ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර පසුගිය කාලය පුරාවටම එතරම් ස්ථීර රැකියාවක් වූයේ නැත. පසුගිය වසර 7 – 8ක කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රධාන පුහුණුකරුවන් 9 දෙනෙකු යොදා ගැනීම ඊට හේතුවයි.
“නැති බැරි සහ ඇති හැකි ශ්‍රී ලංකා ක්‍රිකට්” ගැන සංගා කතා කරයි
ක්‍රිකට් ගැන මත, දුර්මත, ප්‍රතිමත පැතිර යන කාලයක ක්‍රිකට් ගැන විශ්ලේෂණය කිරීම ද ඇතැම් විට හාස්‍යජනක අත්දැකීමක් මෙන් දිස්විය හැක. එහෙත් ක්‍රිකට්…
මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් පහළ මට්ටමකට පැමිණීම කෙරෙහි නිශේධනීය ලෙස බලපෑ කරුණක් ලෙස මේ පුහුණුකරුවන් මාරුව ද නිසැකවම දැක්විය හැකිය. එබැවින් වර්තමානයේ ”වැඩ බලන” මට්ටමෙන් ක්‍රියාත්මක වන මෙම තනතුර සඳහා යොදා ගැනීමේ විභවයක් ඇති පුහුණුකරුවන් ලැයිස්තුවක් සැකසීමට ThePapare.com ගත් උත්සාහයක් මේ.
නික් පෝතස්

එතෙක් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ පෝතස් ප්‍රධාන පුහුණුකරු තනතුරේ වැඩ බැලීම ආරම්භ කිරීමෙන් පසු ශ්‍රී ලංකාව සිම්බාබ්වේ සමඟ පැවති එක්දින තරගාවලිය තරග 3-2 ක් ලෙස පරාජය විය.
සිම්බාබ්වේ සමඟ ටෙස්ට් තරගය විශාල සටනකින් පසුව ජය ගන්නට සමත් වුවත් පසුගිය දා අවසන් වූ ඉන්දීය කණ්ඩායමේ මෙරට තරග සංචාරය තුල දී ශ්‍රී ලංකාවට තරග 9ම පරාජය වීමට සිදු විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසන්නේ වෘත්තියෙන් පන්දු රැකීමේ පුහුණුකරුවෙකු වන දකුණු අප්‍රිකානු ජාතික නික් පෝතස් ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා පත්වීමට වඩාත් ඉඩකඩ පවතින පුද්ගලයා බවයි.
මහේල ජයවර්ධන

පසුගිය කාලයේ එංගලන්ත කණ්ඩායමේ පිතිකරණ උපදේශකවරයෙකු ලෙස ද සේවය කර ඇති මහේල, බංගලාදේශ ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන කුල්නා ටයිටන්ස් කණ්ඩායමේ මීළඟ තරග වාර දෙක සඳහා ප්‍රධාන පුහුණුකරු තනතුර භාර ගැනීමට ගිවිසුම් ගතව සිටියි.
ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේ මුහුණ දී තිබෙන අර්බුදකාරී වාතාවරණය හමුවේ ක්‍රීඩාලෝලීන් පමණක් නොව හිටපු ක්‍රීඩකයන් මෙන්ම ක්‍රිකට් ප්‍රවීණයන් සහ විචාරකයන් පවා මහේල ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර භාර ගැනීම පිළිබඳ බලාපොරොත්තු සහගත ප්‍රකාශ සිදු කර තිබේ. (කෙසේ වෙතත් මහේල මේ වන විටත් ගිවිසුම් ගතවී තිබෙන රාජකාරි දෙස බැලීමේ දී එවන් තනතුරක් භාර ගැනීමට ඔහු සතුව කාල වෙලාව තිබේ ද යන්න ගැටලුවකි.)
ඩීන් ජෝන්ස්

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරුවකු වන ඔහු, සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය පැවති කාලය තුල දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර භාර ගැනීමට තමන්ගේ ඇති කැමැත්ත පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කර ඇති බවට ද වාර්තා වේ. ඩීන් ජෝන්ස් මීට පෙර පාකිස්තානු ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා ද දෙවරක් අයැදුම් කර තිබේ.
මාවන් අතපත්තු

මෙවන් වාතාවරණයක් තුල ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුර යන මාතෘකාව සමඟ මාවන් අතපත්තු නාමය යළිත් සිහියට නැගෙන තත්ත්වයක් මතුව තිබේ. ඔහු මීට පෙර ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර ඇති අතර ඉතිහාසයේ පළමු වරට එංගලන්තයේ දී ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම 2014 වසරේ දී සමත් වුණේ ද ඔහුගේ ධූර කාලය තුළදීයි. කෙසේ වෙතත් 2015 වසරේ දී මාවන් සිය තනතුරෙන් ඉල්ලා අස්වුණු අතර ඊට හේතු වූ කරුණු මොනවා දැයි අනාවරණ වූයේ නැත.
වසර 7ක්, පුහුණුකරුවන් 8ක්, ධූර කාල 9ක්
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය දැරූ දකුණු අප්‍රිකානු ජාතික ග්‍රැහැම් ෆෝඩ් මහතා පසුගිය දා සිය ධූරයෙන් ඉල්ලා අස් විය.
පෝල් නික්සන්

ටොම් මූඩි

ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන මූඩි හට ඕස්ට්‍රේලියාවේ මෙන්ම එංගලන්තයේ ද පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීමෙන් ලද අත්දැකීම් සම්භාරයක් හිමිය.
2012 වසරේ සිට අයි. පී. එල් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර දරන ටොම් මූඩි 2016 වසරේ ශූරතාව කරා එම කණ්ඩායම මෙහෙයවන්නට ද සමත් විය.
පියරේ ඩි බ්‍රයන්

40 හැවිරිදි ඔහුගේ මගපෙන්වීම යටතේ එංගලන්තයේ ලෙයිසෙස්ටර්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නැට්වෙස්ට් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා ගමන් කිරීමට සමත් වූ අතර ඔහුගේ දක්ෂතා පදනම් කරගෙන ඔහුට ඉහළ දක්ෂතා සහාය පුහුණුකරු තනතුරේ සිට ප්‍රධාන පුහුණුකරු තනතුර දක්වා උසස්වීමක් හිමිවිය.
2016 වසරේ දී ලෙයිසෙස්ටර්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමඟ එක්වූ පියරේ ඩි බ්‍රයන්, මෑතක දී එම තනතුරෙන් ඉලා අස් වුණේ වඩාත් ඉහළ අභියෝගයක් භාර ගැනීමට ඇති කැමැත්ත පිළිබඳ අදහස් පළ කරමිනුයි.
ස්ටීවන් ෆ්ලෙමිං

අයි. පී. එල්. කරළියේ හුරු පුරුදු පුහුණුකරුවකු වන ෆ්ලෙමිං, චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම 2010 සහ 2011 වසරවල දී ඉන්දීය ප්‍රිමියර් ලීග් කිරුළ වෙත මෙහෙයවන්නට සමත් වුනා මෙන්ම 2010 ශූරයින්ගේ ලීග් ශූරතාව ද චෙන්නායි කණ්ඩායමට දිනා දීමට සමත් විය. චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අහෝසි වෙමත් සමඟ ෆ්ලෙමිං පසුගිය වසර දෙක පුරා පුහුණුකරු තනතුර දැරුවේ රයිසිං පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමේයි.
ඔබ සිතන විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළඟ ප්‍රධාන පුහුණුකරු විය යුත්තේ කවුරුන් ද? ඔබේ අදහස පහතින් දක්වන්න.
තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න






















