ශ්‍රී ලංකාවට හොංකොං හමුවේ ප්‍රබල ජයක්

991

ආසියානු වොලිබෝල් සංගමය විසින් 19 වන වරටත් සංවිධානය කරනු ලබන ආසියානු පිරිමි වොලිබෝල් තරගාවලිය මේ දිනවල ඉන්දුනීසියාවේ සුරබායා හිදී පැවැත්වේ. එහි දී 13ත් 16ත් අතර ස්ථානයක් හිමි කර ගැනීමට පැවති තරගයේ දී හොංකොං කණ්ඩායම වට 3-0ක් ලෙස පරාජය කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කටාර් පරදා ශ්‍රී ලංකාව පළමු ජය වාර්තා කරයි

ඉන්දුනීසියාවේ සුරබායා අගනුවර දී පැවැත්වෙන 19 වන ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් තරගාවලියේ G කාණ්ඩයේ කටාර් රාජ්‍යයට එරෙහිව අද (27) පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට…

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට පෙර G කාණ්ඩය යටතේ සහභාගි වූ තරගය ජයග්‍රහණය කරමින් මුල් ස්ථාන 12 අතර රැඳී සිටීමට වෑයම් කළ ද, ප්‍රබල සවුදි අරාබි කණ්ඩායම හමුවේ වට 3-1ක් (25-17, 27-25, 19-25, 25-23) ලෙස පරාජය වීම නිසා එම බලාපොරොත්තු බොඳ වී ගියේය.

එම තරගයේ දී දීප්ති රොමේෂ් ලකුණු 26ක් තම කණ්ඩායම වෙනුවෙන් එක්කරන්නට සමත් වූ අතර, ජනිත සුරත් ලකුණු 13ක් එක්කරමින් දීප්ති හට අනගි සහයක් දුන්නේය. සවුදි අරාබි කණ්ඩායම වෙනුවෙන් අල්බකීට් අහමඩ් හා අල්නාජරානි ඕමාර් පිළිවෙළින් ලකුණු 25ක් හා ලකුණු 22ක් තම කණ්ඩායම වෙනුවෙන් රැස්කර ගන්නා ලදි.

මෙම තරගාවලියේ 13ත් 16ත් අතර ස්ථානයක් හිමි කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව, හොංකොං, ඉරාකය සහ සවුදි අරාබිය යන කණ්ඩායම් තරග කළ අතර, 9ත් 12ත් අතර ස්ථාන හිමි කර ගැනීමට කටාර්, පාකිස්තානය, වියට්නාමය හා තායිලන්තය යන කණ්ඩායම් එකිනෙකා මුණගැසීමට නියමිතව ඇත.

G කාණ්ඩය

image G

H කාණ්ඩය

image H

සවුදි අරාබි කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වූ නිසා 13ත් 16ත් අතර ස්ථාන හිමි කර ගැනීමට පැවැත්වෙන තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට සහභාගී වීමට සිදු වූ අතර, එහි දී හොංකොං කණ්ඩායම සමඟින් පැවති තරගයෙන් වට 3-0ක (25-18, 25-13, 25-17) පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි විය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේ සහභාගි වන අවසන් තරගය හෙට (31) ඉරාකයට එදිරිව පැවැත්වෙන අතර, එම තරගය මෙවර තරගාවලියේ 13 සහ 14 යන ස්ථාන තීරණය කරනු ඇත.

 වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට