අශාන් ප්‍රියන්ජන්ට නායකත්වයක්

7935

මේ මස 14 වැනිදා ආරම්භ වීමට නියමිත නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට පෙර පැවැත්වෙන තෙදින පුහුණු ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ මෙහෙයවීමේ වගකීම මුල්පෙළ පිතිකරුවෙක් වන අශාන් ප්‍රියන්ජන් වෙත ලබා දී තිබේ.

පරණ මුහුණු කිහිපයක් ආයිත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර මේ මස 14 වැනිදා ආරම්භ…

නවසීලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟින් පැවැත්වෙන මෙම තෙදින පුහුණු ක්‍රිකට් තරගය මේ මස 8 වැනිදා සිට 10 වැනිදා දක්වා කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

නිමා වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී කණ්ඩායම සමඟ සිටි ඇන්ජලෝ පෙරේරා, වනිඳු හසරංග, ඕෂද ප්‍රනාන්දු වැනි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින් හට ද මේ සභාපතිවරයාගේ කණ්ඩායමේ ඉඩකඩ වෙන්වී තිබීම කැපී පෙනේ.

ඊට අමතරව ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය තරගාවලියේ දී දස්කම් දැක්වූ නායක ප්‍රියන්ජන්ට අමතරව භානුක රාජපක්ෂ, පැතුම් නිස්සංක වැනි ක්‍රීඩකයින්ට ද නවසීලන්තය සමඟ පැවැත්වෙන පුහුණු ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා සංචිතයට නම් කර තිබේ.

ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගාවලිය නියෝජනය කිරීම වෙනුවෙන් ක්‍රීඩකයින් 22 දෙදෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතය අද දිනයේ දී ප්‍රකාශයට පත් කළේය. එහි ඇතුලත්ව සිටි ධනුෂ්ක ගුණතිලක, ඕෂධ ප්‍රනාන්දු, චාමික කරුණාරත්න හා වේගපන්දු යවන ක්‍රීඩක  අසිත ප්‍රනාන්දු වැනි යොවුන් ක්‍රීඩකයින් කිහිප දෙනෙක් මේ සංචිතය සඳහා ද ඇතුළත් කර ඇත්තේ ශ්‍රී ලංකා අවසන් ටෙස්ට් සංචිතය තෝරාගැනීමට පෙර සංචිතයේ සමබරතාවය පිළිබඳව යම් අවබෝධයක් ලබාගැනීම වෙනුවෙනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ සංචිතය – අශාන් ප්‍රියන්ජන් (නායක), ධනුෂ්ක ගුණතිලක, ඕෂධ ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, පැතුම් නිස්සංක, භානුක රාජපක්ෂ, ඇන්ජලෝ පෙරේරා, මිනෝද් භානුක, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාස්, ජෙෆ්රි වැන්ඩසේ, අමිල අපෝන්සු, වනිඳු හසරංග, නිසල තාරක.

ශ්‍රී ලංකා – නවසීලන්ත තරග කාල සටහන 

  • අගෝස්තු 08 – 10: තුන්දින පුහුණු තරගය – කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණය.  
  • අගෝස්තු 14 – 18: පළමු ටෙස්ට් තරගය – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය. 
  • අගෝස්තු 22 – 26: දෙවන ටෙස්ට් තරගය – කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණය.  
  • අගෝස්තු 29: විස්සයි විස්ස පුහුණු තරගය – කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය.  
  • සැප්තැම්බර් 01: පළමු විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය.  
  • සැප්තැම්බර් 03: දෙවන විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය. 
  • සැප්තැම්බර් 06 – තුන්වැනි විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය.  

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ හා සජීව තරග අත්දැකීම ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<