මහේලගේ සහභාගීත්වයෙන් පාසල් රැසකට ක්‍රීඩා උපකරණ

237

ගුණ ජය සතුට පදනම හා එම පදනමේ සුවිශේෂී සාමාජිකයෙකු වන ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන හා එක්ව ලංකාවේ අති දක්ෂ ක්‍රීඩකයන්ගෙන් සපිරි පාසල් 50කට ක්‍රීඩා උපකරණ බෙදා දීමේ වැඩසටහනක් ඊයේ (31) උපාලිස් නවලෝක හෝටලයේ දී පැවැත්විය.

[rev_slider LOLC]

මේ සඳහා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම හිටපු විනිසුරුවරයෙකු වන රොෂාන් මහානාම හා ශ්‍රී ලංකාවේ වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා වන මුත්තයියා මුරලිදරන් ද සහභාගී වීම විශේෂත්වයක් විය.

විකුම්ගේ දස්කම් BRC බලාපොරොත්තු රැකදෙයි

දකුණත් වේගපන්දු යවන්නෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් ලද..

ඉන්දියාවේ ශ්‍යාම් ඒ බාතියා මහතාගෙන් ලද විශේෂ තිළිණයක් වූ මෙය මහේල ජයවර්ධන මහතා හා ගුණ ජය සතුට පදනම හරහා ලංකාවේ දුෂ්කර පළාත් සියල්ලම පාහේ නියෝජනය කරමින් පාසල් 50කට ලබා දීම පාසල් ක්‍රීඩාව දෙසින් ගත්කල වැදගත් සන්ධිස්ථානයක් විය.

දකුණු පළාත නියෝජනය කරමින් දෙබරවැව ජාතික පාසල, ගාල්ල මහින්ද විද්‍යාලය, හික්කඩුව ශ්‍රී සුමංගල ආදී පාසල් ද, උතුරු පළාත නියෝජනය කරමින් කිලිනොච්චි විද්‍යාලය සහ යාපනය මැදි විදුහල ද, ශ්‍රී ලංකා කාන්තා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවන් සිටින දේවපතිරාජ විද්‍යාලය සහ අනුලා විද්‍යාලය ද මේ සඳහා සහභාගී වූ පාසල් අතරින් කිහිපයකි.

මෙහි දී ගුණ ජය සතුට පදනම වෙනුවෙන් අදහස් දැක්වූ කුෂිල් ගුණසේකර මහතා පවසා සිටියේ ක්‍රිකට් යනු ශ්‍රී ලංකාවේ ජීවය බවත්, ඇති පමණ දක්ෂතා ඇති ක්‍රීඩකයන් අප සතු බවත්, ඒ තරු අනාගතය වෙනුවෙන් දායාද කිරීම අප සැමගේ යුතුකමක් බවත් ප්‍රකාශ කළේය.

“මාධ්‍ය රටේ ක්‍රීඩාව වෙනුවෙන් ලබා දෙන්නා වූ සහයෝගය මම අගය කරනවා, විශේෂයෙන්ම ThePapare.com මම දන්නවා රටේ විශාල ක්‍රීඩා ගණනක් ආවරණය කරනවා ඒ වෙනුවෙන් ThePapare.com කණ්ඩායමට මම ස්තුතිවන්ත වෙනවා, ඒ කරන සේවාව හා දැනුවත් කිරීම ගැන සතුටු වෙනවා.”  යැයි එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ සියල්ලෙහි ලා රටේ ඉදිරි පරම්පරාවත්, ක්‍රීඩාවත් ආරක්ෂා කිරීම වෙනුවෙන් රටේ ප්‍රවීණයන් මෙන්ම හිටපු ක්‍රීඩකයන් ගන්නා වූ මෙහෙය අගය කිරීම සහ ඒ වෙනුවෙන් හැකි උපකාරය කරමින් සහය දීම රටේ ක්‍රීඩාව අලෝකමත් කිරීම වෙනුවෙන් අප සැමට ඇති වගකීමයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <