ගෙවුනු දවස සැප්තැම්බර් 12 – ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් පූර්ව වටයට

248

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

ක්‍රිකට් –

තරගයේ වීරයා දිනුක් 

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර ඊයේ (12) පැවැත්වූ තරගය, කඩුලු 7කින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව (BMS) මූලික වටයේ සහභාගි වූ තරග සියල්ලම ජයග්‍රහණය කරමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

Red Bull විශ්ව විද්‍යාල ක්‍රිකට් තරගාවලියේ ජාත්‍යන්තර මට්ටමේ අවසන් තරගාවලියට සමගාමීව පැවැත්වෙන මෙම තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ සිම්බාබ්වේ කණ්ඩායම පී. සරා ඕවල් පිටියේ දී පළමුව පන්දුවට පහර දීම හොඳ යැයි තීරණය කළේය.

සිම්බාබ්වේ – 108/10 (20): ශැඩ්රෙක් ටපිවා 23, මිසින්ගෙයා මඩ්ලොන්ගවා 20, මනෝජ් සරත්චන්ද්‍ර 2/04, ගේශාන් විමලධර්ම 2/15, කොශාන් ජයවික්‍රම 2/21.

ශ්‍රී ලංකාව – 109/3 (10.5): දිනුක් වික්‍රමනායක 31*, තිලක්ෂ සුමනසිරි 30, සුපේශල ජයතිලක 15*, ටැවැඩ්වන්ෂේ මැක්වේනා 2/19.

තරගයේ වීරයා – දිනුක් වික්‍රමනායක (ශ්‍රී ලංකාව – BMS)

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් 4ට

පාපන්දු –

සහිරා ක්‍රීඩකයින් රාජකීයයෝ පරදවයි

මරදාන සහිරා විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර ඊයේ (12) මරදාන සහිරා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ දී ගෝල 5-0 ක පහසු ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට සහිරා විද්‍යාලයීය කණ්ඩායම සමත් විය.

වයස අවුරුදු 18න් පහළ අන්තර් පාසල් පළමු කාණ්ඩයේ පාපන්දු තරගාවලිය යටතේ පැවති මෙම තරගයේ පටන් ගැන්මේ සිටම ප්‍රතිවාදී රාජකීය විද්‍යාලයීය කණ්ඩායමට ප්‍රබල පීඩනයක් එල්ල කරමින් ක්‍රීඩා කරන්නට සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයින් සමත් විය.

පළමු අර්ධය: සහිරා විද්‍යාලය 1 – 0 රාජකීය විද්‍යාලය   

සම්පූර්ණ කාලය: සහිරා විද්‍යාලය 5 – 0 රාජකීය විද්‍යාලය   

ThePapare.com තරගයේ වීරයා – මොහොමඩ් රෂීඩ්

සම්පූර්ණ වාර්තාව: රාජකීයයන් හමුවේ සහිරා විද්‍යාලයට පහසු ජයක්

 

දිනයක අවසානය