අවසන් මොහොතේ වික්‍රමයෙන් ඉසිපතනය නූලෙන් බේරෙයි

460

පසුගිය පාස්කු ඉරුදින සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් අනතුරුව දින නියමයක් නොමැතිව කල් ගිය 2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය, මාස දෙකක පමණ කාලයකින් පසු අද (01) ආරම්භ වූයේ දැඩි ආරක්ෂාව මධ්‍යයේය.

තරගාවලියේ දෙවන වටයේ අද පැවති තරග තුනෙන් එක් තරගයක් පැවැත්වූයේ සත්කාරක සාන්ත තෝමස් විදුහල හා ඉසිපතන විදුහල අතරය. පරාජය පෙනෙන මානයේ සිටි ඉසිපතන විදුහලට ගෞරවාන්විත අවසානයක් ළඟා කරමින් මනිල්ක රුබේරු තරගය අවසන් කළේ ලකුණු 12-12ක් ලෙස ලකුණු පුවරුව සමකරමිනි.

රාජකීයයෝ පල්ලෙකැලේ දී ගිනිකෙළි පෙන්වයි

මසකට වැඩි විවේක කාලයක් නිමා කරමින් පාසල් රග්බි වසන්තය 75 වැනි බ්‍රැඩ්බි පලිහේ පළමු…

අධික උෂ්ණත්වය තිබූ සැන්දෑවක තරගය ආරම්භ වූයේ පස්වරු 4ට විනිසුරු රොහාන් ප්‍රනාන්දුගේ ආරම්භක සංඥාවත් සමඟිනි.

ආරම්භයේ පටන් තරගය මදක් මන්දගාමී වූ අතර ක්‍රීඩකයින් අධික උෂ්ණත්වය නිසා ඉක්මනින් වෙහෙසට පත්වන ආකාරයක් දක්නට ලැබුණි. කෙසේ වුවද තරගයේ 9 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ සාන්ත තෝමස් ක්‍රීඩක සෙනොක් පෙරේරා ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට බාසුළ වීරසිංහ සමත් විය. (සාන්ත තෝමස් 07 – 00 ඉසිපතන)

එතැන් පටන් නැවතත් තරගය මන්දගාමී ස්වරූපයක් ගත් අතර තරගයේ 32 වැනි මිනිත්තුව වන තෙක් ලකුණු සටහන වෙනස් වූයේ නැත. සාන්ත තෝමස් ක්‍රීඩකයෙකු අතින් සිදු වූ අත්වැරදීමකට විනිසුරු රොහාන් ඉසිපතන කණ්ඩායම වෙත දඬුවම් පහරක් ලබා දීමත් සමඟ ලකුණු පුවරුව නැවතත් සක්‍රිය වූයේ අපහසු කෝණයක සිට අලංකාර ලෙස ගෝල කණු අතරින් පන්දුව පා කර හැරීමට මනිල්ක රුබේරු සමත් වීමත් සමඟයි. (සාන්ත තෝමස් 07-03 ඉසිපතන)

33 වැනි මිනිත්තුවේ දී ලද එම දඬුවම් පහරත් සමඟ ප්‍රථම අර්ධය නිමා වන තෙක් ලකුණු පුවරුවේ වෙනසක් සිදු කරන්නට කිසිදු ක්‍රීඩකයෙකුට නොහැකි විය.

ප්‍රථම අර්ධය: සාන්ත තෝමස් විදුහල 07 – 03 ඉසිපතන විදුහල

දෙවන අර්ධය ආරම්භ වූ මොහොතේ පටන් ඉසිපතන විදුහල තරමක් ක්‍රියාශීලී බවක් පෙන්නුම් කළ අතර ඔවුන්ට ලැබුණු තවත් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට මනිල්ක සමත් විය. (සාන්ත තෝමස් 07 – 06 ඉසිපතන)

යුද පිටියෙන් රග්බි පිටියට

ශ්‍රී ලංකා රග්බි ජාතික සංචිතයට මෙවර ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයෙන් ක්‍රීඩකයින් තිදෙනෙක් තේරී….

