පීටර් වුඩ්ස් පුහුණුකරු ධූරයෙන් නිකම යයි

236

ශ්‍රී ලංකා ජාතික සත් සාමාජික රග්බි කණ්ඩායමේ පුහුණුකරු පීටර් වුඩ්ස් මහතා සහ සහය පුහුණුකරු නිකොලාස් ගෘබ් (Nicolas Groube) මහතාගේ කොන්ත්‍රාත්තු කාල සීමාවන් ඔක්තෝබර් මාසයේ දී අවසන් වූ අතර ඔවුන්ගේ කොන්ත්‍රාත්තු කාල සීමාවන් නැවත දිගු නොකිරීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය තීරණය කර තිබේ. ඒ සමගම ඔවුන් ශ්‍රී ලංකා රග්බි ආයතනයේ

මහනුවර ක්‍රීඩකයෝ ජයග්‍රහණයකින් තරගාවලිය අරඹති

2018/19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ජයග්‍රහණයකින්ම …

2016 වසරේ දී එංගලන්ත ජාතික පුහුණුකරු මැතිව් ඩ්රූ මහතා නික්මයාමෙන් අනතුරුව නවසිලන්ත ජාතික පීටර් වුඩ්ස් මහතා වසර දෙකක කාලයක් සඳහා කණ්ඩායම හා එක්වූ අතර 2016 වසරේ දී ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලට එක්විය. එහි දී ඔවුන්ට නූලෙන් පදක්කමක් ගිලිහී ගියේ ලෝකඩ පදක්කම සඳහා වූ තරගයේ දී දකුණු කොරියාව හමුවේ පරාජය වූ නිසයි.

පීටර් වුඩ්ස්ගේ පුහුණුකාරීත්වය යටතේ නව මුහුණු කිහිපයක් කණ්ඩායමට එක්වී දක්ෂතා දැක්වීමට සමත් වුනත් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු සත් සාමාජික රග්බි පිටියේ සිතූ තරම් දක්ෂතා පෙන්වන්නට නම් සමත් වූයේ නැත. 2016 දී ඔවුන් තරගාවලිය අවසන් කළේ සිව්වැනි ස්ථානයේ යි.

මේ වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පොදු රාජ්‍ය මාණ්ඩලීය තරගාවලියේ දී සැලකිය යුතු දස්කම් දැක්වූයේ ෆීජී, වේල්ස් වැනි ප්‍රබල කණ්ඩායම් හා තරග කරමිනි. කෙසේ වෙතත් ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දී සාර්ථක වන්නට ඔවුන්ට හැකි වූයේ නැත.

ආසියානු සත් සාමාජික තරගාවලියේ පළමු අදියර ඔවුන් තෙවැනි ස්ථානයේ ආරම්භ කළ අතර දෙවන අදියර හා තෙවැනි අදියර ඔවුන් අවසන් කළේ පස්වැනි හා හයවැනි ස්ථානයෙනි.

Nicolas Groube කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කරන ලදි.

ශ්‍රී ලංකා සත් සාමාජික මෙන්ම පහළොස් දෙනාගේ සංචිතයේ ද සහය පුහුණුකරු (Trainer) ලෙස කටයුතු කළ නිකලස් ගෘබේ ද වසර දෙකක සේවා කාලයකින් පසු සිය ධූරය හැර යනු ඇත.

ශ්‍රී ලංකා රග්බි ආයතනයට අනුව ඉදිරි මාස කිහිපයේ දී සත් සාමාජික රග්බි තරගාවලි කිසිවක් නොමැති බැවින් ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි කණ්ඩායමේ පුහුණුකරු එළඹෙන වසරේ මාර්තුවේ දී පත් කරනු ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<