Sebastianites, Colts, SSC සහ Baduraliya ඉදිරියට

Major Clubs Limited Over Tournament 2023/24

173
Major Clubs Limited Over Tournament 2023/24

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ සියලු තරග අද (10) දිවයින පුරා ක්‍රීඩාංගණ කිහිපයක දී නිමා වූවා. ඒ අනුව A කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට  Sebastianites සහ Colts කණ්ඩායම් ද B කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට SSC සහ Baduraliya කණ්ඩායම් ද සමත් වූවා.

මේ අතර අද පැවැති තරගවල දී Kurunegala Youth කණ්ඩායමේ ගයාන් මනීශාන්, Colts කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ, Sebastianites කණ්ඩායමේ දුශාන් විමුක්ති, BRC කණ්ඩායමේ දුශාන් හේමන්ත, Bloomfield කණ්ඩායමේ නිපුන් කරුණානායක සහ Kandy Customs කණ්ඩායමේ මිතුන් ජයවික්‍රම අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

පන්දු යැවීමේ දී Negombo කණ්ඩායමේ දනුශ්ක සඳරුවන් Ragama කණ්ඩායමට එරෙහිව ලකුණු 29කට කඩුලු 5ක් ද සහ Panadura කණ්ඩායමේ නිමේෂ් විමුක්ති Kandy Customs කණ්ඩායමට එරෙහිව ලකුණු 39කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

මේ අතර Galle කණ්ඩායම සහ Police කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතව තිබූ තරගය අත්හැර දැමුණා.

ප්‍රසාද ලකුණු පුවරුවේ කාණ්ඩ අතර පළමු ස්ථාන 2 ලබා ගත් කණ්ඩායම් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නා ලද අතර එම තරග මේ මස 13 වැනිදා පැවැත්විමට නියමිතයි.

Group A

  • Colts CC සහ Kurunegala YouthCC

o ක්‍රීඩාංගණය – Colts, හැව්ලොක් පෙදෙස.

o කාසියේ වාසිය – Colts CC

Kurunegala Youth CC – සියලුම දෙනා දැවී 163 (43.2) ගයාන් මනීශාන් 57, නවීන් ප්‍රනාන්දු 32, දුනිත් වෙල්ලාලගේ 4/16, මුදිත ලක්ෂාන් 3/39

Colts CC – කඩුලු 5ක් දැවී 164 (34.3) ශෙරන් ෆොන්සේකා 24, දුනිත් වෙල්ලාලගේ නොදැවී 52, ධනංජය ලක්ෂාන් නොදැවී 45, චානුක ඩිල්ශාන් 3/23

Colts කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

  • Ragama CC සහ Negombo CC

o ක්‍රීඩාංගණය – Moors, මුත්තයියා පාර.

o කාසියේ වාසිය – Negombo CC

Ragama CC – සියලුම දෙනා දැවී 116 (31.0) නිශාන් මධුශ්ක 25, චමත් ගෝමස් 45, ඩිල්ශාන් මුණවීර 2/23, දනුශ්ක සඳරුවන් 5/29, උපුල් ඉන්ද්‍රසිරි 2/19

Negombo CC – කඩුලු 7ක් දැවී 121 (38.0) පසිඳු ලක්ෂාන් 21, නිශාන් පීරිස් නොදැවී 34, නිපුන් මාලිංග 3/23, ශෂික් දුල්ශාන් 2/22

Negombo කණ්ඩායමට කඩුලු 3ක ජයක්.

  • Sebastianites C & AC සහ Air Force SC

o ක්‍රීඩාංගණය – මහජන ක්‍රීඩාංගණය, පානදුර.

o කාසියේ වාසිය – Sebastianites C & AC

Air Force SC – සියලුම දෙනා දැවී 77 (18.5) විහඟ රුවනරා 21, කෙමිර විජේනායක 22, ඉසිත විජේසුන්දර 2/17, චරිත් රාජපක්ෂ 4/30, චාමිකර එදිරිසිංහ 2/16, දුශාන් විමුක්ති 2/08

Sebastianites C & AC – කඩුලු 2ක් දැවී 83 (16.0) තුලින ඩිල්ශාන් නොදැවී 27, දුශාන් විමුක්ති 53

Sebastianites කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

  • Tamil Union C & AC සහ CCC

o ක්‍රීඩාංගණය – P. Sara Oval, කොළඹ.