මද වෙලාවක් තරගයේ පාලනය ඉසිපතන විදුහල සතු වූ අතර 53 වැනි මිනිත්තුවේ දී සාන්ත තෝමස් ක්‍රීඩකයෙකුගේ අතින් සිදු වූ අතපසු වීමකට නැවතත් ඉසිපතන විදුහල වෙත දඬුවම් පහරක් හිමි විය. මනිල්ක විසින් දඬුවම් පහර සාර්ථක කර ගත්තේ ලකුණු දෙකක ඉදිරියක් ද ලබා ගනිමිනි. (සාන්ත තෝමස් 07 – 09 ඉසිපතන)

ඉන් මිනිත්තු 10 පමණ පසු තරගයේ 64 වැනි මිනිත්තුවේ දී RUCK අවස්ථාවක් හරහා පන්දුව සොරාගෙන සියලු දෙනා මවිතයට පත් කරමින් සාන්ත තෝමස් SCRUM HALF ක්‍රීඩක සකිත් පෙරේරා ධවල රේඛාව අභිබවා ගියේ ඉසිපතනයට පරාජයේ අඳුරු සෙවණැලි ද උරුම කරමිනි. මෙම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. (සාන්ත තෝමස් 12 – 09 ඉසිපතන)

යොවුන් ශ්‍රී ලංකාවට පිලිපීනයෙන් අමතක නොවන ප්‍රහාරයක්

ආසියානු රග්බි පළමු කාණ්ඩයේ තරගාවලියේ ආරම්භක දිනය වූ අද (29) ශ්‍රී ලංකා කණ්ඩායම…

අවසන් මිනිත්තු කිහිපයේ දී ඉසිපතන ක්‍රීඩකයින්ට දැඩි පීඩනයක් එල්ල කරමින් ප්‍රතිවාදී ක්‍රීඩකයින් තරග කළ අතර සාන්ත තෝමස් ක්‍රීඩකයින්ගේ ජයග්‍රාහී සිහින බොඳ වී යන්නේ 69 වැනි මිනිත්තුවේ RUCK අවස්ථාවක දී ඔවුන් අතින් සිදු වූ අතපසු වීමක් සමඟිනි.

ඒ හරහා ඉසිපතන ක්‍රීඩකයින්ට ලකුණු පුවරුව සම කරන්න අවස්ථාවක් උදා වූයේ දඬුවම් පහරක් සමඟිනි. මනිල්ක රුබේරු ලැබුණු අවස්ථාව සාර්ථකව ලකුණු බවට පරිවර්තනය කරගන්නේ පරාජයේ අඳුරු සෙවණැලි දුර කරමින් ලකුණු තත්වය සම මට්ටමට රැගෙන එමිනි. කෙසේ නමුත් තරගයේ ඉතිරිව තිබූ සුළු කාලය තුල දී ලකුණු පුවරුවේ වෙනස් සිදු නොවූ අතර 12-12ක් ලෙස සමව තරගය නිමාවට පත්විය.

අවසන් ලකුණු තත්වය: සාන්ත තෝමස් විදුහල 12 – 12 ඉසිපතන විදුහල

ThePapare.com තරගයේ වීරයා – සකිත් පෙරේරා (සාන්ත තෝමස් විදුහල)

ලකුණු රැස් කළ ක්‍රීඩකයින් –

  • සාන්ත තෝමස් විදුහල – සෙනොක් පෙරේරා 1T, සකිත් පෙරේරා 1T, බාසුළ වීරසිංහ 1C
  • ඉසිපතන විදුහල – මනිල්ක රුබේරු 4P

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ සජීව විකාශයන්, තරග වාර්තා, ඡායාරූප සහ තවත් බොහෝ දෑ සඳහා රැඳෙන්න Thepapare.com සමඟින්.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<