මහානාම හා තර්ස්ටන් ක්‍රීඩකයෝ ශතක වාර්තා කරති

265

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරග රැසක් අද (8) පළමු දිනයට ආරම්භ  විය. ඒ අතුරෙන් තරග දෙකක් අද නිමා වූ අතර එයින් එක් තරගයක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වෙද්දී අනෙක් තරගය අවසන් වූයේ සාන්ත සර්වේසස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් හිමි කර දෙමිනි.

අද ආරම්භ වූ තරගවල දී මහානාම විද්‍යාලයේ සොනාල් දිනූෂ හා තර්ස්ටන් විද්‍යාලයේ  නිපුන් ලක්ෂාන් ශතක ලබා ගත්හ.

දුලාජ් හා අංජන අර්ධ ශතක ඉනිම් දියත් කරයි

වාර්ෂික පාසල් ක්‍රිකට් සමයේ උණුසුම ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින මොහොතක පැවැත්වෙන…

ආනන්ද විද්‍යාලය හා ධර්මරාජ විද්‍යාලය

ධර්මරාජ ක්‍රීඩා පිටියේ දී පැවති මේ තරගයේ ඊයේ (07) දිනය අවසන් වන විට ආනන්ද විද්‍යාල පළමු ඉනිම එක් කඩුල්ලක් දැවී ලකුණු 74යි. ඔවුන් කඩුලු දෙකක් දැවී ලකුණු 128ක් ලබාගෙන සිටිය දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය පැවැත්වීමට නොහැකි විය. ඒ නිසා මේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. කනිශ්ක රන්තිලකගේ ලකුණු 72*යි.

ධර්මරාජ විද්‍යාලය – 137/10 (45.2): දුලාජ් බණ්ඩාර 73, ඉසුරු දයානන්ද 24, අසේල සිගේරා  3/32.

ආනන්ද විද්‍යාලය  – 128/2 (21): කනිශ්ක රන්තිලකගේ 72*, දුශාන් හෙට්ටිගේ 25.


මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය හා වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය

C කාණ්ඩයේ තරගයක් වූ මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට සාන්ත සර්වේසස් විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 59ක් ලබාගෙන තිබුණි. කාසියේ වාසිය ජයග්‍රහණය කළ සාන්ත සර්වේසස් විද්‍යාලය කටුනේරිය සාන්ත සෙබස්තියන් පිටියේ පළමුව පන්දු රකින ලදි.

සුපුන් කාවින්දගේ ලකුණු 67ත් සමඟින් සාන්ත සර්වේසස් විද්‍යාලය සිය පළමු ඉනිමේ ජයක් තහවුරු කර ගත්තේ ලකුණු 256ක් ලබා ගනිමිනි. ඉනිමක පරාජයෙන් ගැලවීමට සාන්ත ජෝසප් වාස් විද්‍යාලය ලකුණු 87ක් ලබා ගැනීමට අවශ්‍යව තිබූ අතර නිපුන් දනංජය නොසිටින්නට සාන්ත සර්වේසස් විද්‍යාලයට පහසුවෙන්ම ඉනිමක ජයක් ලබා ගන්නට හැකියාවක් තිබුණි.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – 169/10 (47.3): අංජන රුක්මාල් 55, නිපුන් දනංජය 39, තිලාන් ප්‍රදීප්ත 25, ශසික දුල්ශාන් 6/21.

සාන්ත සර්වේසස් විද්‍යාලය – 256/10 (86.2): සුපුන් කාවින්ද 68, චෙතක දෙනුවන් 37, කේෂර නුවන්ත 33, නිපුන් දනංජය 5/68, දිනෙත් ප්‍රනාන්දු 3/67.

සාන්ත ජෝසප් වාස් විද්‍යාල දෙවන ඉනිම –  96/9d (46): නිපුන් දනංජය 55, ශසික දුලශාන් 7/24.

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ එකට එක කරති

ඩකා නුවර මිර්පුර් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බංග්ලාදේශ – ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් තරගයේ …


සාන්ත ජෝසප් විද්‍යාලය හා සාන්ත අන්තෝනි විද්‍යාලය කටුගස්තොට

මුරලි – වාස් කුසලානය වෙනුවෙන් පැවැත්වූ මේ තරගයේ අද දිනය නිමා වන විට සංචාරක සාන්ත අන්තෝනි විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 93යි.

කාසියේ වාසිය දිනාගත් සාන්ත ජෝසප් නායක ජෙහාන් ඩැනියල් පළමුව පිතිකරණයේ නිරත වීමට තීරණය කරන ලදි. ඔහු ලකුණු 77ක් සිය විද්‍යාලය වෙනුවෙන් රැස් කළේය. ඊට අමතරව නිපුන් සුමනසිංහ හා දිනෙත් ජයකොඩි අර්ධ ශතක වාර්තා කළහ.

