස්ටන් ක්‍රීඩකයෝ ශතක වාර්තා කරති





















