ශ්‍රී ලංකා ක්‍රිකට් කරළියේ වර්තමාන සහ අනාගත තරු එකිනෙකා තම දක්ෂතා මුදාහරිනු ලබන අන්තර් පළාත් සුපිරි සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (02) පැවති තරග අතරින් ජයග්‍රහණ වාර්තා කිරීමට කොළඹ සහ නුවර කණ්ඩායම් සමත් වූහ. එම කණ්ඩායම් දෙකේම ජයග්‍රහණ ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව තීරණය විය.
ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවේ සංචාරයක; එක්දින තරග නැත
2019 වසර ආරම්භයේ ශ්‍රී ලංකා කණ්ඩයම ටෙස්ට් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක් ..
දිනයේ කැපී පෙනෙන පිතිකරු වූයේ නුවර කණ්ඩායමේ මහේල උඩවත්ත ය. ඔහු ගාල්ල කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කළේය. එමෙන්ම කොළඹ කණ්ඩායමේ ලහිරු තිරිමාන්න ද දඹුල්ල කණ්ඩායමට එරෙහිව නොදැවී ශතකයක් වාර්තා කළේය.
පන්දු යැවීමේ දී නුවර කණ්ඩායමේ ඉසුරු උදාන ගාල්ල කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.
කොළඹ සහ දඹුල්ල අතර තරගය
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී මෙම තරගය ආරම්භ වූයේ පන්දුවාර 40 තරගයක් ලෙසිනි. ඒ අයහපත් කාලගුණ තත්ත්වය මත ක්‍රීඩාංගණයේ පැවති තෙත් ගතිය හේතුවෙනි. තිසර පෙරේරා සහ කුසල් ජනිත් පෙරේරා එක්ව උරගා බලන ලද කාසියේ වාසිය ලබා ගත් තිසර පෙරේරා පළමුවෙන් පන්දුවට පහර දීමට කුසල්ගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායමට ආරාධනා කළේය.
ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 270ක් ලබා ගත්හ. පිළිතුරු ඉනිම වෙනුවෙන් ගිය ගමනේ දී තරගය 39 වැනි පන්දුවාරයේ දී නතර කෙරුණ අතර ඒ වන විට කොළඹ ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 262ක් ලබා සිටියහ. ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ගේ ඉලක්කය වූයේ ලකුණු 259කි. ඒ අනුව කොළඹ ක්‍රීඩකයෝ දඹුලු ක්‍රීඩකයන්ට එරෙහිව ලකුණු 4ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වූහ.
සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලිය – ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් අතර තරගය (ඡායාරූප)
පළමුවෙන් ක්‍රියාත්මක වූ දඹුලු ඉනිමට අර්ධ ශතක තුනක් ඇතුලත් විය. නායක කුසල් ජනිත් පෙරේරා පන්දු 40ක දී හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 59ක් ලබා ගත්තේය. මැද පෙළ ශක්තිමත් කරමින් අශාන් ප්‍රියංජන් පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තේය. ඉනිම නිමා වෙද්දී මිලින්ද සිරිවර්ධන පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 51ක් ලබා සිටියේ ය.
දිමුත්ට කොදෙව් සංචාරය අහිමි වන ලකුණු
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්ව ඇත. අද (02) ආරම්භ වූ සුපිරි පළාත් එක්දින
ඉනිමේ හොඳම ලකුණු සබඳතාව වූයේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් අශාන් ප්‍රියංජන් සහ සචිත්‍ර සේරසිංහ විසින් රැස් කරන ලද ලකුණු 75යි. සචිත්‍ර සේරසිංහ ලබා ගත් ලකුණු සංඛ්‍යාව පන්දු 53කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 40කි.