සාන්ත ජෝසප් විද්‍යාලය – 299/7d (70): ජෙහාන් ඩැනියල් 77, නිපුන් සුමනසිංහ 63, දිනෙත් ජයකොඩි 53, රෙවාන් කෙලී 29, කල්හාර සේනාරත්න 3/79.

සාන්ත අන්තෝනි විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 93/4 (19):


මලියදේව විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලය

නිපුන් ලක්ෂාන්ගේ ශතකයෙන් වර්ණවත් වූ මේ තරගය කුරුණෑගල දී පැවැත්විය. කාසියේ වාසිය දිනාගත් තර්ස්ටන්  විද්‍යාලය පළමුව පන්දු යවා මලියදේව විද්‍යාල පළමු ඉනිම ලකුණු 135කට සීමා කරන ලදි. දක්ෂ ලෙස පන්දු යැවූ යෙශාන් වික්‍රමාරච්චි කඩුලු 5යි. තර්ස්ටන් විද්‍යාලය අද දිනයට තරගය නවතා දමන විට කඩුලු 9ක් දැවී ලකුණු 313ක් ලබා සිටින්නේ පළමු ඉනිම ජයග්‍රහණය කරමිනි.

මලියදේව විද්‍යාලය – 135/10 (33.5): චාලක අතපත්තු 42, බ්‍රයන් කරුණානායක 41, යෙශාන් වික්‍රමාරච්චි 5/26, බිමර රණතුංග 3/31.

තර්ස්ටන් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 313/9 (61): නිපුන් ලක්ෂාන් 107*, නිමේෂ් පෙරේරා 57, බවන්ත ජයසිංහ 51, පසිඳු තෙන්නකෝන්  2/40.


සාන්ත පීතර විද්‍යාලය හා සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

ශැනොන් ප්‍රනාන්දු හා රන්මිත් ජයසේන අර්ධ ශතක ලබාගත් මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. අද දිනයට තරගය නවතා දමන විට සාන්ත බෙනඩික්ට් විද්‍යාල ලකුණු පුවරුව කඩුලු 3ක් දැවී ලකුණු 65යි. සත්කාරක  සාන්ත පීතර විද්‍යාලය ලකුණු 259ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්හිටුවන ලදි.

සාන්ත පීතර විද්‍යාලය – 259/7d (61): ශැනොන් ප්‍රනාන්දු 77, රන්මිත් ජයසේන 58, ශිවාන් පෙරේරා 37*.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 65/3 (34):


පානදුර සාන්ත ජෝන් විද්‍යාලය හා ඉසිපතන විද්‍යාලය

කාසියේ වාසිය දිනාගත් ඉසිපතන විද්‍යාලය පළමුව පන්දු යැවූ මේ තරගය තර්ස්ටන් පිටියේ දී පැවැත්විය.

සාන්ත ජෝන් විද්‍යාලය වෙනුවෙන් ප්‍රවීන් සඳමල් ලකුණු 56*යි. සාන්ත ජෝන් ඉනිම ලකුණු 179කට සීමා කිරීමට මදුෂික සඳරුවන් ඇතුළු ඉසිපතන පන්දු යවන්නන් සමත් විය. මදුෂික සඳරුවන් කඩුලු 4යි. පළමු දිනයට තරගය අවසන් වන විට ඉසිපතන විද්‍යාලය සාන්ත ජෝන් විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 97ක් පසුපසින් සිටියි.

සාන්ත ජෝන් විද්‍යාලය – 179/10 (62): ප්‍රවීන් සඳමල් 56*, පසන් පෙරේරා 42, මදුෂික සඳරුවන් 4/35.

ඉසිපතන විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 82/3 (32.2): සංජුල බණ්ඩාර 32.


වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය හා කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය

B කාණ්ඩයේ තරගයක් ලෙස මෝදර දී ක්‍රියාත්මක වූ මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් සාන්ත මරියා විද්‍යාලය පළමුව පන්දු යවන ලදි. සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිමට ලකුණු 69ක් එක් කිරීමට සංක මදුභාෂණ සමත් විය. සජීව රන්ජිත් ලකුණු 69ක් තුල කඩුලු 5ක් දවා ගන්නා ලදි.

ඉන් අනතුරුව සිය පිළිතුරු පළමු ඉනිම දියත් කළ සාන්ත මරියා විද්‍යාලය වෙනුවෙන් ගජිත කොටුවේගොඩ නොදැවී ලකුණු 92* වාර්තා කළේය. තිමිර කුමාර ලකුණු 64යි.

සාන්ත අන්තෝනි විද්‍යාලය – 174/10 (39.1): සංක මදුභාෂණ 69, හරින්ද පසිඳු 26, සජීව රන්ජිත් 5/69.

සාන්ත මරියා විද්‍යාලය – 213/3 (40): ගජිත කොටුවේගොඩ 92*, තිමිර කුමාර 64.

