​ආබාධ මැදින් PSGට පළමු ජය; Griezmann මෙසීගේ හිස්තැන පුරවයි!

83

එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගාවලියේ  තෙවන සති අන්තයේ මෙන්ම, La Liga, හා Ligue 1 තරගාවලිවල දෙවන සති අන්තයන් හි වැදගත් තරග කිහිපයක්ම ඊයේ (25) හා අද අලුයම පැවැත්වුනා.

Antoine Griezmann වැඩ පෙන්වයි

Lionel Messi හා Luis Suarez නොමැති වුනත් Griezmannගේ සුපිරි ප්‍රහාරයෙන් බල ගැන්වුණු Barcelona කණ්ඩායම Real Betis ගෝල 5-2ක් ලෙස පරාජය කරන්නට සමත් වුනේ සුපිරි තරගයකින් පසුවයි.

Lewandowski සැණකෙළි පෙන්වද්දී මැන්චෙස්ටර් යුනයිටඩ් ඇද වැටේ!

එංගලන්ත ප්‍රිමියර් ලීග් තෙවැනි සති අන්තය මෙන්ම …….

පසුගිය සතියේ පැවති තරගයේ දී Griezmann එතරම් දක්ෂතා අතරට පිවිසෙන්නට අසමත් වූ අතර Barcelona කණ්ඩායම ගෝල 1–0ක් ලෙස Athletic Bilbao හමුවේ නොසිතූ පරාජයකට ලක් වුනා. කෙසේ වෙතත් Lionel Messiගේ හා Luis Suarezගේ හිඩැස පිරවූ ඔහු La Liga දෙවන සති අන්තයේ දී Barcelona කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.      

Nabil Fekir 15 වැනි මිනිත්තුවේ දී Betis කණ්ඩායම වෙනුවෙන් තරගයේ පළමු ගෝලය වාර්තා කළේ Barcelona කණ්ඩායම මවිත කරමින්. Moron අලංකාර ලෙස පන්දුව Fekir වෙත පන්දුව යොමු කළ අතර Alba මඟ හැරී ඔහු Marc-Andre ter Stegen පසු කර පන්දුව ගෝල රාමුව තුළට යොමු කරන්නට සමත් වුනා.     

පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු 10ක් තිබිය දී Rafinhaගේ උත්සහයක් අවාසනාවන්ත ලෙස ගෝල රාමුවේ වැදී ඉවත ගියා. කෙසේ වෙතත් 41 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වුණු Griezmann Barcelona වෙනුවෙන් ගෝල සම කරන්නට සමත් වුනා. ඒ Robertoගේ පන්දු යොමු කිරීමක් දක්ෂ ලෙස Dani Martin පසු කර දැල් ගත කරමින්.  

පළමු අර්ධයේ ගෝලයෙන් සෑහීමට පත් නොවුණු Griezmann දෙවන අර්ධයේදීත් ක්‍රියාත්මක වුනා. යාර 18ක පමණ දුර සිට සුපිරි ප්‍රහාරයකින් Robertoගේ පන්දු යොමු කිරීම ගෝලයක් බවට පරිවර්තනය කරන්නට Griezmann සමත් වුනා.  

56 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Perez සිය ප්‍රතිවාදී ආරක්ෂක ක්‍රීඩකයා පසු කර පහසුවෙන් පන්දුව දැල් ගත කළේ ගෝල රකින ක්‍රීඩක Martin හට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින්. තෙවැනි ගෝලයට පසුවත් Barcelona කණ්ඩායම සිය රිද්මය මදකටවත් වෙනස් කළේ නැත. Sergio Busquetsගේ පන්දු යොමු කිරීම Alba ගෝල රාමුව තුළට යොමු කළේ අසරණව සිටි Martin තවත් අසරණ කරමින්.     

අවසන් මිනිත්තු 30 දී බාර්සිලෝනා කණ්ඩායම මදක් සන්සුන්ව ක්‍රීඩා කළත්, චිලී ක්‍රීඩක Vidal 77 වැනි මිනිත්තුවේ දී Barcelona ලකුණු සටහනට තවත් ගෝලයක් එකතු කළේ Griezmannගේ සහයෙන්.  

කණ්ඩායමේ ගෞරවය වෙනුවෙන් 79 වැනි මිනිත්තුවේ දී Betis ක්‍රීඩක Moron තරගයේ අවසන් ගෝලය වාර්තා කළා. කෙසේ වෙතත් ඒ වන විටත් තරගය ඔවුන්ගෙන් ගිලිහි ගොස් තිබුණු අතර නැවතත් ගෝලයක් සඳහා කණ්ඩායම් දෙකටම ආසන්න අවස්ථාවක් ලැබුණේ නැහැ.

අවසන් ලකුණු තත්වය: Barcelona 5 – 2 Real Betis

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Barcelona – A. Griezmann (41, 50), Carles Pérez (56), Jordi Alba (60), A.Vidal (77) 
  • Real Betis – N. Fekir (15), Loren Morón (79) 

 Agueroගෙන් සුපිරි ගෝල ද්විත්වයක්

Sergio Agueroගේ සුපිරි ගෝල ද්විත්වයෙන් වත්මන් ප්‍රිමියර් ලීග් ශූර මැන්චෙස්ටර් සිටි කණ්ඩායම ගෝල 3–1ක් ලෙස AFC Bournemouth කණ්ඩායම පහසුවෙන් පරාජය කරන්නට සමත් වුනා. 

තරගයේ 15 වැනි මිනිත්තුවේ දී Aguero තරගයේ පළමු ගෝලය වාර්තා කළා. ඒ Kevin De Bruyneගේ පන්දු යොමු කිරීමක් ගෝල රාමුවේ පහළ කෙළවරින් දැල් ගත කරමින්. 

Pep Guardiolaගේ City කණ්ඩායම 43 වැනි මිනිත්තුවේ දී නැවතත් ක්‍රියාත්මක වුනේ පළමු තරග දෙකේ දී ම සාර්ථක වුණු Raheem Sterling මේ තරගයේ දීත් ගෝලයක් වාර්තා කිරීමත් සමඟයි. David Silvaගේ පන්දු යොමු කිරීමක් අලංකාර ලෙස Aaron Ramsdale පසු කර ගෝල රාමුව තුළට යොමු කරන්නට Sterling සමත් වුනා.     

පළමු අර්ධය අවසන් වීමට පෙර Bournemouth කණ්ඩායමට නිදහස් පහරක් හිමි වුණු අතර සිය කණ්ඩායමේ ගෞරව බේරා ගන්නට Harry Wilson සමත් වුනා. ඒ ලැබුණු නිදහස් පහර අලංකාර ලෙස කවාකාර ප්‍රහාරයකින් ගෝල රකින්නා පසු කර දැල තුළට යොමු කරමින්.   

කෙසේ වෙතත් දෙවන අර්ධයේ මැද භාගයේ දී City කණ්ඩායමේ ජයග්‍රහණය ස්ථිර කරන්නට සමත් වුනේ නැවත වරක් ක්‍රියාත්මක වුණු Aguero.    

ඒ අනුව මැන්චෙස්ටර් සිටි කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත් වුනා. ලකුණු සටහනේ පළමු ස්ථානයේ සිටින්නේ Liverpool කණ්ඩායමයි.

අවසන් ලකුණු තත්වය: Manchester City 3 – 1 AFC Bournemouth 

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

Newcastle ප්‍රහාරයෙන් Tottenham කණ්ඩායමට අසාධ්‍යයි

 

Joelintonගේ මංගල ප්‍රිමියර් ලීග් ගෝලයෙන් Newcastle United කණ්ඩායම ගෝල 1–0ක් ලෙස ප්‍රබලTottenham Hotspur කණ්ඩායම මවිත කරන්නට සමත් වුනා. 

මේ Newcastle කණ්ඩායමේ පුහුණුකරු වන Steve Bruceගේ ද පළමු ප්‍රිමියර් ලීග් ජය වීම විශේෂත්වයක්.  

තරගය පුරා 80%ක කාලයක් පන්දුව තමන් සතුව තබාගෙන ක්‍රීඩා කරන්නට Hotspur කණ්ඩායම සමත් වුනත්, තරගයේ වාර්තා වූ එකම ගෝලය වාර්තා කළේ Newcastle වීම විශේෂත්වයක්. 

ආබාධයකට ලක් වූ Allan Saint-Maximin වෙනුවට පිටියට පිවිසුණු Christian Atsu අලංකාර ලෙස Joelinton හට ප්‍රහාරය සඳහා පන්දුව සකසා දුන් අතර Joelinton පහසුවෙන් Hugo Lloris පසුකර ගෝලය රැස් කළා.     

සුපිරි ක්‍රීඩක Son Heung-min රතු කාඩ්පත් තරග තහනමෙන් පසුව නැවත කණ්ඩායමට පිවිසුණු නමුත් ඔහුට ලැබුණු අනගි අවස්ථාවක් Newcastle ගෝල රකින ක්‍රීඩක Martin Dubravka පසු කර දැල් වෙත යොමු කරන්නට ඔහු අසමත් වුනා. 

Lucas Moura හා Harry Kane දෙදෙනාම අවසන් මොහොත තෙක් උත්සහ කළත් ඔවුන් දෙදෙනාටම අවසන් මිනිත්තු කිහිපයේ ලැබුණු අවස්ථා ගිලිහී ගියා. ඒ අනුව Newcastle කණ්ඩායම Spurs කණ්ඩායමට එරෙහිව සිය 22 වැනි ප්‍රිමියර් ලීග් ජය වාර්තා කරන්නට සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: Newcastle United 1 – 0 Tottenham Hotspur

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ 

  • Tottenham Hotspur – Joelinton 27′

ආබාධ මැද PSG කණ්ඩායමට දැවැන්ත ජයක්

සුපිරි ක්‍රීඩකයින් වන Edinson Cavani හා Kylian Mbappe නොසිතූ ලෙස ආබාධයකට ලක් වුනත් Toulouse කණ්ඩායම ගෝල 4–0ක් ලෙස පරාජය කරන්නට Paris Saint-Germain කණ්ඩායම සමත් වුනා.   

Eric Maxim Choupo-Moting දෙවන අර්ධයේ දී ගෝල ද්විත්වයක් වාර්තා කළ අතර පසුගිය සතියේ දී PSG කණ්ඩායම Rennes හමුවේ ගෝල 2–1ක් ලෙස පරාජය වීම විශේෂත්වයක්. 

කැමරූන් ජාතික Choupo-Moting, Cavani වෙනුවට පිවිසුණු අතර Toulouse ආරක්ෂක වළල්ල අතරින් රිංගා ගිය ඔහු 50 වැනි මිනිත්තුවේ දී තරගයේ පළමු ගෝලය වාර්තා කළා. ඊට මිනිත්තු පහකට පසුව Matthieu Goncalves, PSG කණ්ඩායමට Own Goal යක් පූජා කළේ සිය කණ්ඩායම කබලෙන් ලිපට ඇද දමමින්.  

Angel Di Maria ලබා ගත් දඬුවම් පහරක් Baptiste Reynet අලංකාර ලෙස ආරක්ෂා කළ නමුත් Choupo-Moting 75 වැනි මිනිත්තුවේ දී සිය දෙවන ගෝලයත් ගෝල රකින්නා පසු කරමින් දැල් ගත කරන්නට සමත් වුනා.  

Marquinhos සිව්වැනි PSG ගෝලය වාර්තා කළ අතර Mbappe ද ආබාධයකට ලක් වීම විශේෂත්වයක්. PSG පුහුණුකරු පවසා තිබුණේ Mbappeගේ හා Cavaniගේ ආබාධයන් දෙකම මස්පිඩු ආශ්‍රිත ආබාධ බවයි. 

අවසන් ලකුණු තත්වය: Toulouse 0 – 4 Paris Saint-Germain

ගෝල ලබා ගත් ක්‍රීඩකයෝ

  • Paris Saint-Germain – Eric Maxim Choupo-Moting (50′,75′), Mathieu Goncalves (55′     OG), Marquinhos (83′) 

Atletico Madrid සිය දෙවන ජය වාර්තා කරයි.

දැඩි වෙහෙසක් දැරීමෙන් පසුව Leganes ගෝල 1-0ක් ලෙස පරාජය කරන්නට Atletico Madrid කණ්ඩායම සමත් වුනා. ඒ Vitoloගේ හුදකලා ගෝලයෙන්.   

තරගයේ පළමු අර්ධයේ එතරම් උණුසුම් වූයේ නැතත් දෙවන අර්ධය තරමක් තරගකාරී වුනා.

කණ්ඩායම එක්වූ නව ක්‍රීඩක Joao Felix, Athletico වෙනුවෙන් එම ගෝලය නිර්මාණය කළා. Leganes පසුපෙළ මග හැර ඉදිරියට ගිය ඔහු පන්දුව දක්ෂ ලෙස Vitolo වෙත භාර දුන් අතර Vitolo 71 වැනි මිනිත්තුවේ දී අලංකාර ලෙස ගෝලයක් සම්පූර්ණ කරන්නට සමත් වුනා. 

Atletico වෙනුවෙන් Saul Niguezගේ උත්සාහයක් ගෝල රාමුවේ වැදී ඉවත ගිය අතර Leganes මැදපෙළ ක්‍රීඩක Jonathan Silva නිදහස් පහරක දී ගත් උත්සහයක් ද ගෝල රාමුවේ වැදී ඉවත ගියේ ගෝල සම කිරීමට තිබූ ආසන්න අවස්ථාවක් අපතේ යවමින්.

කෙසේ වෙතත් Jan Oblak, Javi Erasoගේ දක්ෂ ප්‍රහාරයක් නැවත්  වූයේ Simioneගේ Atletico කණ්ඩායමට අඛණ්ඩ දෙවන ජයත් ගෙන එමින්.

අවසන් ලකුණු තත්වය: Leganes 0 – 1 Atletico Madrid

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Atletico Madrid – Vitolo 71’  

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<