ස්ටෝක්ස් සහ හෝල්ඩර්ට සංගාගෙන් පැසසුම්

1064

මාස හතරකට ආසන්න කාලයක විරාමයකට පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පැවති පළමු තරගය ඊයේ (12) අවසන් වුනේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට කඩුලු 4ක ජයක් හිමිකර දෙමිනි.

එංගලන්තය සහ කොදෙව්වන් අතර පැවති එම ටෙස්ට් තරගය ලොව පුරා සිටින ක්‍රීඩකයින්ට සහ රසිකයින්ට නවමු ආකාරයක අත්දැකීමක් බවට පත්වූවා සේම Covid-19 පසුව නැවතත් ක්‍රිකට් ක්‍රීඩාවේ චමත්කාරය මුළු ලොවටම බෙදා දීමට එම තරගයට හැකි විය.

දශක දෙකකට පසු කොදෙව්වන්ට ඓතිහාසික ජයක්

එම තරගය පිළිබඳව ලොව පුරා සිටින වර්තමාන/හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්/ක්‍රීඩිකාවන් සහ ක්‍රිකට් විස්තර විචාරකයින් රැසක් සිය පුද්ගලික Twitter ගිණුම් හරහා මෙසේ සිය අදහස් පළ කර තිබුණු අතර ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර ද එම තරගය පිළිබඳව සිය අදහස මෙසේ ප්‍රකාශ කර තිබුණි.

“විරාමයට පසුව තිබ්බ පළමු තරගයම ඉතාමත් සාර්ථකයි. කණ්ඩායම් දෙකම ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා. කොදෙව් කණ්ඩායම සතුව තිබ්බ දැඩි විශ්වාසය මේ තරගය දිනන්න ඔවුන්ට ගොඩක් ලොකු හයියක් වුනා. ජේසන් හෝල්ඩර් සහ බෙන් ස්ටොක්ස් යන නායකයින් දෙදෙනාම ආදර්ශවත් නායකයින් බව ලොවටම පෙන්නුම් කළා” යැයි සංගක්කාර සිය අදහස් පවසා සිටියේය.

ඊට අමතරව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ වර්තමාන ක්‍රිකට් විස්තර විචාරක රසල් ආනෝල්ඩ් ද මෙසේ සිය මතය පවසා තිබුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<