ශ්‍රී ලංකාවට 14 වැනි ස්ථානය

194
Sri Lanka finish 14 th in Asian Senior Men’s Volleyball Championship

ඉන්දුනීසියාවේ සුරබායා නුවර පැවති 19 වැනි ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (31) අවසන් වරට සහභාගී වූ තරගයෙන් 3-1ක් ලෙස පරාජයට පත් විය.

මෙම තරගය තරගාවලියේ 13 වැනි ස්ථානය තීරණය කිරීම සඳහා පැවති තරගය වන අතර ශ්‍රී ලංකාවට අවසානයේ 14 වැනි ස්ථානය හිමි වූයේ ඉරාකය හමුවේ පරාජය වෙමිනි.

ශ්‍රී ලංකාවට හොංකොං හමුවේ ප්‍රබල ජයක්

ආසියානු වොලිබෝල් සංගමය විසින් 19 වන වරටත් සංවිධානය කරනු ලබන ආසියානු පිරිමි වොලිබෝල් තරගාවලිය මේ දිනවල ඉන්දුනීසියාවේ සුරබායා හිදී පැවැත්වේ…

හොං කොං කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකාව මෙම තරගය සඳහා පිවිසියේ කෙසේ හෝ 13 වැනි ස්ථානය ජයග්‍රහණය කරමින් තරගාවලිය අවසන් කිරීමේ බලාපොරොත්තු සහිතවයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවට මෙම තරගයෙන් 14 වැනි ස්ථානය හිමි වුවද, ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූයේ තරගාවලියේ අවසන් 10 අතර රැඳෙමින් තරගාවලිය අවසන් කිරීමටයි.

ශ්‍රී ලංකාව තරගයට ඉතාමත් හොඳින් පිවිසෙමින් ප්‍රථම වටය ජයග්‍රහණය කරන්නට සමත් වූයේ 25-16ක් වශයෙනි. කෙසේ වුවත් ඔවුන් දෙවැනි වටයේ දී ඉරාකයට පරාජය වූයේ 25-11ක් ලෙසයි.

තෙවැනි අර්ධයේ දී ප්‍රතිවාදීන්ට තියුණු තරගයක් දෙන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුවත්, එම තියුණු තරග වටය ලකුණු 3ක පරතරයක් සහිතව නිමා කරන්නට ඉරාක ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගාවලියේ 4 වැනි වටයේ දී ශ්‍රී ලංකාව ඉරාකය සම කරමින් වට 5ක් දක්වා ගොස් තරගය ජයග්‍රහණය කරන්නට මාන බැලූව ද එම උත්සාහය සාර්ථකව ව්‍යර්ථ කරන්නට ප්‍රතිවාදී ඉරාක ක්‍රීඩකයින් සමත් විය.

ලකුණු තත්වය: 16-25, 25-11, 25-22, 25-21

ඉරාක කණ්ඩායම වෙනුවෙන් ජමල් නසීර් වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 20ක් වාර්තා කරමිනි. චල්ලාබ් ඉස්ලාම් ලකුණු 16ක් ද වාර්තා කර අතර ශ්‍රී ලංකා වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් වාර්තා කළ දීප්ති රොමේෂ් ලකුණු 22යි.

13ත් – 16ත් අතර ස්ථානය

9ත් – 12ත් අතර ස්ථාන

1ත් – 8ත් අතර ස්ථාන

වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට