ශ්‍රී ලංකාව තවත් පහළට?

633

ශ්‍රී ලංකාව කියන්නේ පසුගිය කාලයේ රග්බි ක්‍රීඩාවෙන් ඉතා ඉහළ මට්ටමේ දක්ෂතා දක්වපු කණ්ඩායමක් නෙවෙයි කියන කරුණ අපි සියලුදෙනා හොඳින් දන්නා දෙයක්. ඒත් සමඟම වර්තමාන රග්බි ලෝක ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පසුබැස ඇති ආකාරයකුත් දක්නට ලැබෙනවා.

ශ්‍රී ලංකාව ලෝක රග්බි ශ්‍රේණිගත කිරීමේ පහළට

පසුගිය කාලවකවානුව තුළ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ දක්ෂතා එතරම් ඉහළ මට්ටමක තිබුණේ නෑ කියන එක අපි සැවෝම…

පසුගිය මස මැලේසියානු ජාතික කණ්ඩායමට එරෙහිව ලකුණු 31 – 26ක් ලෙස පරාජය වීමත්, පසුගිය සතියේ පිලිපීනයට එරෙහිව ලකුණු 39 – 22ක් ලෙස පරාජය වීමත් අනතුරුව ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම් වල නැවතත් පසුබෑමකට ලක්ව තිබෙනවා.

පසුගිය සතියේ පිලිපීනය සමඟ පැවති තරගයෙන් අවාසනාවන්ත ලෙස පරාජය වීමෙන් අනතුරුව රග්බි ලෝක ශ්‍රේණිගත කිරීම් වල 44 වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම 45 වැනි ස්ථානයට ඇද වැටෙන්නේ නොසිතූ විලසින්. ශ්‍රී ලංකාව පසුගිය කාලවකවානුවේදී ආසියානු ශ්‍රේණිගත කිරීම් වල පළමු 5 දෙනා අතර තම අසුන වෙන්කර ගැනීමට සමත් වූ කණ්ඩායමක් වුවත් අද වනවිට ශ්‍රී ලංකාව ආසියානු ශ්‍රේණිගත කිරීම් වල 6 ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම් වල 44 වන ස්ථානයේ සිට 45 වන ස්ථානය දක්වා පසුබසින විට ශ්‍රී ලංකාව පරාජය කිරීමට සමත් වූ පිලිපීන රග්බි කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම් වල 53 වන ස්ථානයේ සිට 42 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව සිටීම විශේෂත්වයක්. එසේම මැලේසියාවද රග්බි ලෝක ශ්‍රේණිගත කිරීම් වල 47 වන ස්ථානයේ සිට 48 වන ස්ථානය දක්වා පසු බැස ඇත.

අවසන් මොහොතේ වික්‍රමයෙන් ඉසිපතනය නූලෙන් බේරෙයි

පසුගිය පාස්කු ඉරුදින සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් අනතුරුව දින නියමයක් නොමැතිව කල් ගිය 2019 සිංගර් අන්තර් පාසල්…

2015 වසරේදී ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම කසකස්ථානය, පිලිපීනය සහ සිංගප්පූරුව පරාජය කරමින් තරගාවලිය ජයගන්නට සමත් වී තිබුනා. පසුව ජපානය සහ හොංකොං රාජ්‍යය සමඟ A කාණ්ඩයේ තුන්කොන් තරගාවලියකට සුදුසුකම් ලැබීමට නම් ඔවුන්ට අවශ්‍යව තිබුනේ දකුණු කොරියාව පරාජය කිරීම පමණයි.

නමුත් ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට තිබුනේ වෙනත් සැලැස්මක්. ආසියානු ශූරතාවයත් සමඟ ඔලිම්පික් තේරීම් තරග වලට සහාභාගී වීම හා ඉන්පසු ඔලිම්පික් පදක්කමකට මාන බැලීම ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ සැලසුම වුනා. ඒත් තරග වෙනස් වී සැලසුම් බොඳවී යන්නේ කවුරුත් නොසිතූ ලෙසින්.

නමුත් දැන් ශ්‍රී ලංකා රග්බි වල තත්ත්වය මදක් සතුටුදායක තත්වයක තිබෙන්නේ. ඔව්! සතුටු වෙන්න කරුණක්. ශ්‍රී ලංකාව නවකයින් 18ක් සමඟ ක්‍රීඩා කර පිලිපීනය වැනි කණ්ඩායමක් ඉදිරියේ ලකුණු 39-22ක් ලෙස පරාජය වුවද එම පීඩනය සමඟින් චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ලකුණු 72-17ක් ලෙස විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් වීම විශේෂ කරුණක්.

යොවුන් ශ්‍රී ලංකාවට පිලිපීනයෙන් අමතක නොවන ප්‍රහාරයක්

ආසියානු රග්බි පළමු කාණ්ඩයේ තරගාවලියේ ආරම්භක දිනය වූ අද (29) ශ්‍රී ලංකා කණ්ඩායම තරග බිමට පිවිසුණේ පිලිපීන…

ඔමල්ක ගුණරත්න වැනි ලාබාල නායකයෙකු සමඟ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ ක්‍රීඩා විලාශය ගැන ලොව වටෙන්ම පැසසුම් ලබද්දී, නව ක්‍රීඩකයින් හොඳින් දස්කම් පාන විට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට නැවත ඉහළ නැගීමට හැකි වන බවක් පෙනී යයි. අපි බලමු ශ්‍රී ලංකාවේ රග්බි අනාගතය කෙසේ වේවිද කියා.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<