o කාසියේ වාසිය – CCC

Tamil Union C & AC – කඩුලු 8ක් දැවී 102 (20.0) සිතාර හපුහින්න 20, ලසිත් අබේරත්න 23, දසිස් මංචනායක 22, අසිත ප්‍රනාන්දු 3/16, චමිඳු විජේසිංහ 4/22

CCC – කඩුලු 3ක් දැවී 103 (14.0) නිමේෂ ගුණසිංහ 21, කමිඳු මෙන්ඩිස් නොදැවී 40, රවිඳු ප්‍රනාන්දු 2/18

CCC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

Group B

  • Nugegoda SWCසහ BRC

o ක්‍රීඩාංගණය – ද සොයිසා, මොරටුව.

o කාසියේ වාසිය – Nugegoda SWC

BRC – කඩුලු 7ක් දැවී 173 (25.0) ලියෝ ෆ්‍රැන්සිස්කෝ 34, දුලාශ් උදයංග 27, දුශාන් හේමන්ත නොදැවී 66, රාහුල් ගුණසේකර 2/24

Nugegoda SWC – කඩුලු 5ක් දැවී 72 (15.0) රාහුල් ගුණසේකර නොදැවී 27, අක්‍රම් මුතාලිබ් නොදැවී 22, ජනිත් සිල්වා 2/09

තරගයේ විසඳුමක් නෑ.

  • Badureliya SC සහ Chilaw Marians CC

o ක්‍රීඩාංගණය – Surrey Village, මග්ගොන.

o කාසියේ වාසිය – Chilaw Marians CC

Chilaw Marians CC – කඩුලු 8ක් දැවී 170 (24.0) ලසිත් ලක්ෂාන් 42, රවීන් යසස් 46, අලංකාර අසංක 2/17, රොහාන් සංජය 2/31

තරගයේ විසඳුමක් නෑ.

  • Bloomfield C& AC සහ NCC

o ක්‍රීඩාංගණය – Bloomfield, කොළඹ 7.

o කාසියේ වාසිය – Bloomfield C & AC

NCC – සියලුම දෙනා දැවී 101 (28.3) නිරෝෂන දික්වැල්ල 26, චාමික කරුණාරත්න 36, සහන් නානායක්කාර 4/14, සඳුන් වීරක්කොඩි 4/34

Bloomfield C & AC – කඩුලු 9ක් දැවී 102 (36.0) නිපුන් කරුණානායක නොදැවී 50, අශේන් ඩැනියෙල් 4/25, කමිල් මිෂාර 2/19, ලසිත් ඇඹුල්දෙණිය 2/14

Bloomfield කණ්ඩායමට කඩුල්ලක ජයක්.

  • Kandy Customs CC සහ Panadura SC

o ක්‍රීඩාංගණය – තර්ස්ටන්, බෞද්ධාලෝක මාවත.

o කාසියේ වාසිය – Panadura SC

Kandy Customs CC – කඩුලු 8ක් දැවී 229 (36.0) තෙවිඳු දික්වැල්ල 28, ඉමේෂ් උදයංග 25, මිතුන් ජයවික්‍රම 73, ලහිරු අත්තනායක නොදැවී 33, ජනිඳු ඉඳුවර 2/47, නිමේෂ් විමුක්ති 5/39

Panadura SC – කඩුලු 7ක් දැවී 115 (26.1) හෂේන් රාමනායක 27, නිමේෂ් විමුක්ති 26, හසිත නිර්මාල් 3/06, ඉමේෂ් උදයංග 2/27

Kandy Customs කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 68ක ජයක්.

  • Army SC සහ Ace Capital CC

o ක්‍රීඩාංගණය – යුද හමුදා, පනාගොඩ.

o කාසියේ වාසිය – Ace Capital CC

Army SC – සියලුම දෙනා දැවී 153 (35.0) ලක්ෂාන් එදිරිසිංහ 48, අශාන් රන්දික 23, රොෂාන් ජයතිස්ස 2/21, කවිඳු අමන්ත 4/30

Ace Capital CC – කඩුලු 8ක් දැවී 156 (26.3) තනුක දාබරේ 37, සිතාර ගිම්හාන් 21, වනුජ සහන් 20, රොෂාන් ජයතිස්ස නොදැවී 38, අසංක මනෝජ් 3/51

Ace Capital කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<