විනුකගේ අර්ධ ශතකයෙන් මහානාමයට තියුණු ජයක්

94

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අද (30) පැවති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක දී කඳාන ද මැසිනෝද් විද්‍යාලයට එරෙහිව ලකුණු 3ක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට කොළඹ මහානාම විද්‍යාලය සමත් විය. 

අනුක් සහ මානෙත් තෝමසුවෝ ගලවා ගනී

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු…

ද මැසිනෝද් විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයේ ජයග්‍රහණය පැරබෝලා ක්‍රමය අනුව තීරණය කෙරුණ අතර ඒ අනුව මහානාම විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා ගත්තේය. 

පන්දුවාර 40කට සීමා වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ද මැසිනෝද් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 183ක් ලබා ගත්හ.

එම ඉනිම ආරම්භ කළ ලෙස්ටර් ජයවීර සහ රුවින් ෆොන්සේකා පළමු කඩුල්ලට ලකුණු 102ක සබඳතාවක් ගොඩ නැගූහ. එහි දී දකුණත් පිතිකරු ලෙස්ටර් ජයවීර පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 54ක් ලබා ගත්තේය. රුවින් ෆොන්සේකා පන්දු 66කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 33කි. 

කඩුලු ලබා ගැනීමේ දී පවන් රත්නායක සහ අචින්ත සුපුන් කඩුලු 2 බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මහානාම විද්‍යාලයට ක්‍රීඩා කිරීමට හැකි වූයේ පන්දුවාර 38ක් පමණි. අඳුරු ආලෝක තත්ත්වය මත තරගය නතර කරද්දී ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 180ක් ලබා තිබුණි. ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 4ක් පමණක් අඩුව තිබුණ ද පැරබෝලා ක්‍රමය යටතේ ජයග්‍රහණය ලකුණු 3කින් මහානාමයන් සතු විය.

මහානාම විද්‍යාලය වෙනුවෙන් වමතින් පන්දුවට පහර දුන් උපනායක විනුක රූබසිංහ පන්දු 71කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 62ක් ලබා ගත්තේය. එය මහානාමයේ ජයග්‍රහණය තීරණය කරන්නක් විණි. 

ද මැසිනෝද් විද්‍යාලය; සියලුම දෙනා දැවී 183 (40) ලෙස්ටර් ජයවීර 54, රුවන් ෆොන්සේකා 33, සහන් කෝසල 30, ෂෙවෝන් කෞශල්‍ය 23, පවන් රත්නායක 2/34, අචින්ත සුපුන් 2/36

මහානාම විද්‍යාලය; කඩුලු 8ක් දැවී 180 (38) විනුක රූබසිංහ 62, සදිශාන් චමෝද්‍ය 24, පුල්ශාන් රෝහණ 23, අචින්ත සුපුන් 20, ප්‍රමෝද් රාජමුණින්ද්‍ර 2/30

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<