පාපන්දු නිලවරණයේ දින වෙනසක්

383
Sri Lanka Football election rescheduled to 29th September

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පෙර සැලසුම් කර දිනයේ නොපවත්වා සැප්තැම්බර් 29 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා. 

ඊයේ (14) පැවති සුවිශේෂී මහා සභා රැස්වීමේ දී මේ පිළිබඳව තහවුරු කර තිබූ අතර මීට පෙර එම නිලවරණය පැවැත්වීමට සැලසුම් කර තිබුණේ සැප්තැම්බර් 16 වැනිදායි.  

නමුත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් අගෝස්තු 12 වැනිදා යොමු කළ ලිපියක් මඟින් නිලවරණ මාර්ග සිතියමට අනුව නාමයෝජනා භාර ගැනීම අගෝස්තු 19 වැනිදා දක්වා සිදු කරන අතර අපේක්ෂකයින් ප්‍රකාශයට පත් කිරීම අගෝස්තු 29 වැනිදා සිදු කිරීමට නියමිතයි. 

ඒ අනුව නාම යෝජනා සඳහා විරෝධතාව ප්‍රකාශ කිරීමට සැප්තැම්බර 1 වැනිදා සිට 3 වැනිදා දක්වා කාලය ලබා දී තිබෙන අතර අවසන් අපේක්ෂක ලැයිස්තුව සැප්තැම්බර් 04 වැනිදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. 

මෙම නිලවරණය සඳහා තිදෙනෙකුගෙන් යුත් මැතිවරණ කමිටුවක් නම් කර තිබෙන අතර විශ්‍රාමික මහාධිකරණ විනිසුරු යූ. එල්. එම්. මජීද් මහතා ප්‍රධානත්වය දරන එම කමිටුවට විශ්‍රාමික ජෙනරාල් උපාලි ගුණසේකර සහ බන්දුල අතපත්තු මහතා ද ඇතුළත්.  

ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය ඇතුළු පාපන්දු පිටියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.  

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<