පවන් සංදේශ් තුන් ඉරියව්වෙන්ම වැඩ පෙන්වයි

233

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයේ අද (7) පැවති තරගයක දී රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ පවන් සංදේශ් තුන් ඉරියව් දක්ෂතා දැක්වීමට සමත් විය.

ඉසුරු ලක්ෂාන්ගෙන් අභියෝගාත්මක පන්දු යැවීමක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ සිංගර්…

 කළුතර මහජන ක්‍රීඩාංගණයේ දී R කාණ්ඩයේ තරගයක් ලෙසින් නිමා වූ මෙම තරගයෙන් ලකුණු 73ක ජයග්‍රහණයක් ලබා ගැනීමට රත්ගම දේවපතිරාජ ක්‍රීඩකයෝ සමත් වූහ. 

කාසියේ වාසිය දිනා ගත් දේවපතිරාජ ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 204ක් ලබා ගත්තේය. ඊට පිළිතුරු ලෙසින් සත්කාරක කළුතර විද්‍යාලයට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 131ක් පමණි. 

දේවපතිරාජ විද්‍යාලය වෙනුවෙන් දකුණතින් පන්දුවට පහර දුන් පවන් සංදේශ් පිතිකරුවෙක් ලෙසින් අර්ධ ශතකයක් ලබා ගත් අතර ඔහු දකුණතින් වේගපන්දු යවමින් ලකුණු 08කට කඩුලු 2ක් දවා ගත්තේය. 

කළුතර විද්‍යාලයීය ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කිරීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන සුධීර වීරරත්න ලකුණු 04කට කඩුලු 3ක් දවා ගත් අතර අනුෂ්ක ෂෙහාන් ද කඩුලු 3ක් දවා ගත්තේය. 

දේවපතිරාජ විද්‍යාලය; සියලුම දෙනා දැවී 204 (48.4) පවන් සංදේශ් 62, තරුෂ සඳරුවන් 30, තරිඳු රුක්ෂාන් 29, මියුරු සිල්වා 3/29, දිස්මික කොස්තා 2/32

කළුතර විද්‍යාලය; සියලුම දෙනා දැවී 131 (30.3) සෙවෝන් ප්‍රනාන්දු 24, දුලංග චතුමුක 20, සුධීර වීරරත්න 3/04, අනුශ්ක ෂෙහාන් 3/45, පවන් සංදේශ් 2/08

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<