තෝමසුවන්ට ප්‍රීමා සමාගමෙන් සත්කාරකත්වය

200
Prima Treats co-sponsor for the First XV rugby team of S. Thomas' College
Mr. R. Renganathan- OTRFU Member - S.Thomas’ College, Mount Lavinia, Coach, Rev. Marc Billimoria- Warden- S.Thomas’ College, Mount Lavinia, Mr. Tan Beng Chuan- Group General Manager- Prima Group (Sri Lanka), Naveen Henakankanamage Captain of S.Thomas’ College, Mount Lavinia Rugby Team, Mr. Shun Tien Shing - General Manager - Ceylon Agro-Industries Limited - Prima Group (Sri Lanka), Mr. Sajith Gunaratne - Senior Business & Senior Marketing Manager - Ceylon Agro-Industries Limited- Prima Group (Sri Lanka), Mr. Reza Marjarn- OTRFU Member- S.Thomas’ College, Mount Lavinia.

2017 අන්තර් පාසල් රග්බි තරගාවලියට සහභාගී වන ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලීය කණ්ඩායමට ප්‍රීමා සමූහ ආයතනය සිය පූර්ණ අනුග්‍රහකත්වය ලබාදීමට තීරණය කර ඇත.

පසුගිය ලිපි: දෙවන වටයේ තෙවන සතියේ වෙනස් තරග දෙකක්

මේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ (18) CR & FC ක්‍රීඩාංගණයේදී පැවති අතර එම අවස්ථාවේදී ප්‍රීමා ආයතනයේ ප්‍රධාන කළමනකරු ටැන් බෙන් චුවාන් මහතා විසින් සාන්ත තෝමස් විද්‍යාලයේ විදුහල්පති මාක් බිලිමොරියා පියතුමන් හට සංඛේතාත්මක අනුග්‍රාහක චෙක්පත පිරිනමන ලදී.

සාන්ත තෝමස් විද්‍යාලය දේශීය රග්බි ක්‍රීඩාවේ වර්ධනයට විශාල කාර්යභාරයක් ඉටු කර ඇති පාසලක් වන අතර පසුගිය වසරේ පාසල් රග්බි තරගාවලියේ ලීග් කාණ්ඩයේ අනුශූරතාවය ද දිනා ගැනීමට ඔවුන් සමත් වූහ.

“රග්බි ක්‍රීඩාව සෑමවිටම සාන්ත තෝමස් විද්‍යාලයේ සංස්කෘතිය හා තදින් බැදී පවතිනවා. ඒ වගේම කණ්ඩායමේ පිටියේ දක්ෂතා වුනත් බොහෝම ප්‍රසිද්ධයි. ප්‍රීමා ට්‍රීට්ස් රසය නව මානයකට ගෙනයනවා වගේම, සාන්ත තෝමස් විද්‍යාලය රග්බි ක්‍රීඩාවෙන් නව තලයක‍ට ඔසවා තබන්න අපි බලාපොරොත්තු වෙනවා. අන්න ඒ නිසයි ප්‍රීමා ට්‍රිට්ස් හා සාන්ත තෝමස් රග්බි සංකල්පය වැදගත් කියලා අපි හිතන්නේ ” යැයි ප්‍රීමා සමූහ ආයතනයේ ජ්‍යේෂ්ඨ ව්‍යාපාර හා අළෙවි කළමනාකරු සජිත් ගුණරත්න මහතා පවසා සිටියේය.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට