පානදුර සහ වරාය අතර ගැටුම තියුණු වන ලකුණු

575
SLC Premier League 2016/17 tier B january 7th roundup

සතියක පමණ විවේකයෙන් අනතුරුව නැවතත් උණුසුම් වූ ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ තරඟ හතරක දෙවන දිනය අද (07) ක්‍රියාත්මක විය. මෙම තරගාවලියේ පෙරලිකාර සමාජයන් දෙකක් වන පානදුර ක්‍රීඩා සමාජය හා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය අතර තරඟය හෙට (08) දිනයේ දී තීරණාත්මක තරගයක් වනු බවට අද (07) ඉඟි පහල විය.

පසුගිය ලිපි: අශාන් ප්‍රියන්ජන්ගේ ශතකය නිසා CCC කණ්ඩායමට සුපිරි ආරම්භයක්

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය හා ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරඟය

කුරුණෑගල වෙලගෙදර පිටියේදී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයගත්          සත්කාරක තරුණ සමාජය පළමුව පන්දුවට පහරදෙන ලදි.

දෙවන  දිනය නිමාවූයේ ගුවන් හමුදා ක්‍රීඩා සමාජයේ දෙවන ඉණිම කඩුලු 3ක් දැවී ලකුණු 68ක් ලබාගෙන සිටියදීය. හශාන් ප්‍රභාත් කුරුණෑගල පළමු ඉණිමට ලකුණු 81*ක් ලබාගෙන ලකුණු 107ක වාසියක් තම සමාජයට ලබාදුන්නේය. අචිර එරංග ගුවන් හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙන් ලකුණු 48කට කඩුලු 3ක් දවාලන ලදි. අද දිනය තුල ගුවන් හමුදා දෙවන ඉණිමට සහන් ජයවර්ධන ලකුණු 29ක් එක්කලේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 200 (පන්දුවාර 61.5): බුද්ධික සඳරුවන් 70, ලහිරු ලක්මාල් 44, තිලිණ හේරත් 3/22

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 307 (පන්දුවාර 91.4): හශාන් ප්‍රභාත් 81*, දර්ශන මහවත්ත 44, අචිර එරංග 3/48

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජ දෙවන ඉණිම (දෙවන දිනය අවසානයේ දී) –  කඩුලු 3ක් දැවී ලකුණු 68 (පන්දුවාර 23.4): සහන් ජයවර්ධන 29

ගුවන් හමුදා සමාජය කුරුණෑගල තරුණ සමාජ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 39ක් පසුපසින් පසුවෙයි.


ලංකන් ක්‍රිකට් සමාජය හා කළුතර නගර සමාජය අතර තරඟය

පනාගොඩ දී පැවැත්වුනු මෙම තරගයේ කාසියේ වාසිය ජයගත් ලංකන් ක්‍රිකට් සමාජය පළමුව පන්දුවට පහරදෙන ලදි. දිනය අවසානයේ තම දෙවන ඉණිම දියත් කරන කළුතර නගර සමාජය කඩුලු 2ක් දැවී ලකුණු 23ක් ලබාගෙන සිටියි.

කළුතර නගර සමාජයට තම පළමු ඉණිම සාර්ථක කර ගැනීමට නවීන් කවිකාර ඇතුලු ලංකන් ක්‍රිකට් පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැත. නමුත් යොහාන් ද සිල්වා තරගකාරී පිතිකරණයක නිරත වෙමින් ලකුණු 68යි.

අනතුරුව ලකුණු 157ක අවාසියක් ද ඇතිව නැවතත් තම දෙවන ඉණිම ක්‍රියාත්මක කරන කළුතර නගර සමාජය වෙනුවෙන් රිශිත උපමාල් නොදැවී ලකුණු 11ක් ලබාගෙන සිටියි.

ලංකන් ක්‍රිකට් සමාජය පළමු ඉණිම  – කඩුලු 9ක් දැවී ලකුණු 446 (පන්දුවාර 91): මදුරංග සොයිසා 203, ලාල් කුමාර් 107, අනීක් හසන් 56, යොහාන් රශ්මික 5/137

කළුතර නගර සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 289 (පන්දුවාර 82.3): යොහන් ද සිල්වා 68, තරිදු සිරිවර්ධන 52, නවීන් කවිකාර 4/76  

කළුතර නගර සමාජ දෙවන ඉණිම (දෙවන දිනය අවසානයේ දී) (F/O) – කඩුලු 2ක් දැවී ලකුණු 23 (පන්දුවාර 7)

කළුතර නගර සමාජයට ඉණිමක පරාජයෙන් ගැලවීමට තවත් ලකුණු 134ක් අවශ්‍යවේ


පානදුර ක්‍රීඩා සමාජය හා වරාය අධිකාරි ක්‍රීඩා සමාජය අතර තරඟය

පානදුර දී ක්‍රියාත්මක වූ මෙම උණුසුම්කාරී තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල පානදුර ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහරදෙන ලදි. දෙවන දිනය අවසානයේ තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටින පානදුර ක්‍රීඩා සමාජය කඩුලු 3ක් දැවී ලකුණු 63ක් ලබාගෙන සිටියි.

