මොනාකෝ යන නිළ ශ්‍රී ලංකා රග්බි සංචිතය

1337
Sri Lanka Official Rugby squad for Monaco

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගම් තේරීම් කමිටුව විසින්, රියෝ ඔලිම්පික් සදහා සුදුසුකම් ලබා ගැනීමේ තරගයක් වන මොනාකෝ සත්සමාජික රග්බි තරගාවලිය නියෝජනය කිරීමට, ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුතු සංචිතයක් තෝරා පත් කොටගෙන ඇත. මෙම සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට කණ්ඩායම් නායක ලෙස සුදර්ශන මුතුතන්ත්‍රි නම් කර ඇත.

පසුගිය ලිපි: ගෙවුනු දවස ජුනි 06 – තවත් 3ක් ඉවතට

ප්‍ර‍ථමයෙන්ම තේරීම් කමිටුව විසින් 19 දෙනෙකුගෙන් යුතු පුහුණු සංචිතයක් නම් කර තිබු අතර පසුව එය 16 දෙනෙකු දක්වා අඩු කරනු ලැබුවා. කෙසේනමුත් නිල වශයෙන් ඉදිරිපත් වන 12 දෙනාගේ සංචිතය ඊයේ තේරීම් කමිටුව විසින් නිවේදනය කරනු ලැබීය. හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයේ දක්ෂ ක්‍රීඩකයෙකු වන සදුන් හේරත් ආබාධයකට ලක්වීම නිසා සංචිතයට කැදවා නොමැත. 16 දෙනාගේ සංචිතයට ඇතුලත්ව සිටි නිශෝන් පෙරේරා, කෙවින් ඩික්සන් සහ විශ්වමිත්‍ර‍ ජයසිංහ යන ක්‍රීඩකයින් ද නිළ සංචිතයට ඇතුලත් කර නොමැත.

සුදුස්සන් සෙවීමේ තරගවලදි ශ්‍රී ලංකාව සහ තවත් රටවල් 15ක උරෙන් උර ගැටුමකින් පසුව සුදුසුකම් ලැබුවෝ ඔලිම්පික් රග්බි තරග සදහා සහභාගි වේ. සුදුසුකම් ලබා ගැනීමේ තරග මෙම මස 18 සහ 19 යන දිනයන්හි මොනාකෝ හි ස්ටේඩ් ලුයිස් ක්‍රීඩාංගනයේදි පැවැත්වේ. මොනාකෝ හි පැවැති දින දෙකක තරගාවලියේ ජයත් ආසියානු සත්සාමජික තරගවලදි ලද ජයත් හේතුවෙන් ජපානය පමණක් මේවන විට සුදුසුකම් ලබා ඇති එකම කණ්ඩායමයි.

රග්බි පුවත් සිංහලෙන් කියවන්න – එන්න රග්බි පිටුවට

ශ්‍රී ලංකාව, කැනඩාව, ජර්මනිය සහ උරගුවේ කණ්ඩායම් සමග B කාණ්ඩයෙන් තරග වදින අතර කණ්ඩායම් තරගවලින් ජයග්‍ර‍හනය කරන්නන් Knock-out වටය සදහා සුදුසුකම් ලබයි.

ශ්‍රී ලංකා සංචිතයට අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු වන ෆාසිල් මරීජා නැවත කැදවා ඇත. පසුගිය දිනයන් හි ඔහු ආබාධයකට ලක්ව සිට සුවය ලබා, කණ්ඩායම නියෝජනයට කැදවා ඇත.

නිළ සංචිතය:

සුදර්ශන මුතුතන්ත්‍රි (හැව්ලොක්), ධනුෂ්ක රන්ජන් (හැව්ලොක්), රොෂාන් වීරරත්න (මහනුවර), ෆසීල් මරිජා (මහනුවර), දනුෂ් දයාන් (මහනුවර), ශ්‍රීනාත් සූරියබණ්ඩාර (මහනුවර), රිචඩ් ධර්මපාල (මහනුවර), සුහිරු ඇන්තනි (මහනුවර), කවිඳු පෙරේරා (CR & FC), රෝචන හෙට්ටිආරච්චි (CR & FC), ජේසන් දිසානායක (CR & FC), කාංචන රාමනායක (CR & FC)

තවත්  පුවත් සිංහලෙන් කියවන්න – පිවිසෙන්න