අකිලගේ අලුත් කසාදය

කසාදය යනු තනිකඩයාට මැජික් එකකි. විවාහකයාට කැපකිරීම් කිරීම අනිවාර්ය කරන්නකි. ටෙස්ට් ක්‍රිකට් …


ධර්මාශෝක විද්‍යාලය හා මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

කාසියේ වාසිය දිනාගත් සාන්ත සෙබස්තියන් විද්‍යාලයට වැඩි වාසි ලැබුණු මේ තරගය මොරටුවේ දී පැවැත්විය. ප්‍රවීන් ජයවික්‍රමගේ කඩුලු 4 ඇතුළු සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ දස්කම් නිසා ධර්මාශෝක විද්‍යාල පළමු ඉනිම ලකුණු 76කට සීමා විය. දිනය අවසන්වත්ම  සාන්ත සෙබස්තියන් විද්‍යාල පළමු ඉනිම ලකුණු 321කට සීමා විය. නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 55යි.

ධර්මාශෝක විද්‍යාලය – 76/10 (34): චමිදු ඩිල්ශාන් 24, ප්‍රවීන් ජයවික්‍රම 4/23.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 321/10 (60.4): නුවනිඳු ප්‍රනාන්දු 55, ප්‍රවීන් කුරේ 46, ෂෙනාල් ප්‍රනාන්දු 42, මලින්ත පිරිස් 42, තරුෂ ප්‍රනාන්දු 33, ප්‍රවීන් ජයවික්‍රම 31, නිමේෂ් මෙන්ඩිස් 3/36, සංජන මෙන්ඩිස් 3/59, කවිඳු නදීෂාන් 3/98.


ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය හා මාතර සාන්ත තෝමස් විද්‍යාලය

මාතර උයන්වත්ත ක්‍රීඩා පිටියේ පැවැත්වූ මේ තරගය A කාණ්ඩයේ තරගයකි. බණ්ඩාරනායක විද්‍යාල පළමු ඉනිම අනපේක්ෂිත ලෙස ලකුණු 70කට සීමා විය. මලීෂ ද සේරම් කඩුලු 5යි. අනතුරුව කාසියේ වාසිය දිනාගත් සාන්ත තෝමස් විද්‍යාලය සිය පිළිතුරු ඉනිම දියත් කළේය. මිහිසල් අමෝද හා හිරන්ත ලක්ෂාන් අර්ධ ශතක ලබා ගත්හ.

බණ්ඩාරනායක විද්‍යාලය – 70/10 (28.5): හචිත තිමාල් 29, මලීෂ ද සේරම් 5/23, සිනෙත් සිතාර 3/08.

සාන්ත තෝමස් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 124/2 (33): මිහිසල් අමෝද 66* , හිරන්ත ලක්ෂාන් 51*.


මහින්ද විද්‍යාලය හා සාන්ත ඇලෝසියස් විද්‍යාලය

කාසියේ වාසිය දිනාගත් සත්කාරක මහින්ද විද්‍යාලය වෙනුවෙන් අශේන් කණ්ඩම්බි හා කවිඳු එදිරිවීර අර්ධ ශතකයක් ලබා ගත්හ. අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 276ක් ලබා සිටිය දී ඔවුන් සිය පළමු ඉනිම අත්හිටුවන ලදි. හරීන් බුද්ධිල කඩුලු 4යි. දිනයේ නිමාව සටහන් වන විට සාන්ත ඇලෝසියස් විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 32යි.

මහින්ද විද්‍යාලය – 276/7d (82.3): අශේන් කණ්ඩම්බි 85, කවිඳු එදිරිවීර 59*, කේ. කේ කෙවින් 48, නවෝද් පරණවිතාන 26, හරීන් බුද්ධිල 4/88.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 32/1 (18):


මහානාම විද්‍යාලය හා මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

B කාණ්ඩයේ තරගයක් වූ මෙහි දී සොනාල් දිනූෂ සුපිරි ශතකයක් ලබා ගත්තේය. කදිරාන පිටියේ දී කාසියේ වාසිය දිනාගත් මාරිස් ස්ටෙල්ලා විද්‍යාල පන්දු යවන්නන් මහානාම පළමු ඉනිම ලකුණු 50කට සීමා කළේය.

මහානාම විද්‍යාලය – 250/10 (91): සොනාල් දිනුෂ 123*, පවන්ත වීරසිංහ 31, පසිඳු උෂෙට්ටි 4/68, රවිඳු ප්‍රනාන්දු  3/61.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 2/0 (2):

සාන්ත ජෝසප් විද්‍යාලය හා මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය අතර මුරලි වාස් කුසලානය වෙනුවෙන් පැවැත්වෙන පාසල් ක්‍රිකට් තරගයේ දෙවන දිනය හෙට (9) උදෑසන 9.30 සිට සජීව ලෙස ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<