ගෙවුණු දවස ඔක්තෝබර් 10 – ශ්‍රී ලංකාවට විජයග්‍රාහී දිනයක්

269

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ ශ්‍රී හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.

   ක්‍රිකට්   

ටෙස්ට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

SL vs PAK - 2nd Test - Day 5ඉතිහාසයේ කිසිදු ප්‍රබල කණ්ඩායමකට මැද පෙරදිග දී දැක්වීමට නොහැකි වූ වික්‍රමයක් සිදු කිරීමට ඊයේ (10) ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය. ඒ 2010 වසරේ පාකිස්තානු පිළ මැද පෙරදිග තරග කිරීම පටන් ගත්දා සිට මේ වන තෙක් වූ දීර්ඝ කාල සීමාව තුල දී පළමු වරට පාකිස්තානය, මැද පෙරදිග දී පැවති ටෙස්ට් තරගාවලියකින් පරාජය කරමිනි.

එය ද යන්තමින් ලබාගත් සාමාන්‍යය තරගාවලි ජයක් නොවන අතර තරග 2-0ක් ලෙස වාර්තා වූ විශිෂ්ට ටෙස්ට් ජයග්‍රහණයකි. මීට පෙර ටෙස්ට් රටවල් 6ක් මෙවන් දස්කමක් දැක්වීමට දැඩි උත්සාහයක නිරත වුවද අවසානයේ සාර්ථකත්වයට පත්වූයේ ශ්‍රී ලංකාව පමණි.

ශ්‍රී ලංකා (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 482 (පන්දුවාර 159.2): දිමුත් කරුණාරත්න 196, දිනේෂ් චන්දිමාල් 62, දිල්රුවන් පෙරේරා 58, නිරෝෂන් දික්වැල්ල 52, සදීර සමරවික්‍රම 38, කෞෂාල් සිල්වා 27, යසීර් ෂා 6/184, මොහොමඩ් අබ්බාස් 2/100.

පාකිස්තානු (ප්‍රථම ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 262 (පන්දුවාර 90.2): අසාර් අලි 59, හැරිස් සොහෙල් 56, සැමී අස්ලාම් 39, යසීර් ෂා 24, ශාන් මසූඩ් 16, වහාබ් රියාස් 16, දිල්රුවන් පෙරේරා 3/72, රංගන හේරත් 3/84, ලහිරු ගමගේ 2/38, සුරංග ලක්මාල් 2/41.

ශ්‍රී ලංකා (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 96 (පන්දුවාර 26): කුසල් මෙන්ඩිස් 29, නිරෝෂන් දික්වැල්ල 21, රංගන හේරත් 17, වහාබ්‍ රියාස් 4/41, හැරිස් සොහෙල් 3/1.

පාකිස්තානු (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 248 (පන්දුවාර 90.2): අසාද් ශෆීක් 112, සෆ්රාස් අහමඩ් 68, ශාන් මසූඩ් 21, අසාර් අලි 17, දිල්රුවන් පෙරේරා 5/98, රංගන හේරත් 2/57.

සම්පූර්ණ වාර්තාව: ඓතිහාසික දිවා-රාත්‍රී ටෙස්ට් තරගයෙන් සිංහයින්ට විශිෂ්ට ජයක්!


ජෝසප් වාස් ක්‍රීඩක නිපුන්ගෙන් ශතකයක්

සිංගර් ආයතනයේ සවිබලයෙන් ශ්‍රී ලංකා පාසල්  ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ දිනයේ (10) පැවැත්විය. එහි දී ජෝසප් වාස් විද්‍යාලයේ නිපුන් දනංජය ශතකයක් ලබාගෙන දිනය වර්ණවත් කරන විට, රාජකීය විද්‍යාලයේ මනුල පෙරේරා තරගය පුරාවට කඩුලු 9ක් දවා ගන්නා ලදි.

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම – 283/9 dec (97): සන්තුෂ් ගුණතිලක 50, නිපුන්ක ෆොන්සේකා 46, ශාලිත් ප්‍රනාන්දු 38,රන්මිත් ජයසේන 37, සචින් සිල්වා 37, දිනෙත් ප්‍රනාන්දු 4/53,දනංජය පෙරේරා 3/79.

ජෝසප් වාස් විද්‍යාලය පළමු ඉනිම – 220/10 (88.3): නිපුන් දනංජය 102, සොහාන් අනුරුද්ධ 28, අංජන රුක්මාල් 27, තාරික් සාබුර් 3/24.

සම්පූර්ණ වාර්තාව: නිපුන්ට ශතකයක්; මනුලට කඩුලු 9ක්


   බොක්සිං   

ස්ටබ්ස් පළිහ රාජකීය විදුහලට

Royal College Boxingශ්‍රී ලංකාවේ පැරණිතම පාසල් බොක්සිං තරගාවලිය සේ සැලකෙන ස්ටබ්ස් පළිහ සඳහා වන බොක්සිං තරගාවලියේ අවසන් මහා තරග ඊයේ (10) කොළඹ මාස් රාජකීය බොක්සිං අංගනයේ දී පැවැත්විය. එහි දී විශිෂ්ට දස්කම් දැක්වූ රාජකීය විද්‍යාලයීය බොක්සිං කණ්ඩායම ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

.

.

සම්පූර්ණ වාර්තාව: 100 වැනි ස්ටබ්ස් පළිහ රාජකීයයන්ගේ භාරයට

දිනයක අවසානය