“කිසිම කණ්ඩායමක් අව තක්සේරු කරන්නේ නෑ” – ශසිකලා සිරිවර්ධන

141

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන කාන්තා ආසියානු විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන මස 3 වැනිදා සිට 10 වැනිදා දක්වා මැලේසියාවේ ක්වාලම්පුර් හිදී පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතය මාධ්‍යට නිකුත් කිරීමට පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා ශසිකලා සිරිවර්ධන මෙසේ සිය අදහස් දැක්වූවාය.