ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරග අද (18) පැවැත්වීමට නියමිතය තිබුණ ද පැවැති වර්ෂාව හේතුවෙන් එම තරග ද්විත්වය ම හෙට (19) දිනය දක්වා කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.
ඒ අනුව අද දවසේ දී කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී කොළඹ දකුණ සහ ගාල්ල අතර තරගයත් මෙන් ම කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී කොළඹ උතුර සහ දඹුල්ල අතර තරගයක් අතහැර දැමුණ තරග ලෙසින් තරගාවලියට එක් වුණා. කෙසේ වෙතත් හෙට දිනයේ දී පැවැත්වීමට නියමිතව ඇත්තේ මෙම තරගයි.
- නේක්ෂ, කනිල්ක සහ දුල්සිත් දක්ෂතා දක්වයි
- ශ්‍රී ලංකාව T20 තරගාවලිය සම කරමින් විශිෂ්ට ජයක් ලබයි!
- රන් සටනේ විස්සයි විස්ස ජය සේනානායකවරුන්ට
- ආණ්ඩුකාරවරුන්ගේ කුසලානය Saracens දිනා ගනී
- ඉන්දියාව හොල්ලන දෙවැනි මාලිංගගේ IPL දක්ෂතා
පැවැති අයහපත් කාලගුණ තත්ත්වය යටතේ පළමුවෙන් ම තර්ස්ටන් විද්‍යාලයීය විද්‍යාලයීය පිටියේ දී පැවැත්වීමට නියමිත ව තිබූ කොළඹ දකුණ සහ දඹුල්ල අතර තරගය අතහැර දැමුණා.
එම තරගය අතහැර දැමීමෙන් පසුව තවත් පැයක පමණ ප්‍රමාදයකින් පසුව එම හේතුව නිසාවෙන් ම කොළඹ දකුණ සහ ගාල්ල අතර තරගය ද විසඳුමකින් තොරව අවසන් වූ තරගයක් ලෙසින් අතහැර දැමුණා.
මෙම තරග කල් දැමීම හේතුවෙන් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරගය මේ මස 20 වැනිදා දක්වා කල් දැමීමට තරග සංවිධායකයන්ට සිදූ වූවා.
වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<




















