ගෙවුනු දවස ජුනි 06 – තවත් 3ක් ඉවතට

1868
Sri Lanka Sports News last day summary June 6

කෙළිබිම උණුසුම් කල පුවත් ඔබ වෙත සැකැවින් ගෙන ඒමේ අරමුනින් ජුනි පළමු දින සිට ගෙවුනු දවස නමින් ලිපි මාලාවක් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නෙමු. ඔබටත් පසුගිය දින මඟ හැරුනු පුවත් එකම තැනකින්, සිංහලෙන්ම කියවීමට ඉඩ ප්‍රස්තාව ලබා දීම මෙහි අරමුණයි.

— රගර් –

ඔලිම්පික් සිහින දකින ක්‍රීඩකයෝ 16ක්

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය විසින් ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුතු සංචිතයක් එලඹෙන රියෝ ඔ්ලිම්පික් වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා යෑවීමට තෝරා ගෙන අැත. එම තරග මෙම මස 18 සහ 19 වැනිදා මොනාකෝ හිදි පැවැත්වීමට කටයුතු සංවිධානය කර අැත.

අාරම්භයේදි මෙම සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා ක්‍රීඩකයින් 19 දෙනෙකුගෙන් යුතු සංචිතයක් තේරීම් කමිටුව විසින් නම් කර තිබුනද පසුව එය 16 දක්වා අඩු කර අැත.

එම 19 දෙනෙකුගෙන් යුතු සංචිතයට කනිශ්ඨ රග්බි ක්‍රීඩකයින් වන රීසා රෆයිඩීන්, ඔමල්ක ගුණරත්න, නිශෝන් පෙරේරා සහ කෙවින් ඩික්සන් තෝරා පත් කර තිබු අතර සංචිතය 16ක් දක්වා අඩු කිරීමේදි ඔමල්ක ගුණරත්න සහ රීසා රෆයිඩීන් සංචිතයෙන් ඉවත් කර අැත. මොවුන් දෙදෙනාම පාසල් රග්බි පිටියෙත්, ක්‍රීඩා සමාජයන්හිත් කැපි පෙනෙන දස්කම් දැක්වීමට සමත් වු ක්‍රීඩකයින් වේ. මොවුන් සමඟ ඉවත් කර අැති අනෙක් ක්‍රීඩකයා වන්නේ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජ ක්‍රීඩක රෙහාන් තංගරාජාය.

කෙසේනමුත් මෙම සංචිතයද 12 දෙනෙකු දක්වා කප්පාදුවකින් පසුව නිල සංචිතය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. සුපුරුදු පරිදි පුහුණුකරු ලෙස මැට් ටර්නර් කටයුතු තරයි.

 16 දෙනාගේ සංචිතය: 

සුදර්ශණ මුතුතන්ත්‍රි (හැව්ලොක් පිල), දනුශ්ක රන්ජන් (හැව්ලොක් පිල), සඳුන් හේරත් (හැව්ලොක් පිල), නිශෝන් පෙරේරා (කොළඹ හැව්ලොක් පිල), කෙවින් ඩික්සන් (හැව්ලොක් පිල), ෆසීල් මරිජා (මහනුවර පිල), ශ්‍රීනාත් සූරියබණ්ඩාර (මහනුවර පිල),රිචඩ් ධර්මපාල (මහනුවර පිල), විශ්වමිත්‍ර ජයසිංහ (මහනුවර පිල), සුහිරු ඇන්තනි (මහනුවර පිල), රොෂාන් වීරරත්න (මහනුවර පිල), ජේසන් දිසානායක (CR & FC), රෝචන හෙට්ටිආරච්චි  (CR & FC), කවිදු පෙරේරා (CR & FC), කාංචන රාමනායක (CR & FC), දනුශ්ක දයාන් (මහනුවර පිල)

තවත් රග්බි ක්‍රීඩා පුවත් සිංහලෙන් කියවන්න – රග්බි පිටුවට එන්න

මලල ක්‍රීඩා 

මේ දිනවල වියට්නාමයේ පැවැත්වෙන 17වැනි අාසියානු කණිශ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදි ශ්‍රී ලංකාව වෙනුවෙන් බලාපොරොත්තු දැල්වීමට ඩිල්ශි කුමාරසිංහ, මිතුන් මිහිරංග සහ උදිත චන්ද්‍රසේන සමත් විය.

එහිදි ඩිල්ෂී කුමාරසිංහ විනාඩි දෙකයි තත්පර 10.67 කදි මීටර 800 ඉසව්ව තෙවැනි ස්ථානයට පැමින අවසන් කිරීමෙන් තෙවන වේගවත්ම ක්‍රීඩිකාව විය. මිතුන් මිහිරංග විනාඩි 1 තත්පර 55.96 කින් තරගය නිමා කර අවසන් වටයට අවස්ථාව ලබා ගන්නා ලදි. එලෙසම මීටර් 400 කඩුළු ඉසව්වේදි උදිත චන්ද්‍රසේන තත්පර 52.66 කින් තරගය නිමා කරමින්  කරමින් එම ඉසව්වේ තෙවැනි ස්ථානයට හිමිකම් කීමට සමත් විය. 

තවද තුන් පිම්ම ඉසව්ව නියෝජනය කල ගේෂාන් ධනංජය තම හොදම පුද්ගලික දක්ෂතාවය වාර්තා කරමින් එම ඉසව්වේ සිව්වැනි ස්ථානයත් (15.90m), මීටර් 110 කඩුලු තරගය තත්පර 14.20 දි අවසන් කරමින් අකිල රවිශංක හයවැනි ස්ථානයත්, කාන්තා තුන් පිම්ම ඉසව්ව නියෝජනය කල හෂිනි බාලසූරිය මීටර් 12.61ක් වාර්තා කරමින් හත්වැනි ස්ථානයත් හිමි කර ගැනීමට සමත් විය.

තරගාවලිය වියට්නාමයේ හෝ චින් මිං නගරයේ පැවැත්විනි.

දවසේ නිමාව