පිතිකරුවන් සම්පූර්ණ ගෞරවය දිනා ගනිමින් තරගය අවසන්

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022

428

ශ්‍රී ලංකා නැගී එන සහ Kent County Cricket Club කණ්ඩායම් අතර පැවති සිව්දින තරගය අද (09) නිමාවට පත්වුණේ ජය පරාජයෙන් තොරවයි.

පිතිකරුවන්ට වැඩි වාසි සැලසූ මෙම තරගයේ තෙවැනි දින වූ ඊයේ (05) දිනට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 6ක් දැවී ලකුණු 573ක් ලබා සිටියා.

උදෑසන වරුවේ ක්‍රියාත්මක වූ Kent පන්දු යවන්නන් හමුවේ දුවිඳු තිලකරත්න ලකුණු 5කට සහ නිපුන් මාලිංග ලකුණු නොලබාම දැවී ගියේ ශ්‍රී ලංකා නැගී එන පළමු ඉනිම ලකුණු 583ක් වන විටයි.

ඉන්පසුව පිටියේ එක්වූ යසිරු රොද්‍රිගෝ සහ සංතුෂ් ගුණතිලක 9 වැනි කඩුල්ල සඳහා ලකුණු 75ක සම්බන්ධතාවක් පිහිටුවීමට සමත් වීමෙන් අනතුරුව Max Luckettගේ පන්දුවක් හමුවේ යසිරු රොද්‍රිගෝ දැවී යන විට ලකුණු 25ක් ලබාගෙන සිටියා.

පසුපෙළ පිතිකරුවන් සමඟ එක්වෙමින් සංතුෂ් ගුණතිලක නොදැවී ලබා ගත් ලකුණු 58 නිසාවෙන් ශ්‍රී ලංකා පළමු ඉනිම අත්හිටුවීමට නායකයා තීරණය කරන විට මුළු ලකුණු සංඛ්‍යාව දිස්වුණේ කඩුලු 9ක් දැවී ලකුණු 658ක් ලෙසයි.

ඒ අනුව ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයින් Kent කණ්ඩායමේ පළමු ඉනිමට වඩා ලකුණු 63ක් ඉදිරියෙන් සිටීමට සමත්ව තිබුණා.

ලකුණු 63ක් පිටුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ඇරඹූ සත්කාරක Kent කණ්ඩායම වෙනුවෙන් පළමු කඩුල්ල ලෙස ලකුණු 124ක සම්බන්ධතාවක් පිහිටුවීමට Marcus O’Riordan සහ Tawanda Muyeye සමත් වුනා.

දුවිඳු තිලකරත්නගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී Tawanda Muyeye දැවී යන විට පන්දු 75කට මුහුණ දෙමින් ලකුණු 56ක් රැස්කර සිටියා.

ඉන්පසු පිටියේ එක්වූ Marcus O’Riordan සහ Joe Denly දෙවැනි කඩුල්ලට පිහිටවූ ලකුණු 76ක නොබිදුණු සම්බන්ධතාව නිසාවෙන් දිනය අවසන් වන විට Kent කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 200ක් ලබා සිටියා.

ඒ සමඟින් දෙපිල අතර පැවති සිව්දින තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර තරගය පුරාවට ද්විත්ව ශතකයක් ශතක හයක් වාර්තා වීම කැපී පෙනුණා.

  • Kent County Cricket Club – 595/8 (137): Darren Stevens 168, George Linde 107, Billy Mead 106*, යසිරු රොද්‍රිගෝ 2/90, උදිත් මධුෂාන් 2/109, ධනංජය ලක්ෂාන් 2/106.
  • Kent County Cricket Club දෙවැනි ඉනිම – 200/1 (48.3): Marcus O’Riordan 102*, Tawanda Muyeye 56, Joe Denly 41*.
  • ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – 658/9 (160.3): නිශාන් මධුශ්ක 269, ලසිත් කෲස්පුල්ලේ 136, නුවනිඳු ප්‍රනාන්දු 99, සංතුෂ් ගුණතිලක 58*, George Linde 2/126.

තරගාවලියේ දෙවැනි සිව්දින තරගය සිකුරාදා (13) Ageas Bowl හීදී ආරම්භවීමට නියමිතයි. එම තරගයේ තොරතුරු ඇතුළු තරගාවලියේ සියලූම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<