ගෙවුණු දවස ජූලි 17 – ලකුණු දෙකකින් මග හැරී ගිය ක්‍රිකට් තරගය

149

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

ශ්‍රී ලංකාව ඉන්දියාව 2-1ක් ලෙස පරාජය කරයි

ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායම අතර පැවති තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන එක්දින තරගය ලකුණු 66කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. නමුත් තරග 2-1ක් ලෙස තරගාවලියේ ජය හිමි වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.

කොළඹ BRC පිටියේ පැවති මේ තරගාවලියේ පළමු තරග දෙකම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ අතර තරගාවලියේ පළමු තරගයේ දී ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක දිනේෂ් මතුගම කඩුලු ත්‍රිත්වයේ අවස්ථාවක් ලබාගත් අතර එය ලෝක දෘශ්‍යාබාධිත ක්‍රිකට් ඉතිහාසයේ දවා ගත් පළමු කඩුලු ත්‍රිත්වයේ අවස්ථාව බව වාර්තා වේ.

සම්පූර්ණ වාර්තාව: ලෝක වාර්තාවක් සමඟින් ශ්‍රී ලංකාව තරගාවලිය ජය ගනී

ලකුණු දෙකකින් මඟ හැරුණු ජයග්‍රහණය

ශ්‍රී ලංකා ඉදිරිපෙළ පිතිකරුවන් දැක්වූ දුර්වලතාවන් වසාගෙන පසුපෙළ පිතිකරුවන් ලකුණු අතරg පිවිසිය ද, අවසාන මොහොතේ දී ඔවුන්ගෙන් ද තරගය ඉතා අවාසනාවන්ත ලෙසින් ගිලිහී යෑම හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර සිල්හෙට් හී ඊයේ (17) නිමා වූ පළමු නිල නොලත් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයෙන් ලකුණු දෙකක තියුණු ජයක් ලබා ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වූහ.

ඒ අනුව තරග තුනකින් සමන්විත නිල නොලත් එක්දින ක්‍රිකට් තරගාවලිය 1-0ක් සේ පෙරමුණ ගැනීමට සත්කාරක බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් විය.

සම්පූර්ණ වාර්තාව: දසුන් ශානකගේ සටන්කාමී ඉනිම අපතේ යයි

පළමු දිනය අවසානයේ වැඩි වාසිය ඉන්දීය පොඩ්ඩන්ට

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ පළමු සිව්දින තරගය අදින් (17) ආරම්භ විය. නායක අනුජ් රාවට්ගේ සුපිරි පිතිකරණය නිසා පළමු දිනය අවසානයේ තරගයේ වැඩි වාසිය ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකි විය.

NCC පිටියේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ නායක නිපුන් ධනංජය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර කමිල් මිශාර හා නිශාන් මධුෂ්කට පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවීමට හැකි වූයේ ලකුණු 20ක සබඳතාවයක් පමණි.

සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකාවට එරෙහි වූ ඉන්දියාව එකට එක කරයි

දිනයක අවසානය