යවනු ලැබූ පන්දුවාර 40 වෙනුවෙන් කොළඹ නායකයා පන්දු යවන්නෝ 7 දෙනෙක් යොදා ගත්හ. එහෙත් ඔවුන් අතුරින් සාර්ථක ඵල නෙළා ගත්තේ පන්දු යවන්නෝ තිදෙනෙක් පමණි. විශ්ව ප්‍රනාන්දු, දිල්රුවන් පෙරේරා සහ තිසර පෙරේරා කඩුලු 2 බැගින් දවා ගනිමින් ඒ අවස්ථාව උදා කර ගත්තේය.
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි කොළඹ ක්‍රීඩකයන්ගේ ආරම්භය එතරම් සාර්ථක වූයේ නැත. ලකුණු පුවරුව 31ක්ව තිබිය දී ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම සිටියේ ක්‍රීඩා විවේකාගාරයේ ය. අනතුරුව පිටියේ ස්ථාවර වූ ලහිරු තිරිමාන්න සහ ධනංජය ද සිල්වා තෙවැනි කඩුල්ලට ලකුණු 69ක් එක් කළහ. ධනංජය ද සිල්වා පන්දු 39කට මුහුණ දී හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තේය.
ලහිරු තිරිමාන්න ඉනිමේ කැපී පෙනෙන ක්‍රීඩකයා වෙමින් පන්දු 99කට මුහුණට දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 107ක් ලබා ගත්තේය. ඔහු ධනංජයට අමතරව ඇන්ජලෝ පෙරේරා (26), චාමර සිල්වා (25) සහ නායක තිසර පෙරේරා (32) එක්ව ද කඩුලු සබඳතා එක් කරමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
කඩුලු ලබා ගැනීමේ දී ලහිරු ගමගේ සහ අසිත ප්‍රනාන්දු කඩුලු 2 බැගින් දවා ගත්හ.
දඹුල්ල කණ්ඩායම; කඩුලු 6ක් දැවී 270 (40.0) කුසල් ජනිත් පෙරේරා 59, අශාන් ප්‍රියන්ජන් 50, සචිත්‍ර සේරසිංහ 40, මිලින්ද සිරිවර්ධන නොදැවී 51, ලහිරු මධුශංක 22, විශ්ව ප්‍රනාන්දු 2/64, දිල්රුවන් පෙරේරා 2/39, තිසර පෙරේරා 2/44
කොළඹ කණ්ඩායම; කඩුලු 6ක් දැවී 262 (39.0) ලහිරු තිරිමාන්න නොදැවී 107, ධනංජය ද සිල්වා 41, ඇන්ජලෝ පෙරේරා 26, චාමර සිල්වා 25, තිසර පෙරේරා 32, ලහිරු ගමගේ 2/47, අසිත ප්‍රනාන්දු 2/47
මහනුවර සහ ගාල්ල අතර තරගය
කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගය ද ප්‍රමාද වෙමින් ආරම්භ වූයේ ක්‍රීඩාංගණය තරගයක් පැවැත්වීමට සුදුසු තත්ත්වයකට පැමිණෙන තුරු බලා සිටීමට සිදුවීම නිසාවෙනි. ඒ අනුව තරගය ආරම්භ වූයේ පන්දුවාර 36ක තරගයක් ලෙසිනි.
ගාල්ල කණ්ඩායමේ නායක උපුල් තරංග සහ නුවර කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් තරගයේ කාසියේ වාසිය උරගා බැලූ අතර එහි වාසිය හිමි වූයේ නුවර කණ්ඩායමට ය. ඒ අනුව මැතිව්ස්ගේ තීරණය වූයේ පළමුවෙන් පන්දු යැවීමට ය.
ඉනිම ආරම්භ කළ ගාලු ක්‍රීඩකයෝ තම පන්දුවාර 26 අවසන් වීමට තවත් පන්දු 2ක් ඉතිරිව තිබිය දී තම ඉනිම නිමා කර ගත්තේ ලකුණු පුවරුව 250ක්ව තිබිය දී ය. එම ඉනිමේ වඩාත් කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් වූයේ සම්මු අශාන් ය. ඔහු පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 72ක් ලබා ගත්තේය.
