විද්‍යා විද්‍යාලයේ අපරාජිත වාර්තාව බිඳ වැටේ

3110
Science College v DS Senanayake College

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළඟ ශූරතාවේ තවත් තරගයක් අද (20) කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය හා ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේ දී පැවති අතර දැවැන්ත ඩී. එස්. ඉදිරිපෙළත්, වේගවත් විද්‍යා පසුපෙළත් ගැටුණු මේ තරගයේ දී විද්‍යා ක්‍රීඩකයින්ගේ මෙතෙක් පැවති අපරාජිත වාර්තාව බිඳ වැටී ගියේ 29-15ක් ලෙස ඩී. එස්. ක්‍රීඩකයින් ජයග්‍රහණය කරමිනි.

වෙස්ලි ක්‍රීඩකයෝ අපරාජිත රාජකීයයන් බියගන්වති

CR & FC ක්‍රීඩාංගණය මිනිත්තු හැත්තෑවකට කම්පනය කරමින් සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ කුසලාන…

දිගින් දිගටම ඇදහැළුණු වර්ෂාව නිසා කොළඹ හැව්ලොක් ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයින්ට ඉතා අපහසු වූ අතර කෙසේ නමුත් තරගය ආරම්භ වන විට වර්ෂාව නැවතී තිබුණි.

තරගයේ පළමු මිනිත්තුවේ සිටම ඩී. එස්. සේනානායක ක්‍රීඩකයෝ තරගයේ පෙරමුණ ගැනීමට යුහුසුළු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මීටර 50 සීමාව ආසන්නයේ ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට ඔවුන් උත්සහ කළත් එම උත්සාහය සාර්ථක වූයේ නැත.

විද්‍යා ක්‍රීඩකයින් සුපුරුදු ලෙස සිය වේගවත් පසුපෙළ යොදාගෙන ඩී. එස්. අර්ධය ආක්‍රමණය කළ අතර ඩී. එස්. අර්ධයෙන්  දියත් කළ පළමු ආක්‍රමණයෙන්ම ලකුණු සමඟින් නැවතත් සිය අර්ධයට ඒමට විද්‍යා ක්‍රීඩකයෝ සමත් විය. 9 වන මිනිත්තුවේ දී එම උත්සාහක දිනුම වාර්තා වූ අතර ආකාශ් රවිසිංහ එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් වූයේ නැත. (ඩී. එස්. 00-05 විද්‍යා)

12 වන මිනිත්තුවේ දී විද්‍යා විද්‍යාලයේ දෙනුවන් සිල්වා හට කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු ක්‍රියා කළ අතර එහි වාසිය ලබා ගැනීමට ඩී. එස්. ක්‍රීඩකයින් උත්සහ කළ ද සුපුරුදු පරිදි පන්දුව හැසිරවීමේ සිදු කළ අතපසුවීම් නිසා ලකුණු රැස්කර ගැනීමට තිබූ අවස්ථා ඔවුන්ට අහිමි විය.

විද්‍යා ක්‍රීඩකයින් දිගින් දිගටම දඬුවම් පහර ලබා දෙන අතපසු වීම් සිදු කිරීම කැපී පෙනෙනු අතර 18 වන මිනිත්තුවේ දී ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු පරතරය අඩු කරන්නට ඩී. එස්. කණ්ඩයමේ දිනූෂ හේමසිරි සමත් විය. (ඩී. එස්. 03-05 විද්‍යා)

21 වන මිනිත්තුවේ සිට චමුක සේශාන්, දිනුෂ හේමසිරි ප්‍රමුඛ ඩී. එස්. ඉදිරිපෙළ පියවරින් පියවර පන්දුව ඉදිරියට රැගෙන ගිය අතර 23 වන මිනිත්තුවේ දී විද්‍යා ක්‍රීඩකයින් සිය අර්ධයටම සිර කරමින් දිනූෂ හේමසිරි පළමු ඩී. එස්. උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. මෆාස් බ්‍රන්තා එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නා ලදි. (ඩී. එස්. 10-05 විද්‍යා)

28 වන මිනිත්තුවේ දී විද්‍යා විද්‍යාලයේ වටිනාම ක්‍රීඩකයා වූ විද්‍යා නායක හෂාන් මධුමාධව දණහිසේ ආබාධයකට ලක් වූ අතර ඔහු පිටියෙන් ඉවත් වීම නිසා ඔහුගේ වේගය අහිමි වීම විද්‍යා ක්‍රීඩකයින්ට දැවැන්ත අවාසියක් විය.

29 වන මිනිත්තුවේ දී විද්‍යා විද්‍යාලයට දඬුවම් පහරක් හිමි වූ අතර ආකාශ් රවිසිංහ පහසුවෙන් පන්දුව ගෝල කණු අතරින් යවමින් ලකුණු පරතරය අඩු කර ගැනීමට සමත් විය. (ඩී. එස්. 10-08 විද්‍යා)

34 වන මිනිත්තුවේ දී විද්‍යා විද්‍යාලයේ ක්‍රීඩකයෙකු අනවශ්‍ය ලෙස එසවීමකට ලක්කළ නිසා විද්‍යා ක්‍රීඩකයින්ට දඬුවම් පහරක් හිමි වූ නමුත් පළමු අර්ධය ලකුණු සමඟින් අවසන් කරන්නට ආකාශ් රවිසිංහ සමත් වූයේ නැත.

පළමු අර්ධය: ඩී. එස්. සේනානායක 10 08 විද්‍යා විද්‍යාලය

36 වන මිනිත්තුවේ දී විද්‍යා ක්‍රීඩකයින් සිය පසු පෙළ යොදා ගනිමින් උත්සාහක දිනුමක් කරා යෑමට උත්සහ කළ අතර උත්සාහක දිනුම් සීමාව පෙනෙන මානයේ ඔවුන් ‘Forward Pass’ අවස්ථාවකට හසු වූ නිසා පන්දුව ඩී. එස්. සේනානායක ක්‍රීඩකයින්ට හිමි වුවද, උත්සාහක දිනුම් රේඛාව අභියස ඔවුන් සිදු කළ අනවශ්‍ය පන්දු හුවමාරුවකින් අනගි ලෙස ප්‍රයෝජන ගත් සශීන් මුණසිංහ විද්‍යා විද්‍යාලය වෙනුවෙන් දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. අක්මීමන එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය. (ඩී. එස්. 10-15 විද්‍යා)

විද්‍යා ක්‍රීඩකයින් දෙවන අර්ධයේ දී ක්‍රමයෙන් සිය වේගවත් ක්‍රීඩා විලාසයට පිවිසුණු නමුත් වරින් වර ඩී. එස්. ක්‍රීඩකයින්ට දඬුවම් පහර හිමිකර දීම ඔවුන්ගේ ප්‍රධානතම දුර්වලතාවය විය.

අන්තෝනි දෙවන ජය ලුම්බිණියට දැවැන්ත පරාජයක් අත්කර දෙයි

කොළඹ තුරඟ තරග පිටියේ අද (19) පැවති 2018 ‘සිංගර්’ පාසල් රග්බි ලීග් තරගාවලියේ පළඟ ශූරතා තරග මාලාවේ…

44 වන මිනිත්තුවේ දී ඩී. එස්. සේනානායක ක්‍රීඩකයින් සිය ඉදිරි පෙළ යොදා ගනිමින් ඉදිරියට ගිය අතර උත්සාහක දිනුම් සීමාව මත දී චමුක සේශාන් හට පන්දුව අතහැරීම නිසා අනගි අවස්ථාවක් ඔවුන්ට අහිමි විය.

50 වන මිනිත්තුවේ දී චමුක සේශාන් ප්‍රමුඛ ප්‍රබල ඩී. එස්. ඉදිරි පෙළ මීටර 5 ආසන්නයේ ලැබුණු ‘scrum’ අවස්ථාවක සිට පන්දුව ඉදිරියට රැගෙන යමින් සිය තෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූ අතර දිනූෂ හේමසිරි එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය. (ඩී. එස්. 17-15 විද්‍යා)

 ‘Line out’ අවස්ථා සාර්ථක කර ගැනීමේ දී ඩී. එස්. ක්‍රීඩකයින් දුර්වලතා රාශියක් පෙන්වූ නමුත් විද්‍යා ක්‍රීඩකයින්ගේ දුර්වල පන්දු හැසිරවීම හා අනිසි බාධා කිරීම් හමුවේ විද්‍යා ක්‍රීඩකයින් ඔවුන්ගේ අර්ධයේම සිරකර තබන්නට ඩී. එස්. ක්‍රීඩකයෝ සමත් වූහ.

ත්‍රිත්ව ඉසිපතන ගැටුමේ තීරණයක් නැහැ!

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතාවේ තවත් තරගයක් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා කොළඹ…

60 වන මිනිත්තුවේ දී ඩී. එස්. ක්‍රීඩකයෝ නැවත වරක් සිය ඉදිරි පෙළ යොදා ගනිමින් පියවරෙන් පියවර ඉදිරියට ගිය අතර පන්දුව සිය ‘wing’ ක්‍රීඩකයාට ලබා දීමෙන් අනතුරුව ඔහු උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යෑමට සමත් විය. බ්‍රන්තා එහි ප්‍රවර්තනයට උත්සහ කළ නමුත් එම උත්සාහය සාර්ථක වූයේ නැත. (ඩී. එස්. 22-15 විද්‍යා)

අවසාන මිනිත්තු දෙකේ විද්‍යා ක්‍රීඩකයින් ලකුණු සම කිරීම සඳහා දැඩි උත්සාහයක් දැරුව ද විද්‍යා බලාපොරොත්තු සුන් කරමින් 70 වන මිනිත්තුවේ දී දිනූෂ හේමසිරි ඩී. එස්. සේනානායක කණ්ඩයමේ ජය තහවුරු කරන්නට ජයග්‍රාහී උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් විය. (ඩී. singerඑස්. 29-15 විද්‍යා)

අවසාන ලකුණු තත්වය: ඩී. එස්. සේනානායක විද්‍යාලය 29 (4T,3C,1P) – 15 (2T,1P,1C) විද්‍යා විද්‍යාලය  

ThePapare තරගයේ වීරයා: දිනූෂ හේමසිරි (ඩී. එස්)

ලකුණු රැස් කළ ක්‍රීඩකයින්

  • ඩී. එස්. සේනානායක විදුහල: චමුක සේශාන් (1T), බ්‍රන්තා (1C), දිනූෂ හේමසිරි (2T,1P,2C)
  • විද්‍යා විදුහල: ආකාශ් රවිසිංහ (1P), සශීන් මුණසිංහ(1T), අක්මීමන (1C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<