අධිකරණයෙන් ක්‍රීඩා අමාත්‍යංශයට නොතීසි

295

අභියාචනාධිකරණය විසින් ක්‍රීඩා අමාත්‍යංශයට සහ එයට අදාළ පාර්ශව සඳහා නොතීසි නිකුත් කර තිබෙනවා.

පසුගිය 14 වැනිදා පැවති පාපන්දු සම්මේලනයේ නිලවරණයේ දී තමාට අසාධාරණයක් සිදු වූ බව හිටපු සභාපති ජස්වර් උමාර් මහතා විසින් ගොනු කළ අභියාචනාවක් සැලකිල්ලට ගනිමින් එම නඩුව පෙබරවාරි 21 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කළා.

එම අභියාචනාව සැලකිල්ලට ගත් පසු එහි නඩු නිමිත්තක් ඇති නිසා මෙම නඩුව විභාග කරන බවට එම අධිකරණය තීරණය කිරීමෙන් පසුවයි ක්‍රීඩා අමාත්‍යංශය සහ අදාළ පාර්ශව වෙත නොතීසි නිකුත් කර තිබෙන්නේ.

මෙම අභියාචනාව නිසා නව සභාපති ශ්‍රී රංගා මහතා ඇතුළු පාපන්දු සම්මේලනයේ නව විධායක මණ්ඩලයට සිය රාජකාරි සිදු කිරීම වාරණය කරමින් අතුරු තහනමක් අභියාචනාධිකරණය මීට පෙර නිකුත් කර තිබුනත්, එය අද (20) ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ පාපන්දු පරිපාලනය නිසියාකාරව පවත්වා ගැනීම පිළිබඳව කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<