ඇන්ඩි සොලමන්ස් එස්. එස්. සී. ක්‍රීඩකයෝ මවිත කරයි

1896
ssc v Saracens

30 හැවිරිදි දකුණත් පිතිකරු ඇන්ඩි සොලමන්ස් ප්‍රබල එස්. එස්. සී. කණ්ඩායමට එරෙහිව දියත් කරන ලද සුවිශේෂී ඉනිම හේතුවෙන් අද (09) ආරම්භ වූ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දී කඩුලු 4ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සැරසන්ස් ක්‍රීඩා සමාජ කණ්ඩායම සමත් විය.

භානුක, උඩවත්ත, චාමික එන්. සී. සී ශූරතාවය කරා මෙහෙයවයි

ජාතික ක්‍රිකට් කණ්ඩායමට ජවසම්පන්න ක්‍රිකට් තරු සොයා යාමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් එස්. එස්. සී. ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 220ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සැරසන්ස් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 221ක් ලබා ගත්තේය. ඒ තරගය නිමා වීමට තවත් පන්දුවාර 8ක් ඉතිරිව තිබිය දී ය.

සැරසන්ස් ඉනිමේ ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිසි ඇන්ඩි සොලමන්ස් පන්දු 87කට මුහුණ දෙමින් ලකුණු 124ක් ලබා ගත්තේය. ඔහුගේ ඉනිමට අලංකාර හතරේ පහර 16ක් සහ හයේ පහර 5ක් ඇතුලත් විය.

කාසියේ වාසිය දිනූ සැරසන්ස් නායක හර්ෂ කුරේගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එස්. එස්. සී. කණ්ඩායමේ පළමු කඩුලු ද්විත්වයේ සබඳතාව අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කරමින් තරගයට අවතීර්ණ වීමට සැරසන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

ප්‍රවේගකාරී පිතිකරුවන් වූ කෞෂාල් සිල්වා (04) සහ භානුක රාජපක්ෂ  (06) දැවී යන විට එස්. එස්. සී. ලකුණු පුවරුව කියැවුණේ ලකුණු 30ක් ලෙසිනි. ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සහ අංක 4 පිතිකරු ස්ථානයෙන් පිටියට පිවිසි චාමර කපුගෙදර ඔවුන්ගේ දැවී යෑමත් සමඟ පරිස්සම් වෙමින් එස්. එස්. සී. ලකුණු පුවරුව ලකුණු 109 දක්වා රැගෙන ආවේ තෙවැනි කඩුල්ලට ලකුණු 79ක සබඳතාවක් එක් කරමිනි.

පළමු දිනය අවසානයේ වේල්ස් කුමරුවන් පෙරමුණේ

මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

කපුගෙදර පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තේය. ඒ හා සමඟම වාගේ දිමුත් කරුණාරත්නගේ ඉනිම ද නිමා වූයේ පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 65ක් ලබා තිබිය දී ය.

ඔවුන්ගේ කඩුලු බිඳ වැටීමත් සමඟ නැවත තරගය සියතට ගැනීමට සැරසන්ස් ක්‍රීඩකයෝ සමත් වූයේ එස්. එස්. සී. ලකුණු පුවරුව කඩුලු 7කට ලකුණු 156ක් සේ රඳවමිනි. ඒ වෙද්දී සම්මු අශාන් (08) මිලින්ද සිරිවර්ධන (15) සහ නායක සචිත්‍ර සේනානායක (02) ක්‍රීඩා විවේකාගාරයේ අසුන් ගැන්වීමට ඔවුන් සමත්ව සිටියහ.

නැවත වතාවක් එස්. එස්. සී. ක්‍රීඩකයන්ට තරගය පිළිබඳ යම් බලාපොරොත්තුවක් රඳවා ගත හැකි වූයේ පන්දු යවන්නන් සේ කණ්ඩායමට එක් වූ ධම්මික ප්‍රසාද් සහ ජෙෆ්රි වැන්ඩර්සේ 8 වැනි කඩුල්ලට එක් කළ ලකුණු 45ක සබඳතාව හේතුවෙනි. ධම්මික ප්‍රසාද් පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 36ක් තම කණ්ඩායමට එක් කරද්දී වැන්ඩර්සේ පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තේය.

කඩුලු ලබා ගැනීමේ දී දකුණතින් වේගපන්දු යවන සාලිය සමන් ලකුණු 33කට කඩුලු 3ක් ද, දකුණතින් දඟපන්දු යවන රොෂාන් ජයතිස්ස ලකුණු 41කට කඩුලු 3ක් ද දවා ගනිමින් වැඩි දක්ෂතා දක්වද්දී වමතින් දඟ පන්දු යවන සචිත්‍ර පෙරේරා ලකුණු 21කට කඩුලු 2ක් දවා ගත්තේය.

අනෙක් කඩුලු දෙක ඇන්ඩි සොලමන්ස් සහ චතුර රන්දුණු අතර බෙදී ගියහ.

පිළිතුරු  ඉනිමට පිටියට පිවිසි සැරසන්ස් ඉනිමේ පළමු කඩුල්ලේ සිට සිව්වැනි කඩුල්ල දක්වා වැඩි ලකුණු සබඳතා එක් කරමින් ඇන්ඩි සොලමන්ස් ගෙන ගිය පිතිහරඹය තරගයේ ජයග්‍රහණයට මග විවර කළේ ය. ඇන්ඩි සොලමන්ස්ට අමතරව ලකුණු 20 සීමාවට පිවිසියෙකුට සිටියේ ගමිඳු කනිශ්ක පමණක් වුව ද එක් අන්තයක් සම්පූර්ණයෙන්ම ආරක්ෂා කර ගනිමින් අභියෝගාත්මක ඉනිමක නිරත වීමට ආරම්භක පිතිකරු ඇන්ඩි සොලමන්ස් සමත් වීම කැපී පෙණුනි.

ක්‍රීඩාව, එක්කිරීමට මිස වෙන්කිරීමට නොවේ

මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලද ටෙස්ට් කඩුලු 800ම මගේය. ශ්‍රී ලංකාව වෙනුවෙන්

ඔහු පළමු කඩුල්ල වෙනුවෙන් රුවිඳු ගුණසේකර (06) සමඟින් ලකුණු 43ක් ද, දෙවැනි කඩුල්ලට තානුක දාබරේ (12) සමඟින් ලකුණු 59ක් ද, තෙවැනි කඩුල්ලට නායක හර්ෂ කුරේ (12) සමඟින් ලකුණු 30ක් ද, සහ සිව්වැනි කඩුල්ලට ගමිඳු කනිශ්ක (20) සමඟින් ලකුණු 56ක සබඳතාවන් ගොඩ නැගීමට දායක විය.  

අනතුරුව පන්දුවාර දෙකක් තුළ ලකුණු 2කට කඩුලු 3ක් දැවී ගිය ද, තරගය ජයග්‍රහණය කරා රැගෙන යෑමට මින්හාජ් ජලීල් (නොදැවී 17) සහ නවිඳු නිර්මාල් (නොදැවී 14)  සමත් වූහ. ඔවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ලේ නොදැවුණ සබඳතාව ලකුණු 31කි.

පන්දු යැවීමේ දී සචිත්‍ර සේනානායක ලකුණු 29කට කඩුලු 2ක් දවා ගත් අතර විමුක්ති පෙරේරා, කසුන් මධුශංක, ජෙෆ්රි වැන්ඩර්සේ සහ මිලින්ද සිරිවර්ධන කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූහ.

එස්. එස්. සි ; සියලුම දෙනා දැවී 220 (50.0) දිමුත් කරුණාරත්න 65, චාමර කපුගෙදර 34, ධම්මික ප්‍රසාද් 36, ජෙෆ්රි වැන්ඩසේ 35, සාලිය සමන් 3/33, රොෂාන් ජයතිස්ස 3/41, සචිත්‍ර පෙරේරා 2/21

සැරසන්ස් ක්‍රීඩා සමාජය; කඩුලු 6ක් දැවී 221 (42.0) ඇන්ඩි සොලමන්ස් 124, ගමිඳු කනිශ්ක 20, සචිත්‍ර සේනානායක 2/29

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<