ගාලු “පොඩි ආදරවන්තයන්ගේ” ජය මහින්දයන්ට

229

ගාල්ල ආදරවන්තයන්ගේ සටන් ඉතිහාසයට පණ පොවන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය, අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ දී අද (27) දින හමුවූ අතර එම තරගයෙන් රිච්මන්ඩ්වරුන් පරාජය කරමින් ලකුණු 170ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මහින්ද විද්‍යාලය සමත් විය.

චමත් යශෝහාර ශතකයක් ලබා ගනී

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන අන්තර්……

මෙම තරග ජයග්‍රහණයත් සමඟින් මහින්ද විද්‍යාලය තමන් සහභාගී වූ තරග 3 දීම ජයග්‍රහණය ලබා ගනිමින් අපරාජිතව තරගාවලියේ ඉදිරියට යෑමට සමත්ව විය. මේ අතර පැවති අනෙකුත් තරගවල දී ප්‍රබල කණ්ඩායම් අඩු ලකුණුවලට සීමා වෙමින් තරග නිමා වීම කැපී පෙනුනි.

ගාල්ල මහින්ද විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර තරගය (Group F)

ගාල්ල මහින්ද විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයේ දී මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතාන පන්දු 66කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 78ක් ලබා ගත්තේය. ඒ අනුව ඔවුන් කඩුලු 8කට ලකුණු 251ක් ලබා ගත්හ.

පිළිතුරු ඉනිමේ දී රිච්මන්ඩ්වරුන් ලබා ගත්තේ ලකුණු 81ක් පමණි. එම ඉනිමේ කඩුලු 8ක් දැවී ලකුණු පුවරුව 42ක්ව තිබිය දී මහීෂ වෙත්මින් සහ සවිඳු මානවඩු 9 වැනි කඩුල්ලට ලකුණු 39ක සබඳතාවක් එක් කිරීම කැපී පෙනුනි. එහිදී මහීෂ වෙත්මින් ලකුණු 36ක් ලබා ගන්නා විට සවිඳු මානවඩු පන්දු 56කට මුහුණ දෙමින් ලබා ගත්තේ එක් ලකුණක් පමණි.

මහින්ද විද්‍යාලය : කඩුලු 8ක් දැවී 251 (50) : නවෝද් පරණවිතාන 78, කවිඳු හෙට්ටිආරච්චි 40, සදෙව් ඉඳුවර 28, සිතිර හේලිත 26, චමත් දිල්සර 2/34, භානුක මනෝහර 2/63.

රිච්මන්ඩ් විද්‍යාලය : සියලු දෙනා දැවී 81 (33.1) : මහීෂ වෙත්මින් 36, සිතිර හේලිත 3/23, සචින් තිලකරත්න 2/28, කවිඳු හෙට්ටිආරච්චි 2/00.


කොළඹ රාජකීය විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර තරගය (Group E)

කොළඹ රාජකීය විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට රාජකීය විද්‍යාලය සමත් විය.

කාසියේ වාසිය දිනාගත් වෙස්ලි විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 84ක් පමණි. වෙස්ලි ඉනිමේ කඩුලු 9ක් ලකුණු 40ක් ලබා සිටිය දී දැවී ගොස් තිබුන ද අවසන් කඩුල්ල වෙනුවෙන් එක්වූ පූර්ණ හසරංග (37) සහ රසිත් ප්‍රනාන්දු (නොදැවී 6) ලකුණු 44ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් විය. එම ඉනිමේ දී දකුණතින් වේගපන්දු යැවූ කවිඳු පතිරත්න පිට පිට කඩුලු 2 බැගින් අවස්ථා තුනක දී කඩුලු 6ක් දවා ගනිමින් ඉනිම අවසන් වනවිට ලකුණු 18කට කඩුලු 6ක් දවා ගත්තේය.

Photos: Royal College vs Wesley College | U17 Cricket Tournament 2019

පිළිතුරු ඉනිමේ දී රාජකීය ක්‍රීඩකයෝ ජයග්‍රාහී ලකුණ පසු කරන විට කඩුලු 6ක් දැවී ගොස් තිබුනි.

වෙස්ලි විද්‍යාලය : සියලු දෙනා දැවී 84 (27.4) : පූර්ණ හසරංග 37, කවිඳු පතිරත්න 6/18, ලක්ෂිර පෙරේරා 3/10.

රාජකීය විද්‍යාලය : කඩුලු 6ක් දැවී 87 (32.3) : ෂෙහාන් හේරත් 19, නිම්තක ඉඳුවර 2/18.


කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර තරගය (Group F)

කොළඹ දී පැවති මෙම තරගයෙන් සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ කඩුලු 10ක පහසු ජයග්‍රහණයක් ලබා ගත්හ.

කාසියේ වාසිය දිනාගත් ධර්මපාල ක්‍රීඩකයන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් ලබා ගත්තේ ලකුණු 102ක් පමණි. එම ලකුණු ප්‍රමාණය 17 වන පන්දුවාරයේ දී කිසිවෙකුත් නොදැවී සම්පූර්ණ කිරීමට සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ සමත් වූහ.

