කවිඳු සහ දුල්සත් ඇලෝශියස් විද්‍යාලයට ජය ගෙන එයි

U19 Division 1 Schools Cricket Tournament 2024/25

80
U19 Division 1 Schools Cricket

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier B කොටසේ තරග ද්විත්වයක් ඊයේ (06) දිනයෙන් අවසන් වුනා. 

මෙම තරගවල දී ගාල්ල සාන්ත ඇලෝශියස් විද්‍යාලය කඩුලු 06ක ජයග්‍රහණයක් ලබා ගන්නා අතරේ කොළඹ මහානාම විද්‍යාලය පළමු ඉනිමේ ජයක් කරා යෑමට සමත් වීම විශේෂත්වයක්. 

මෙම තරගවල දී මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් නායක චාරුක ඒකනායක, කොළඹ මහානාම විද්‍යාලය වෙනුවෙන් සිතුම් විහඟ සහ ගාල්ල ඇලෝශියස් විද්‍යාලය වෙනුවෙන් විනෝද් දනුශ්ක අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුනා. එමෙන්ම සාන්ත අන්තෝනි විද්‍යාලයේ චාරුක ඒකනායක පිත්තෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමෙන් නොනැවතී පන්දු යැවීමෙන් ද කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වුනා. 

මේ අතර කොළඹ ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් දසිත් සෙනාල් ද කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කරනා අතරේ, ගාල්ල ඇලෝශියස් විද්‍යාලයට විශිෂ්ට ජයග්‍රහණයක් සඳහා පාර කැපූ දුල්සත් නිම්විරු කඩුලු 5 දස්කමක් සමඟ සමස්ත තරගයේ කඩුලු 8 දවා ගැනීමට සමත් වන අතරේ, ඔහුගේ සහයට පැමිණි කවිඳු කේසර ද ඉනිම දෙකේ දී ම කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වීම විශේෂත්වයක්. 

කොළඹ මහානාම විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය  

(මත්තේගොඩ Sapper ක්‍රීඩාංගණයේ දී) 

  • සාන්ත අන්තෝනි විද්‍යාලය – 208/10 (66) චාරුක ඒකනායක 65, සිතුම් විහඟ 3/26,  විජේවර්ධන 3/78 & 51/7 (19) ජනුක රත්නායක 24, චාමික හීනටිගල 3/13, ගීත් සඳරුවන් 3/14 
  • කොළඹ මහානාම විද්‍යාලය – 210/10 (89.3) සිතුම් විහඟ 69, ඕෂධ ඩබ්ලිව් මතුගම 37, චාරුක ඒකනායක 5/65 

තරගය ජය පැරදුමෙන් තොරයි, කොළඹ මහානාම විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්. 

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝශියස් විද්‍යාලය  

(කරන්දෙණිය යුද හමුදා ක්‍රීඩාංගණයේ දී) 

  • ඉසිපතන විද්‍යාලය – 84/10 (32.4) රන්මිත් සෙනරත් 30, දුල්සත් නිම්විරු 3/22, කවිඳු කේසර 3/17, එමල්ශ පබසර 3/37 & 146/10 (51.5) මලීෂ සඳරුවන් 41, නවිඳු හෙට්ටිආරච්චිගේ 37, දුල්සත් නිම්විරු 5/47, කවිඳු කේසර 3/39 
  • ඇලෝශියස් විද්‍යාලය – 160/10 (50.5) විනෝද් දනුශ්ක 65, තාරුක පෙරේරා 36, දසිත් සෙනාල් 5/42, තිතිර සන්සිර 3/9 & 71/4 (18.4) දෙනෙත් දෙව්මින්ද 24 

ගාල්ල සාන්ත ඇලෝශියස් විද්‍යාලයට කඩුලු 6ක ජයක්. 

එම තරග විස්තර මෙන්ම, පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<