කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව “ගෙවුණු දවස”.
ශ්‍රී ලංකාවේ දුර්වලතා නිසා දෙවැනි තරගයක් පරාදයි

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 244ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 246ක් ලබා ගත්තා. මේ වෙනුවෙන් ඔවුන් උපයෝගී කර ගත්තේ පන්දුවාර 43ක් පමණයි.
සම්පූර්ණ වාර්තාව: තිසර සහ ලක්මාල් කඩුලු කඩඉම් සමරද්දී ආගන්තුකයින් තරගය ජය ගනී
ලංකා ලයන්ස්ට තවත් ජයක්

ඉතාමත් උණුසුම් තරගයක් වූ එම තරගය වට 3-2ක් ලෙස තියුණු ජයක් ලැබීමට “ලංකා ලයන්ස්” කණ්ඩායම සමත් විය. එම ජයත් සමඟ ඔවුන් ක්‍රීඩා කරන C කාණ්ඩයේ පෙරමුණ ලබා ගැනීමට සමත් වූයේ ලකුණු 8ක් ලබා ගනිමිනි. තායිලන්තය නියෝජනය කරන “නාකොන් රැචසිමා” කණ්ඩායම එම කාණ්ඩයේ දෙවන ස්ථානය හිමි කර ගැනීමට සමත් විය.
සම්පූර්ණ වාර්තාව: ලයන්ස් ඉදිරියේ රැචසිමා දණ නමයි
පදක්කම් දිනූ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මූල්‍යාධාර

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවති උත්සවයක දී මේ බව නිවේදනය කළ අතර එම උත්සවයට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු හා ආසියානු කනිෂ්ඨ ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව සිටියහ.
සම්පූර්ණ වාර්තාව: ආසියාව ජය ගත් කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට 2024 තෙක් මූල්‍ය සහය






















