කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
පිතිකරණය අසාර්ථකයි

පසුගිය තරග රැසක් පුරාවටම ශ්‍රී ලංකා පිතිකරුවන් කිසිදු ධනාත්මක ලක්ෂණයක් පෙන්නුම් නොකිරීම නිසා මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රපාතයකට ඇදී යාම නතර කිරීම ඉතාමත් අපහසු වී තිබේ.
ශ්‍රී ලංකාව – සියල්ලන්ම දැවී ලකුණු 102 (පන්දුවාර 18.3): සීක්කුගේ ප්‍රසන්න 23*, සදීර සමරවික්‍රම 23, ධනුෂ්ක ගුණතිලක 18, අශාන් ප්‍රියන්ජන් 12, හසන් අලි 3/23, මොහොමඩ් හෆීස් 2/10, උස්මාන් කාන් 2/20.
පාකිස්තානය – කඩුලු 3ක් දැවී ලකුණු 103 (පන්දුවාර 17.2): ශොයිබ් මලික් 42*, මොහොමඩ් හෆීස් 25*, අහමඩ් ශෙෂාඩ් 22, විකුම් සංජය 2/20, සචිත් පතිරණ 1/25.
සම්පූර්ණ වාර්තාව: පිතිකරණය නැවතත් අසාර්ථකයි; විස්සයි විස්ස පළමු ජය පාකිස්තානුවන්ට!
කවිඳුගෙන් ශතකයක්

එහි දී මහින්ද විදුහලට එදිරිව සාන්ත ජෝසප් විදුහලත්, සාන්ත පීතර විදුහලට එදිරිව මැසනොඩ් විදුහලත්, ලුම්බිණි විදුහලට එදිරිව සාන්ත තෝමස් විදුහලත්, තර්ස්ටන් විදුහලට එදිරිව බණ්ඩාරනායක විදුහලත් සහ අවසන් වශයෙන් ගුරුකුල විදුහලට එදිරිව නාලන්ද විදුහලත් අතර තරග බිමට පිවිසියහ.
මහින්ද විද්‍යාලය පළමු ඉනිම – 280/9 dec (91): කවිඳු එදිරිවීර 101, හේශාන් කාවින්ද 76, නවෝද් පරණවිතාන 42, ගෙශාන් කාවින්ද 41, හංසික වැලිහිඳ 21, දුමිත් වෙල්ලාගේ 5/77, අශේන් ඩැනියල් 2/64.
සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 31/3 (10): රීවාන් කෙලී 22*, නිපුන් මාලිංග 3/01.
ගුරුකුල විද්‍යාලය පළමු ඉනිම – 93/10 (34.1): මලිඳු විදුරංග 20, රවීන් ද සිල්වා 3/17, චමිඳු විජේසිංහ 2/21.
නාලන්ද විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 54/3 (15): ලක්ෂිත රසාංජන 27*, ලසිඳු අයේෂ් 2/08.
සම්පූර්ණ වාර්තාව: කවිඳුගෙන් ශතකයක්; ගුණතිලක ශතකය පෙනෙන මානයේ






















