ඩික්සන්ට මාස කිහිපයක විවේකයක්

792

ඩයලොග් රග්බි ලීග් තරගාවලියේ පසුගිය දා පැවති හැව්ලොක් ක්‍රීඩා සමාජය හා CH & FC ක්‍රීඩා සමාජය අතර තරගය අතරතුර දී, හැව්ලොක් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක කෙවින් ඩික්සන්ගේ හකු ප්‍රදේශය ආබාධයට ලක්වීමෙන් ඔහුව රෝහල් ගත කරන ලදි.

රීසා CH සිහින බොඳ කරයි

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ සිව්වැනි සතිය ආරම්භ කරමින් CH & FC..

ශ්‍රී ලංකා ජාතික රග්බි සංචිතය නියෝජනය කරන ක්‍රීඩකයෙකු වන ඩික්සන්, හැව්ලොක් ක්‍රීඩා සමාජයේ වින්ග් ස්ථානයේ ක්‍රීඩා කරන අතර අදාළ අනතුරට භාජනය වූ තරගයේ දී හැව්ලොක් ආරක්ෂක මීටර් 5 රේඛාව ආසන්නයේ දී CH & FC ක්‍රීඩකයෙකු වැළැක්වීමට (tackle) ගත් උත්සාහයක දී ඔහු මෙසේ ආබාධයට ලක්ව ඇත.

සාන්ත පීතර විද්‍යාලයේ ආදි ක්‍රීඩකයෙකු වන ඩික්සන් මෙම අවාසනාවන්ත සිදු වීමට මුහුණ දුන්නේ එම තරගයේ 46 වන මිනිත්තුවේ දී වන අතර සැණින් ක්‍රියාත්මක වූ ප්‍රථමාධාර කණ්ඩායම ඔහුව පිටියේ දී ම පරීක්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව ඔහුව ඉක්මනින්ම රෝහල් ගත කිරීමට පියවර ගන්නා ලදි.

පසුව ඔහුගේ හකු ප්‍රදේශය ශල්‍ය කර්මයකට භාජනය කර ඇති අතර මේ වන විට ඔහු නිසි වෛද්‍ය ප්‍රතිකාර යටතේ සුවය ලබමින් සිටියි.

ඩික්සන්ගේ මෙම ආබාධය නිසාවෙන් අවම වශයෙන් මාස තුනක පමණ කාලයක් ඔහුට රග්බි පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වන අතර එ්නිසාවෙන් පුරප්පාඩු වන ඔහුගේ ස්ථානය සඳහා චාමර දාබරේ හෝ රමේෂ් ප්‍රනාන්දු ක්‍රීඩා කිරීමට වැඩි ඉඩකඩක් ඇත.

ThePapare.com කණ්ඩායම ද කෙවින් ඩික්සන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නේ නැවතත් රග්බි පිටියේ ඔහුගේ දස්කම් දකින්නට ඇති බලාපොරොත්තුවත් සමඟිනි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<