ශ්‍රී ලංකා කණ්ඩායම භයානක කණ්ඩායමක් – Jos Butler

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2021

208

ශ්‍රී ලංකා කණ්ඩායම භයානක කණ්ඩායමක් බව එංගලන්ත සුපිරි පිතිකරු Jos Butler පවසා සිටිනවා. ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්තය විස්සයි විස්ස හා එක්දින තරගාවලිය හෙට (23) ආරම්භ වීමට නියමිතයි.

අන්තර්ජාලය ඔස්සේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් Jos Butler පවසා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම නවකයින් රැසකගෙන් සමන්විත වුනත්, කණ්ඩායමක් ලෙස ඔවුන් ඉතා ශක්තිමත් බවයි.

“මම හැමතිස්සෙම හිතනවා ශ්‍රී ලංකා කණ්ඩායම ශක්තිමත් කණ්ඩායමක් කියලා. ඔවුන්ට මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර වගේ දැවැන්ත ක්‍රීඩකයින් වගේම සුපිරි ක්‍රිකට් තරුවක් වූ ලසිත් මාලිංගත් මෑත කාලයේ දී අහිමි වුනා. ඊළඟට ඉන්න ක්‍රීඩකයින්ට ඒ මට්ටමට ක්‍රීඩා කරන්නට ටිකක් කල් යනවා” Butler පවසා සිටියා.

“ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා දක්ෂ ක්‍රීඩකයින් ඉන්නවා. ඔවුන් ඉතා භයානක කණ්ඩායමක්. මම ඔවුන්ගෙන් ලොකු අභියෝගයක් බලාපොරොත්තු වෙනවා.”

තවත් ක්‍රිකට් පුවත්:

ශ්‍රී ලංකා නායක කුසල් පෙරේරා හා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග අවධානය යොමු කළ යුතු ඉතා භයානක ක්‍රීඩකයින් වන බවත් Butler පවසා සිටිනවා. “කුසල් පෙරේරා ගොඩ කාලයක ඉඳලා කණ්ඩායමේ ඉන්නවා. මම හැමවෙලාවේම ඔහුව භයානක ක්‍රීඩකයෙක් විදියටයි දකින්නේ. ඔහු ගොඩක් ආක්‍රමණශීලී ක්‍රීඩකයෙක්. ඔහුට පුළුවන් තරගයක් ඔබෙන් උදුරාගන්නට. අපි පා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක හසරංගව මීට කලින් වැඩිය දැකලා නැහැ. Mickey Arthur ඔහු පිළිබඳ ගොඩක් ඉහළින් කතා කරලා තියෙනවා.මේ  නම් දෙකක් පමණයි. නමුත් මට විශ්වාසයි ශ්‍රී ලංකාවට ඉතා දක්ෂ සංචිතයක් ඉන්නවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<