ගෙවුණු දවස අගෝස්තු 02 – නිපුන්ගෙන් නොදැවී 93ක්

252

කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.

ක්‍රිකට් –

කමිඳුගෙන් විශිෂ්ට පන්දු යැවීමක්

දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම හා ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම අතර පැවති දෙවන සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම  කඩුලු 3ක් දැවී ලකුණු 69ක් ලබාගෙන සිටියේ දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායමට වඩා ලකුණු 147ක් පසුපසින් සිටිමිනි. පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු දවා ගත් කමිඳු මෙන්ඩිස් කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි.

දෙරට අතර පැවති පළමු සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමත් වූ අතර ඒ නිසා තරග 1-0ක් ලෙස පෙරමුණේ සිටිමින් මේ තරගයට අවතීර්ණ වීමට ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමට හැකි විය.

සම්පූර්ණ වාර්තාව: කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ නංවයි


ශ්‍රී ලංකා පොඩ්ඩෝ දෙවැනි තරගය ජය ගනී

නායක නිපුන් දනංජය සහ පසිඳු සූරියබණ්ඩාර එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු සබඳතාව හේතුවෙන් ඊයේ (02) කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී නිමා වූ ඉන්දු – ලංකා යොවුන් එක්දින තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වුනා.

නිපුන් සහ පසිඳු අතර සිව්වැනි කඩුල්ලට වූ සබඳතාව ලකුණු 92ක්. ඔවුන් මේ වෙනුවෙන් පන්දුවාර 20ක්ම වැය කළා. එහි ප්‍රතිඵලය වූයේ තරග 5කින් යුත් තරගාවලිය 1-1ක් සේ සම කරමින් නැංගුරම් දැමීමට සත්කාරක ක්‍රීඩකයන්ට හැකි වීමයි. කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති පළමු එක්දින තරගයෙන් ඉන්දීය යෞවනයෝ කඩුලු 6ක ජයග්‍රහණයක් හිමිකර ගත්තා. ‍

සම්පූර්ණ වාර්තාව: නිපුන් සහ පසිඳු ඉන්දීය යෞවනයෝ ග්‍රහණයට ගනිති

දිනයක නිමාව