වරාය අධිකාරි දෙවන ඉණිමට ලකුණු 75ක් එක්කරමින් දක්ෂ පිතිකරණයක නිරත වීමට ඉශාන් රංගන සමත් විය. යළිත් ක්‍රියාත්මක වූ ගයාන් සිරිසෝම නැවතත් සුපිරි දස්කම් දක්වමින් කඩුලු 7ක් දවාගන්නා ලදි. ලකුණු 94ක වාසියක් ඇතිව තම දෙවන ඉණිම ආරම්භ කල පානදුර ක්‍රීඩා සමාජය වෙනුවෙන් නිසල් රන්දික ලකුණු 27ක් දිනය අවසානයේ ලබාගන්නා ලදි.

පානදුර ක්‍රීඩා සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 306 (පන්දුවාර ): හසන්ත ප්‍රනාන්දු 84, සංජය චතුරංග 51, නිසල් රන්දික 44

වරාය අධිකාරි ක්‍රීඩා සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 210 (පන්දුවාර 69.1):  ඉශාන් රංගන 75, චාමිකර එදිරිසිංහ 40, ගයාන් සිරිසෝම 7/95

පානදුර ක්‍රීඩා සමාජ දෙවන ඉණිම (දෙවන දිනය අවසානයේ දී) – කඩුලු 3ක් දැවී ලකුණු 63 (පන්දුවාර 23): නිසල් රන්දික 27  

පානදුර ක්‍රීඩා සමාජය වරාය අධිකාරි ක්‍රීඩා සමාජයේ  පළමු ඉණිමට වඩා  ලකුණු 157ක් ඉදිරියෙන් පසුවෙයි.


ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය හා කළුතර භෞතික සංස්කෘතික සමාජය අතර තරඟය

වැලිසර දී ආරම්භ වූ මෙම තරඟයේ කාසියේ වාසිය දිනු නාවික හමුදා ක්‍රීඩා සමාජය, පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. දෙවන දිනය අවසානයේ තම පිළිතුරු දෙවන ඉණිම ක්‍රීඩා කරන නාවික හමුදා ක්‍රීඩා සමාජය කඩුලු 3ක් දැවී ලකුණු 112ක් ලබාගෙන සිටියි.

කළුතර භෞතික සංස්කෘතික සමාජයේ පළමු ඉණිමට ලකුණු 44ක් එක්කරමින් රසික ප්‍රනාන්දු එම ඉණිමේ වැඩිම ලකුණු ලාභියා විය. ලකුණු 34ක වාසියක් ද සමඟින් ඇරඹුනු නාවික හමුදා ඉණිමට බුද්ධික හසරංග නොදැවී ලකුණු 55*ක් ලබාගෙන කඩුල්ලේ රැදීසිටියි.

නාවික හමුදා ක්‍රීඩා සමාජ පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 258 (පන්දුවාර 66):  සමීර සඳමාල් 79, අශාන් රණසිංහ 37, බුද්ධික හසරංග 33, කුසල් එදිරිසූරිය 33, රමේශ් සෙල්වරාජ් 3/42

කළුතර භෞතික සංස්කෘතික සමාජය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – සියල්ලන්ම දැවී 224 (පන්දුවාර 75.5): රසික ප්‍රනාන්දු 44, ක්‍රිශාන් දිනිදු 40, දිලංක ආයුර්වට් 4/52,

නාවික හමුදා ක්‍රීඩා සමාජ දෙවන ඉණිම (දෙවන දිනය අවසානයේ දී) – කඩුලු 3ක් දැවී ලකුණු 112 (පන්දුවාර 33): බුද්ධික හසරංග 55*, කුසල් එදිරිසූරිය 39*  

නාවික හමුදා ක්‍රීඩා සමාජය කළුතර භෞතික සංස්කෘතික සමාජයේ පළමු ඉණිමට වඩා තවත් ලකුණු 46ක් ඉදිරියෙන්  සිටියි.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට