නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාවට නව ස්ථානයක්

389

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල හයවැනි, අටවැනි හා නවවැනි ස්ථාන හිමිකරගෙන ඇත.

ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවේ සංචාරයක; එක්දින තරග නැත

2019 වසර ආරම්භයේ ශ්‍රී ලංකා කණ්ඩයම ටෙස්ට් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක් සඳහා …

නවතම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් අනුව තවදුරටත් පෙරමුණේ රැඳී සිටින්නේ ප්‍රසාද ලකුණු 130ක් ලබා ගත් පාකිස්තාන කණ්ඩායම වන අතර පිළිවෙළින් එහි දෙවන හා තෙවැනි තැන දිනා සිටින්නේ ඕස්ට්‍රේලියාව (126) හා ඉන්දියාවයි (123).  

නිමාවූ නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට අපේක්ෂිත දස්කම්වලට පැමිණීමට නොහැකි වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම (85) විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල පෙර තිබූ ප්‍රසාද ලකුණුවලින් ලකුණු 4ක් අඩු විය.

එම නිසා ඇෆ්ගනිස්ථාන (87) කණ්ඩායම ශ්‍රී ලංකාව අභිබවා ප්‍රසාද ලකුණු 2ක් ලබාගෙන එම සටහනේ 8 වැනි ස්ථානය දිනාගෙන ඇත. එසේම දකුණු ආසියානු රටක් වන නේපාල ක්‍රිකට් කණ්ඩායම ද ප්‍රසාද ලකුණු 26ක් ලබාගෙන ICC ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත් වීමට මාන බලමින් සිටියි. නේපාලය තවත් එක් ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කළ පසුව එම ලේඛනයට ඇතුළත් වීමට ඔවුන්ට ද අවස්ථාව ලැබෙනු ඇත.

ඔව් මට මාධ්‍ය ආයතනයක සම්බන්ධකමක් තිබ්බා – තිලංග සුමතිපාල

මේ දිනවල බොහෝ සෙයින් කතාබහට ලක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පිළිබඳව අද (01) …

2013 වර්ෂයට පසුව නැවතත් ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලේඛනයේ පළමු ස්ථානය දිනා ගැනීමට එංගලන්තය සමත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 125ක් ලබා ගනිමිනි. ඉන්දියාව (122) හා දකුණු අප්‍රිකාව (113) පිළිවෙළින් එහි දෙවන හා තෙවැනි ස්ථාන දිනා සිටින්නේ පෙර ලබාගෙන සිටි ප්‍රසාද ලකුණු ප්‍රමාණයට වඩා ලකුණු කිහිපයක් අහිමි කරගනිමිනි.

ජාත්‍යන්තර ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පාකිස්‌තානයට (86) වඩා පියවරක්‌ ඉදිරියට පැමිණ සිටින ශ්‍රී ලංකාව (94) අදාළ ශ්‍රේණියේ හය වැනි තැනට පත්ව තිබේ.

සුපුරුදු පරිදි ටෙස්‌ට්‌ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ පළමු තැන ප්‍රසාද ලකුණු 125ක්‌ දිනා ගත් ඉන්දියාවට හිමිව ඇති අතර දෙවැනි තැන දකුණු අප්‍රිකාවටත්, තෙවැනි තැන ඕස්ට්‍රේලියාවටත් හිමිව තිබේ.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් හොඳම පිතිකරුවන් විස්ස අතරට තේරීපත්ව ඇත. මීට පෙර පළමු දස දෙනා අතර සිටි චන්දිමාල් ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හි 12 වැනි තැනට පත්වී ඇත.

“මාව මිලට ගත් එකෙන් IPL එක බේරුණා” – ක්‍රිස් ගේල්

IPL (ඉන්දියන් ප්‍රීමියර් ලීග්) තරගාවලිය තුළ දී ක්‍රීඩකයන් අලෙවි වන්නේ මිළට ය. එහෙත් මේ වසරට පෙර IPL …

කෙසේ වෙතත් නවක පිතිකරු කුසල් මෙන්ඩිස්‌ හොඳම පිතිකරුවන් විසි දෙනා අතරට පැමිණ තිබේ. ඔහු මේ වසරේ සහභාගි වූ ටෙස්‌ට්‌ තරග දෙකක දී ලකුණු 271ක්‌ ලබා ගැනීම හේතුවෙන් අදාළ ස්ථානය හිමිව තිබේ. දිනේෂ් චන්දිමාල් ඉකුත් වසරේ ටෙස්‌ට්‌ ලකුණු 1003ක්‌ ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවට මාස කිහිපයක්‌ ටෙස්‌ට්‌ තරග නොතිබීම ද අදාළ තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබේ. ටෙස්‌ට්‌ පන්දු යවන්නන් අතර පළමු තැන දකුණු අප්‍රිකාවේ කැගිසෝ රබාඩාට හිමිව ඇති අතර දෙවැනි තැන එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් හා තෙවැනි තැන දකුණු අප්‍රිකාවේ වර්නන් පිලැන්ඩර්ටත් හිමිව තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<