චමත් යශෝහාර ශතකයක් ලබා ගනී

117

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ එක්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (26) නිමා විය. එහිදී වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ චමත් යශෝහාර ශතකයක් වාර්තා කිරීමට සමත් වීම කැපී පෙනිනි. 

වෙල්ලාලගේ දක්ෂතා අපතේ යයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු…

ගිරිඋල්ල වික්‍රමශීලා මධ්‍ය මහා විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය අතර තරගය (Group P)

ගිරිඋල්ලේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 149ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ජෝසප් වාස් විද්‍යාලය සමත් විය.

කාසියේ වාසිය දිනූ සාන්ත ජෝසප් වාස් විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 8ක් දැවී ලකුණු 411ක් රැස් කිරීමට සමත් විය. ඊට පිළිතුරු ලෙසින් වික්‍රමශීලා මධ්‍ය මහා විද්‍යාලය ලබා ගත්තේ සියලු දෙනා දැවී ලකුණු 162ක් පමණි.  

මෙම තරගයේ දී සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ ආරම්භක දකුණත් පිතිකරු චමත් යශෝහාර පන්දු 97 කදී හතරේ පහර 18ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 140ක් ලබා ගැනීමට සමත්වීම කැපී පෙනුනි. ඊට අමතරව අචින්ත දේශාන් සහ හසින්ත විජේරත්න ද අර්ධ ශතක ලබා ගත්හ.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය : කඩුලු 8ක් දැවී 411 (50)
චමත් යශෝහර 140, අචින්ත දේශාන් 61, හසින්ත විජේරත්න 53, ඩයන් පතිරණ 43, දිනිත් ප්‍රනාන්දු 25, දුලංජන චන්ද්‍රලාල් 2/71, ධනෝජ බණ්ඩාර 2/74.

වික්‍රමශීලා මධ්‍ය මහා විද්‍යාලය : සියලු දෙනා දැවී 162 (46.1)
ප්‍රියමන්ත රොද්‍රිගෝ 32, සිතාර ධර්මසිරි 29, හිරුෂාන් විජේසිංහ 24, රංතරු අතුරිගිරිය 21, නිපුන් ද සිල්වා 5/32, අසින්ත දේශාන් 3/26.

පිළියන්දළ මධ්‍ය මහා විද්‍යාලය සහ මහානාම විද්‍යාලය අතර තරගය (Group P)

පිළියන්දළ දී පැවති මෙම තරගයෙන් මහානාම ක්‍රීඩකයෝ ලකුණු 70ක ජයග්‍රහණයක් වාර්තා කළහ.

කාසියේ වාසිය දිනූ මහානාම ක්‍රීඩකයන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලු දෙනා දැවී ලකුණු 212ක් ලබා ගත් අතර පිළිතුරු ලෙසින් පිළියන්දළ මැදි විදුහල් ක්‍රීඩකයන් සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 142ක් පමණි. 

මෙම තරගයේ දී මහානාම විද්‍යාලය වෙනුවෙන් පවන් රත්නායක පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 75ක්ද විනුක රූබසිංහ පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 62ක්ද ලබා ගනිමින් දක්ෂතා දැක්වූහ. 

පිළිතුරු ඉනිමේ දී උෂාන් දීමන්ත පන්දු 121කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් ලබා ගත්තේය.

මහානාම විද්‍යාලය : සියලු දෙනා දැවී 212 (46.5)
පවන් රත්නායක 75, විනුක රූබසිංහ 62, අනුග බෙනරගම 29, පෙශාර ද සිල්වා 2/21, තරුෂ රන්සර 2/63.

පිළියන්දළ මධ්‍ය මහා විද්‍යාලය : සියලු දෙනා දැවී 142 (46.3)
උෂාන් දීමන්ත 52, සිතුම් නිමාලක 44, පවන් රත්නායක 2/20, දෙවිඳු කැකිරිදෙණිය 2/21, කවීශ් දිසානායක 3/30. 

නිදුක් සහ දුල්මිණ රිච්මන්ඩ්වරුන්ට හිසරදයක් වෙයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු…

කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර තරගය (Group A)

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට නාලන්දා ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ ඉසිපතන ක්‍රීඩකයන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලු දෙනා දැවී ලකුණු 151ක් ලබා ගත්තේ සවිඳු උත්සර ගේ අර්ධ ශතකයත් සමඟිනි.

ඊට පිළිතුරු ලෙසින් නාලන්දා ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 152ක් ලබා ගත්හ.

Photos: Isipathana College vs Nalanda College | U17 Cricket Tournament 2019

ඉසිපතන විද්‍යාලය : සියලු දෙනා දැවී 151 (49.5)
සවිඳු උත්සර 68, දිනෙත් සමරවීර 4/20, රවීන් ද සිල්වා 2/30.

නාලන්දා විද්‍යාලය : කඩුලු 9ක් දැවී 152 (36)
රවීන් ද සිල්වා 31, දිනෙත් සමරවීර 20, ලිසුර විනාත් 5/39, සවිඳු උත්සර 2/19.

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය සහ කැළණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය අතර තරගය

කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 66ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සමත් විය.

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය : කඩුලු 9ක් දැවී 166 (50)
හසිඳු ප්‍රබෝධ නොදැවී 54, තාරක රාජසූරිය 48, කවිඳු මල්ශාන් 31, ආලෝක ලශාන් 3/19, සෙනාශ් ප්‍රනාන්දු 3/30.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය : සියලු දෙනා දැවී 100 (35.5)
පසිඳු පෙරේරා 32, හරිත් පියුමික 5/14, කවිඳු මල්ශාන් 2/10.

කඳාන ද මැසනද් විද්‍යාලය සහ කොළඹ සාන්ත බෙනඩික් විද්‍යාලය අතර තරගය (Group A)

කඳානේ දී පැවති මෙම තරගයේ දී සාන්ත බෙනඩික් ක්‍රීඩකයෝ ලකුණු 28ක ජයග්‍රහණයක් ලබා ගත්හ.

කාසියේ වාසිය දිනූ සාන්ත බෙනඩික් ක්‍රීඩකයන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් අර්ධ ශතකයක් ද සමන් ලකුණු 166ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ද මැසිනොද් ක්‍රීඩකයන්  ලබා ගත්තේ ලකුණු 138ක් පමණි.

සාන්ත බෙනඩික් විද්‍යාලය : සියලු දෙනා දැවී 166 (46.5)
අශේන් ද සොයිසා 51, ඉසුරු ලක්ෂාන් 27, ප්‍රමෝද් රාජමුනින්ද්‍ර 3/47, සමිඳු දෙනෙත් 2/14, සිහින සිතුමිණ 2/39.

ද මැසනද් විද්‍යාලය : සියලු දෙනා දැවී 138 (38.3)
ලෙස්ටර් ජයවීර 64, ඉසුරු ලක්ෂාන් 4/19, තෙනුක නන්දලාල් 2/20.

ඉසුරු අයේෂ් ගල්කිස්ස තෝමසුවන් මෙල්ල කරයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ පළමු කොටසේ…

මාතර රාහුල විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගය (Group H)

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී පන්දුවාර 31කට සීමාවූ මෙම තරගයෙන් ලකුණු 113ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට මාතර සාන්ත තෝමස් විද්‍යාලය සමත් විය.

කාසියේ වාසිය දිනූ රාහුල විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මාතර සාන්ත තෝමස් ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 199ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් රාහුල විද්‍යාලයට ලබාගත හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 86ක් පමණි.

මාතර සාන්ත තෝමස් විද්‍යාලය : කඩුලු 4ක් දැවී 199 (31)
නිපුන් රුචිර 58, හිරන්ත ලක්ෂාන් 50, සංජය මධුරංග 33, සචිර රශ්මික නොදැවී 24, සත්සර ඩිල්ශාන් 2/24.

මාතර රාහුල විද්‍යාලය : කඩුලු 7ක් දැවී 86 (31)
උවින් බෝපගේ නොදැවී 23, සිනෙත් සිතාර 2/15, සචිර රශ්මික 2/16, හිරන්ත ලක්ෂාන් 2/16
. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<