රාජකීය විද්‍යාලයත් අර්ධ අවසන් පූර්ව වටයට

121

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක දී මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය පරාජය කරමින් ජයග්‍රහණය කළ කොළඹ රාජකීය විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීමට අද (01) සුදුසුකම් ලබා ගත්තේය. 

විනුකගේ අර්ධ ශතකයෙන් මහානාමයට තියුණු ජයක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු…

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 47ක තරගයක් සේ ක්‍රියාත්මක විය. කාසියේ වාසිය දිනූ රාජකීය විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 190ක් ලබා ගත්තේය. 

ඊට පිළිතුරු ඉනිම ක්‍රියාත්මක වූයේ පන්දුවාර 40ක තරගයක් ලෙසිනි. ඒ වෙද්දී ඉලක්කය ද ලකුණු 121ක් විය.  නමුත් පිටියට පිවිසි සංචාරක ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 119ක් පමණි. ඒ අනුව රාජකීය විද්‍යාලයට පැරබෝලා ක්‍රමය අනුව ලකුණු 2ක ජයග්‍රහණය හිමි විය. 

රාජකීය විද්‍යාලය; කඩුලු 9ක් දැවී 130 (47) ෂෙහාන් හේරත් 25, ඉසිවර දිසානායක 22, නිම්නක ජයතිලක 2/20, හසිත වන්නිනායක 2/16, ගිහාන් ඊබට් 3/24

සාන්ත අන්තෝනි විද්‍යාලය; කඩුලු 9ක් දැවී 119 (40) කවිඳු බණ්ඩාර 36, කවිඳු පතිරත්න 2/18, දසිත් මංචනායක 2/10

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<