කාර්යය බහුල ජීවන රටාවත් සමඟින් ඔබට මඟ හැරෙන ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් සංක්ෂිප්තව, සෑම උදෑසනකම ඔබ වෙත රැගෙන එන ලිපි මාලාව වන “ගෙවුනු දවස”.

25 වන වරටත් පැවැත්වෙන වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ ඊයේ (19) පැවැත්වූ තරගවලින් කොමර්ෂල් ක්‍රෙඩිට් හා HNB කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වූ අතර, දේශාන් ඩයස් හා ඩිල්ශාන් මුණවීර යන ක්‍රීඩකයන් කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් විය.
කොමර්ෂල් ක්‍රෙඩිට් (A) – 178/10 (34.2): ඩිල්ශාන් මුණවීර 45, සචිත් පතිරණ 34, ඉමේෂ් උදයංග 28, චාමිකර එදිරිසිංහ 5/32, විකුම් සංජය 3/54, ඉශාන් ජයරත්න 2/13.
ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (A) – 121/10 (29.3): මදුශාන් රවිචන්ද්‍රකුමාර 34*, ඉශාන් ජයරත්න 25, අසිත ප්‍රනාන්දු 3/17, සචිත් පතිරණ 2/22, ඉමේෂ් උදයංග 2/41.
හේලිස් – 135/10 (35.3): ලිසුල ලක්ෂාන් 27, ඇන්ඩි සොලමන්ස් 24, නවීන් ගුණවර්ධන 3/22, කෝසල කුලසේකර 2/13, ලහිරු විමුක්ති 2/37.
HNB – 139/6 (36.3): දේශාන් ඩයස් 52, කෝසල කුලසේකර 26*, අලි කාන් 3/37, ලසිත් ඇඹුල්දෙණිය 2/21.
සම්පූර්ණ ලිපිය: මුණවීර හා දේශාන් දස්කම් අතරට
රවිඳු සංජය සහ කවික ඩිල්ෂාන්ගෙන් සුපිරි දස්කම්

එහි දී රවිඳු සංජන සහ කවික ඩිල්ශාන්ගේ සුපිරි දක්ෂතා නිසා ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය ඉනිමක ජයක් ලබාගත් අතර හසිත බෝයගොඩ, විමුක්ති නෙතුමාල් සහ කවිශ්ක සේනාධීර දැක්වූ කුසලතා නිසා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ඉනිමක ජයක් හිමි විය.
ජය පරාජයෙන් තොරව නිමා වූ අනෙක් තරග දෙකේ ප්‍රථම ඉනිමේ ජයග්‍රහණ අත්කර ගත්තේ කොළඹ ඉසිපතන විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයයි.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 85 (පන්දුවාර 30): තහිරු රොෂේන් 27, කවික ඩිල්ශාන් 5/19, හරීන් බුද්ධිල 2/5, කවිඳු මධුරංග 2/12.
සාන්ත ඇලෝසියස් විද්‍යාලය – කඩුලු 6ක් දැවී ලකුණු 282 (පන්දුවාර 80.1): රවිඳු සංජන 168*, පසිඳු නානායක්කාර 50, ජනිඳු ජයවර්ධන 2/52, හචිත හේමප්‍රිය 2/55.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 67 (පන්දුවාර 29.2): පසිඳු බණ්ඩාර 21, හරීන් බුද්ධිල 3/18, නිදූක මල්ශිත් 2/8, කවික ඩිල්ශාන් 2/14, රවිඳු සංජන 2/18.
සාන්ත සර්වේසස් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 138 (පන්දුවාර 59.2): සඳරු නෙත්මිණ 28, කේශර නුවන්ත 21, කවිශ්ක සේනාධීර 4/48. තිසරු ඩිල්ශාන් 3/29, විමුක්ති නෙතුමාල් 3/41.
ත්‍රිත්ව විද්‍යාලය – කඩුලු 4ක් දැවී ලකුණු 272 (පන්දුවාර 77): හසිත බෝයගොඩ 130*, පූර්ණ වණසේකර 49, ට්‍රෙවෝන් පර්සිවිල් 25*, ඉමංග සූරියම්පොළ 25, හසින්ත ජයසූරිය 20.
සාන්ත සර්වේසස් විද්‍යාලය (දෙවැනි ඉනිම) – සියල්ලන්ම දැවී ලකුණු 85 (පන්දුවාර 32.2): ශශික දුල්ශාන් 27, පසිඳු මනුප්‍රිය 25*, විමුක්ති නෙතුමාල් 5/27, කවිශ්ක සේනාධීර 2/29.
සම්පූර්ණ ලකුණු වාර්තාව: ඇලෝසියස් සහ ත්‍රිත්ව විද්‍යාලවලට දැවැන්ත ජයග්‍රහණ
ප්‍රථම පදක්කම අමිලගෙන්

තවද දිනය නිමා වන විට ඉඳුනිල් ද වැඩි දස්කම් අතරට පැමිණියේ, නැවත වරක් නව ජාතික වාර්තාවක් පිහිටුවමිනි.
තරගාවලියේ මලල ක්‍රීඩාවලට සම්බන්ධ තරග පැවතියේ, තුර්කිමේනිස්ථානයේ අෂ්ගබාත් නුවර දී ය.
සම්පූර්ණ වාර්තාව: අමිලගෙන් රිදී පදක්කමක්; ඉඳුනිල්ගෙන් රන් බලාපොරොත්තුවක්





















