ගෙවුණු දවස ජනවාරි 16 – ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ තරගය බේරාගනී

115

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

ශෂිකගේ දස්කම් සමඟින් සාන්ත සර්වේසස් විදුහලට පූර්ණ ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (16) දින පැවැත්වුණු අතර එම තරග අතුරින් පූර්ණ ජයග්‍රහණයන් ලබා ගැනීමට මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය සමත් වුනා.

සාන්ත සර්වේසස් විද්‍යාලය පළමු ඉනිම: 206 (64.5) – ශෂික දුල්ශාන් 99, රිසිර ලක්වින් 38, චරිත් හර්ෂණ 26, ලික්ශාන් සසංග 4/27

ගුරුකුල විද්‍යාලය පළමු ඉනිම: 30 (14.3) – චරිත් හර්ෂණ  5/13, පසිඳු මනුප්‍රිය 4/13

සාන්ත සර්වේසස් විද්‍යාලය දෙවන ඉනිම: 179 (57.2) – කේෂර නුවන්ත 51, පුෂ්පිත ඩිල්ශාන් 27, ලික්ශාන් සසංග 5/36, සචින්ත චමිත් 3/32

ගුරුකුල විද්‍යාලය දෙවන ඉනිම: 87 (30) – දිනිත් චාමර 30, තෙමිර නයනතරු 27, ශෂික දුල්ශාන් 3/32

සම්පූර්ණ වාර්තාව: සාන්ත සර්වේසස් හා මහින්ද විද්‍යාලය ජයග්‍රාහකයින් අතරට

පැතුම්, චාමික, ඇන්ජෙලෝ අයර්ලන්තය මෙල්ල කරයි

පළමු ඉනිමේ පෑ දක්ෂතා හේතුවෙන් ආඩම්බරයෙන් සිටි සංචාරක අයර්ලන්ත A ක්‍රීඩකයන්ගේ රැස් බැස්සවීමට පැතුම් නිශ්ශංක සහ චාමික කරුණාරත්න සමත් වීම හේතුවෙන් දෙරට අතර ඊයේ (16) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ දෙවැනි සිව්දින නිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයක් නොමැතිව අවසන් විය.

ඒ අනුව තරග දෙකකින් යුත් නිල නොලත් සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-0ක් සේ ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. දෙරට අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක ජයග්‍රහණයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සතු වූහ.

සම්පූර්ණ වාර්තාව: පැතුම් සහ චාමික අයර්ලන්තය මෙල්ල කරයි

දිනයක අවසානය