ඊට අමතරව රොෂේන් සිල්වා පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තේය. ගාලු ඉනිමේ දැවී ගිය කඩුලු සියල්ලේම හිමිකාරිත්වය වේගපන්දු යවන්නෝ සතු වූ අතර ඒ අතරින් වඩාත්ම දක්ෂතා දැක්වූයේ ඉසුරු උදාන ය. ඔහු සතු වූ කඩුලු සංඛ්‍යාව 5කි. ඊට අමතරව කසුන් රාජිත කඩුලු 3ක් ද සහ ලහිරු කුමාර කඩුලු 2ක් ද දවා ගත්හ.
මාලිංගව T20 වලින් අතහැරලා නැහැ – සුමතිපාල
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය අඟහරුවාදා (01) පැවති මාධ්‍ය හමුවක දී ලසිත් මාලිංග…
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි නුවර ක්‍රීඩකයෝ තරගය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 217ක් ලබා සිටියේය. ජයග්‍රහණය කරා ගිය ගමනේ දී නුවර ක්‍රීඩකයන්ගේ ඉලක්කය ලකුණු 251ක් වූව ද තරගය නතර කරන විට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ඔවුන්ගේ ඉලක්කය වූයේ පන්දුවාර 30ක දී කඩුලු 2කට ලකුණු 190කි. ඒ අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණ 28ක ජයක් ලබා ගැනීමට නුවර ක්‍රීඩකයෝ සමත් වූහ.
නුවර ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ නිරෝෂන් දික්වැල්ල සහ මහේල උඩවත්ත අතර පළමු කඩුල්ලට ඇති වූ ලකුණු සම්බන්ධතාව 137කි. පළමු කඩුල්ල ලෙසින් නිරෝෂන් දික්වැල්ල පන්දු 58ක දී හතරේ පහර 11ක් සමඟින් ලකුණු 75ක් ලබා තිබිය දී දැවී ගියේය.
ජයග්‍රහණයේ නියමුවා වමත් ආරම්භක පිතිකරු මහේල උඩවත්ත පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 116ක් ලබා ගත්තේය. තරගය නතර කිරීමේ අවසන් පන්දුවේ දී උඩවත්තගේ ඉනිම නිමා වෙද්දී ඔහු නායක ඇන්ජලෝ මැතිව්ස් සමඟින් දෙවැනි කඩුල්ලට එක් කළ ලකුණු සබඳතාව 80කි. මැතිව්ස් පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 20ක් ලබා සිටියේය.
කඩුලු ලබා ගැනීමේ දී දසුන් ශානක සහ චතුරංග ද සිල්වා අතර කඩුල්ල බැගින් බෙදී ගියහ.
ගාල්ල කණ්ඩායම; සියලුම දෙනා දැවී 250 (35.4) සධීර සමරවික්‍රම, ඇන්ඩි සොලමන්ස් 23, රොෂේන් සිල්වා 55, සම්මු අශාන් 72, චතුරංග ද සිල්වා 29, කසුන් රාජිත 3/63, ඉසුරු උදාන 5/59, ලහිරු කුමාර 2/56
නුවර කණ්ඩායම; කඩුලු 2ක් දැවී 217 (30.0) නිරෝෂන් දික්වැල්ල 75, මහේල උඩවත්ත 116, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 20
තරගාවලියේ මීළඟ තරග මැයි මස 5 වැනි දා පැවැත්වෙන අතර ඒ අනුව කොළඹ සහ නුවර කණ්ඩායම් අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ද, දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම් අතර තරගය කොළඹ සී. සී. සී. පිටියේ දී ද පැවැත්වීමට නියමිත ය.
මේ තරග අතරින් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන කොළඹ සහ නුවර කණ්ඩායම් අතර තරගය සජීවී ව ඔබ වෙත සමීප කරවීමට ThePapare.com වෙතින් ද ඔබට නැරඹිය හැකි ය.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















