කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.
චන්දිමාල් නොසැලි ශතකයක් වෙත
වර්තමානයේ ශ්‍රී ලංකාව සතු විශ්වාසනීයම ටෙස්ට්
පිතිකරුවා වන දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කළ සුපිරි ඉනිම නිසා ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 419ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට ඊයේ (29) ශ්‍රී ලංකාවට හැකි විය.
ඒ අනුව පසුගිය කාලයේ ඉතාමත් අසාර්ථක වූ ශ්‍රී ලංකා පිළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ක්‍රීඩා කළ පළමු ඉනිමේ දී ම මේ අයුරින් සාර්ථක වීම සැනසුමට කරුණක් වී තිබේ. කෙසේ වෙතත් ඊයේ සන්ධ්‍යා කාලයේ පිටියට පිවිසි පාකිස්තානු පිතිකරුවන් ද පහසුවෙන් සටන අත් හරින බවක් පෙනෙන්නට නොමැත.
ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 419 (පන්දුවාර 154.5): දිනේෂ් චන්දිමාල් 155*, දිමුත් කරුණාරත්න 93, නිරෝෂන් දික්වැල්ල 83, දිල්රුවන් පෙරේරා 33, මොහොමඩ් අබ්බාස් 3/75, යසීර් ෂා 3/120, හසන් අලි 2/88.
පාකිස්තානය – කිසිවෙකු නොදැවී ලකුණු 64 (පන්දුවාර 23): ශාන් මසූඩ් 30*, සමී අස්ලාම් 31*.
සම්පූර්ණ වාර්තාව: දෙවැනි දිනය වර්ණ ගන්වමින් චන්දිමාල්ගෙන් විශිෂ්ට ශතකයක්!

සිංගර් ආයතනයේ අනුග්‍රාහකත්වය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (29) ආරම්භ විය. එම තරගවල ලකුණු සටහන් පහත පරිදි වේ
සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම – 250/10 (64.4): සචින් සිල්වා 80*, මොහොමඩ් අමීන් 41, සාලිත් ප්‍රනාන්දු 36, ලශේන් රොද්‍රිගෝ 23, සෙනාල් දංගල්ල 3/56, මොවින් සුභසිංහ 3/56
වෙස්ලි විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 58/3 (30): සහිල් ඩයස් 25, සචින් සිල්වා 3/19
සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම – 244/10 (69.1): ඩෙලෝන් පීරිස් 65, ක්‍රිශාන් මුණසිංහ 44, මනීශ රූපසිංහ 37, ශලින් ද මෙල් 24, මොහොමඩ් ආදිල් 5/66, මොහොමඩ් රිෆාත් 3/50.
සහිරා විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 42/5 (18): මොහොමඩ් ශමාස් 20, කළණ පෙරේරා 3/09.
සම්පූර්ණ වාර්තාව: සචින් සිල්වාගෙන් ඉන්ද්‍රජාලික පිතිකරණයක්
ක්‍රිකට් ගොඩනගන්න සංගාත් එකතු වෙයි

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ සංගක්කාරට අමතරව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ද එම විශේෂ උපදේශන කමිටුවට නම් කර ඇති බවයි. එම කමිටුවේ මුලසුන හේමක අමරසූරිය මහතා විසින් දරන අතර, ඒ මහතාට අමතරව හිටපු ශ්‍රී ලංකා කණ්ඩායම් නායක අනුර තෙන්නකෝන් හා අරවින්ද ද සිල්වා යන මහත්වරුන් ද මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා වෛද්‍ය විද්‍යා අධ්‍යක්ෂක ලක්ශ්මන් එදිරිසිංහ මහතා ද එම කමිටුවට ඇතුළත් කර ඇත.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනගන්න සංගා පෙරට
ශ්‍රී ලංකා A කණ්ඩායම ධනංජයට

මැදපෙළ පිතිකරු ධනංජය ද සිල්වා මෙම සංචිතයේ නායකයා ලෙස තෝරා ඇති අතර, පසුගිය වර්ෂයේ 19න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රීඩා කළ චරිත් අසලංක හට මෙම සංචිතයේ උපනායකත්වය හිමිව ඇත. ඔවුන් දෙදෙනාම ආදී රිච්මන්ඩ් ක්‍රීඩකයින් ය.
ශ්‍රී ලංකා A කණ්ඩායම මෙම තරගාවලිය තුළ නිල නොවන සිව්දින ටෙස්ට් තරග 3කට හා නිල නොවන එක්දින තරග 3කට සහභාගි විට නියමිතයි.
සම්පූර්ණ වාර්තාව: ධනංජයට නායකත්වය; සුපිරි කණ්ඩායමක් කොදෙව් රටට