ධර්මපාල විද්‍යාලය : සියලු දෙනා දැවී 102 (33.3) : සචින්ත චාමික 18, දුනිත් වෙල්ලාලගේ 5/20, ජෙසිත් රූපසිංහ 3/20, දිනෙත් අන්තනී 2/24.

සාන්ත ජෝසප් විද්‍යාලය : කිසිවෙක් නොදැවී 107 (16.5) : ෂෙරොන් ෆොන්සේකා නොදැවී 46, නදීෂ ජයවර්ධන නොදැවී 43. 

වෙල්ලාලගේ දක්ෂතා අපතේ යයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස….


මොරටු විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය අතර පැවැති තරගය  (Group B)

මොරටුවේ දී පැවති මෙම තරගයේ දී කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට මොරටු විද්‍යාලය සමත් විය.

කාසියේ වාසිය දිනාගත් මොරටු විද්‍යාලයේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ආනන්ද ක්‍රීඩකයෝ සියලු දෙනා දැවී ලකුණු 102ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් මොරටු විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 103ක් රැස්කර ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.

ආනන්ද විද්‍යාලය : සියලු දෙනා දැවී 102 (25.2) : මිතෙල් ප්‍රේමරත්න 30, විශ්ව ප්‍රනාන්දු 5/13, ඩිලාන් ප්‍රනාන්දු 3/24.

මොරටු විද්‍යාලය : කඩුලු 5ක් දැවී 103 (25.3) : 
චමිඳු ප්‍රනාන්දු නොදැවී 40, විශ්ව ප්‍රනාන්දු 28, සවිරු බණ්ඩාර 2/12.


කොළඹ අසෝක විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර තරගය (Group E)

වේල්ස් කුමර විද්‍යාලයේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට වේල්ස් කුමර විද්‍යාලය සමත් විය.

කාසියේ වාසිය දිනාගත් අසෝක විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දී සියලු දෙනා දැවී ලකුණු 116ක් ලබා ගත් අතර එම ලකුණු ප්‍රමාණය කඩුලු 2ක් පමණක් දැවී රැස්කර ගැනීමට වේල්ස් කුමර ක්‍රීඩකයෝ සමත් වූහ.

අසෝක විද්‍යාලය : සියලු දෙනා දැවී 116 (48.5) : ලහිරු විතානගේ 28, නෙත්සිළු ගුණතිලක  23, පසිඳු පැතුම් 2/29, කුංචන පෙරේරා 2/12, ආදිත ඉමාෂ 2/17, අශාන් ප්‍රනාන්දු 2/15.

වේල්ස් කුමර විද්‍යාලය : කඩුලු 2ක් දැවී 117 (18.2)  : 
තරිඳු අමරසිංහ නොදැවී 28, ඔමේෂ් මෙන්ඩිස් 45, ඩිනුර ප්‍රනාන්දු නොදැවී 30, සහන් විමුක්ති 2/50.



ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය අතර තරගය (Group J)

ගම්පහ දී පැවති මෙම තරගයෙන් ලකුණු 53ක ජයග්‍රහණයක් ලබා ගැනීමට බණ්ඩාරනායක විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ තක්ෂිලා ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බණ්ඩාරනායක ක්‍රීඩකයෝ සියලු දෙනා දැවී ලකුණු 153ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් තක්ෂිලා ක්‍රීඩකයන්ට ලබාගත හැකි වූයේ ලකුණු 100ක් පමණි.

බණ්ඩාරනායක විද්‍යාලය : සියලු දෙනා දැවී 153 (44.4) : සමිත් රාජපක්ෂ 42, කවිඳු ප්‍රභාෂ්වර 38, තිසර සචින්තන 2/37, විදුශාන් යසින්ත 2/15, රවීන් රන්සිළු 2/34.

තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය : සියලු දෙනා දැවී 100 (34.4) : 
විනෝද් සසංග නොදැවී 22, දිනිත් කුමාරසිංහ 3/15, ආදිත්‍ය ප්‍රභාෂ්වර 2/11, ලක්ෂාන් අවිශ්ක 2/18, දිනුෂ්ක අත්තනායක 2/21. 

නිදුක් සහ දුල්මිණ රිච්මන්ඩ්වරුන්ට හිසරදයක් වෙයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස….


දෙබරවැව ජාතික පාසල සහ මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය අතර තරගය (Group H)

දෙබරවැව දී පැවති මෙම තරගයේ දී කඩුලු 8ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත සර්වේශස් විද්‍යාලය සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් දෙබරවැව ජාතික පාසල ලකුණු 87ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙසින් සාන්ත සර්වේශස් විද්‍යාලය කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 89ක් රැස් කරමින් ජයග්‍රහණය තමන් සතුකර ගැනීමට සමත් විය.

දෙබරවැව ජාතික පාසල : සියලු දෙනා දැවී 87 (31.2) : නිම්නෙත් ටශ්මිල 23, යූ. ටී. ධම්සර 20, ශෂික ප්‍රසන්ජිත් 4/14, තුෂාර පැහැසර 2/12.

සාන්ත සර්වේශස් විද්‍යාලය : කඩුලු 2ක් දැවී 89 (15.5) : ඉමාල් සංදීප නොදැවී 33, තිසයුරු ආදිත්‍ය නොදැවී 26. 


>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<