කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුණු දවස”.
ශ්‍රී ලංකා ඉන්දියා පුහුණු තරගය සාර්ථකව නිමා වේ

පළමු දිනය පුරාවටම පිතිකරණයේ නිරත වූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඊයේ උදෑසන පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කරන විට කඩුලු 7ක් දැවී ලකුණු 253ක් ලබාගෙන සිටියේය.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා පොඩ්ඩොන්ගේ අභියෝගයට ඉන්දියාවෙන් සාර්ථක පිළිතුරක්
දඟපන්දුවේ බලයෙන් තරගය වේලාසන අවසන් වේ

ලකුණු 352ක ඉලක්කයක් පසු පස ගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන්ට දෙවැනි ඉනිම වෙනුවෙන් ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 73ක් පමණි. එය දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකාවට එරෙහිව පෙර දිනයේ අඩුවෙන්ම දැවී යෑම නැවත අලුත් කිරීමකි.
සම්පූර්ණ වාර්තාව: ශ්‍රී ලංකා දඟපන්දුව ද. අප්‍රිකානු කොඳු නාරටිය සිඳලයි; වීරයා දිමුත්





















